spot_img

Lost (2007) Season 04 සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හරි මෙන්න හැමෝම ඇඟිලි ගැන ගැන මඟ බලාගෙන හිටපු ඔයාලාගේ සුපිරි සීරියස් එක ගෙනාවා. ලංකාවේ අපෙන් විතරයි ඉතිං මෙහෙම සුපිරි සීරියස්. ඉතිං ඔයාලාට මතක ඇති ලොස්ට් පරණ සීසන් ටික බැලුවා නම් අතරමං වුන කට්ටියට මොකද වුනේ කියලා. ජීවිත මැරි මැරි ජීවත උපද්වමින් ගලා යන මේ කතාව කවදා අවසානයක් දකීවිද?. මේ කතාවෙ නම් අවසන් වෙන්නෙ නෑ ඒකට තව ටික කාලයක් ගත වේවි. අවසන් සීසන් එක නිමා වන විට අතරමං වූ පිරිස දූපතේ දිවි ගෙවපු කාලය දින 90 ක් පමණ වෙනවා. ඒ කාලය තුල බලාපොරොත්තු ඇති කරමින් නැති කරමින් ඔන්න සීසන් 4 එකටත් සේන්දු වුනා.

ඉතිං ඔයාලා දන්නවානේ මේ කතාව ගියේ අපි කවුරුත් ආස චැනල් එකක් වන ABC නාලිකාවෙන් බව. ඉතිං January 31, 2008 තමයි සීසන් 4 එක ටෙලිවිෂනයේ ප්‍රථම වතාවට ගියේ. ඉතිං ඔන්න දැන් මේ කතාව සිංහල උපසිරැසි සමඟින් අද දිනයේදී ඔයාලාට සුම් වෙබ් අඩවිය තුලින් හිමිවනවා.ඒ වගේම මතක් කරන්න ඕන මේ පාර නියම කොලිට් බුලුරේ පිටපතක් තමයි ඔයාලාට සබ් දාලා ගෙනත් තියෙන්නේ. මේකේ නෙට් එකේ 2GB කොපි එකක් තිබ්බාත් ඒක බලන්න පුලුවන් මට්ටමක නැහැ. ඉතින් අපි මේ දෙන කොපිය ගැන නම් කතා දෙකක් නෑ අරගෙන බලන්න.

කතාව ගැන පොඩි හැදින්විමක් කරන්නම් මුල්ම සිසන් එකෙන් පෙන්වන්නේ මෙයාලා අනතුරට පත්වුන එක ගැනයි..මෙයාලගේ ජිවිත වල කලින් මේ අය මොන වගේ අයද කියන එක ගැනයි…ඒ වගේම කැලේ මැද්දෙන් මේ අයට හමුවෙන අරුම පුදුම උමග ගැනයි…දෙවැනි කතාව සම්පුර්ණයෙන්ම ගියේ අර හොයා ගත්ත හැච් එක ගැන. දෙවැනි සිසන් එක ඉවර වෙන්න ඒ හැච් එක කුඩුපට්ටන් වෙන්න පුපුරලා. තුන්වැනි සිසන් එක පටන් ගද්දි මෙයාලා අනතුරට පත් වෙලා දවස් 68ක් දැන් මේ දුපතේ ඉදලා තියනවා. ඒ අයට තවත් දුපතේ ඉන්න කට්ටියක් හම්බවෙනවා. තුන්වැනි සිසන් එක පුරාම ගොඩ නැගෙන්නේ දුපතේ ඉන්න “The Others” එහෙමත් නැත්නම් “අභිරහස් දුපතේ ජිවත් වන ගුප්ත වැසියන්”.ගැන. දැන් බලමු හතරවෙනි කතාවේ මොකද වෙන්නේ කියලා.ඒ වගේම මතක් කරන්න ඕන මේ කතාමාලාවේ අපි දැක්ක ගොඩක් චරිත කතාවෙන් සමුගනිවි. වැඩිය කියන්න ඕන නැහැ මෙන්න හතරවැනි කතාව ගැන පොඩි හැදින්විමක්.

මේ වෙන තෙක් පැමිණි ලොස්ට් කතාමාලාවේ යම් කිසි මධ්‍ය හැරවුමක් සීසන් 4 එකෙන් ඔබට ලැබේවි. සියලූම සිද්ධී සමඟ සන් සන්දනය කරලා බලනකොට මේ දූපත ගැන ඔයාලාට මේ පාර කතාමාලාවේදි හොද අදහසක් ලැබෙන්න ගනීවි. ඉතින් ලොක් නයෝමි ට පිහියෙන් දමලා ගහන සිද්දියෙන් තමා මෙදාපාර කතාව ඇවලීගෙන යන්නේ. මොකද මං හිතන විදිහට මෙදාපාර කතාමාලාවේ වැදගත් වෙන්නේ ජැක්ට වඩා ලෝක් තමයි. ලෝක් හා බෙන් අලුතෙන් කතාමාලාවට එකතුවන චරිත බවයි මගේ අදහස. ඒ වගේම “ජෙකොබ්” කියන්නේ කවුද ? අර කළු දුමාරය මොකක්ද ? ඒ වගේම ඒ නයෝමි ගේ නැවේ අයගේ නියම පරමාර්ථය කුමක්ද ? ඉතින් මේ ගේ කතාමාලාව පුරාවටම තිබුනු කුතුහලට මේ පාර සීසන් එකේදි ඔයාලාට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම පස්වැනි කතාමාලාව නම් ඉක්මනින්ම අනිවාර්යෙන් දෙන පොරොන්දුව පිට සමුගන්නවා.

“මේක නිකන්ම දුපතක් නෙවේ , මේක ප්‍රාතිහාර්ය සිද්ද වෙන තැනක්”
-ජෝන් ලෝක්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  16ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

Season 03 මෙතැනින් ලබාගන්න                  season 05 මෙතැනින් ලබාගන්න

ඩිලාන් මේනක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. නියමයි මචෝ….
    මේකට සීසන් එකට සබ් එක දෙන්නේ කවද්ද කියලා බල බල හිටියේ.
    සීසන් 5 ඉක්මනටම දෙන්න..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය….

  3. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

  4. SRT දියල්ලා බං මේ සබ් එක යන්නෙ හෙන යටින්.. අකුරුත් ඇදිල ගිහිල්ලා වගේනෙ. එකේකෙ device වලට එකේක විදිහ. 😥

    • ටික දවසකින් SRT එක දෙන්නම්. මාස ගනන් කට්ට කලා මේ විදියට දෙන සබ් කොහේවත් ඉන්න එවුන් උන්ගේ නම් ගහාගෙන හැම තැනම ෂෙයා කරවනවා SRT දුන්න ගමන්ම. ඒකයි IDX දැම්මේ. MXPLAYER එක හරි GOM එක හරි පාවිච්චි කලා නම් සබ හොදට පේනවා.

  5. අනිත් සීසන් තාම නැද්ද ? ඒ වත් ඉක්මනට දෙන්න.ආසාවෙන් බලපු කතාවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram