spot_img

Poseidon (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුප්‍රකට නළු Josh Lucas විසින්.ඒ වගේම Kurt Russell, Jacinda Barrett, Richard Dreyfuss යන අය විසින් සෙසු චරිත නිරූපණය කරනවා.කථාව ගැන කියනවනම් සැප පහසු ලෙස නිර්මාණය කරපු නැවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මෙම නැවේ විශාල පිරිසක් විනෝදකාමි ලෙසින් ගමන් ගන්නවා.මෙම නැව හෝටලයක් වගේ විශාල එකක්.මෙලෙස කතාව ගලාගෙන යන අතරතුර විශාල මුහුදු ‍රැල්ලකින් නැව අනතුරට පත්වෙනවා, එසේ ඔවුන් කවරදාවකවත් නොසිතූ දෙයකට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.එසේ අනතුරට පත් නැවේ මුහුදෙන් යට තියෙන කොටස උඩට ඇවිත් අනෙක් උඩ කොටස මුහදට යට වෙනවා.ඒ කියන්නේ නැව උඩු යටිකුරු වෙනවා.මෙම නැව ලේසියෙන් ගිලෙන්නේ නැති විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.මෙම අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යන අතර සුළු ප්‍රමාණයක් ඉතුරුවෙනවා.ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.සේරම උඩු යටිකුරු වී ඇති නිසා මොවුන්ට යන්න වෙන්නේ ලේසි පහසු ගමනක් නම් නොවේ.වෙනදා ගමන් කර හුරුපුරුදු වූ ලිෆ්ට්,පඩිපෙලවල් දැන් සේරම තියෙන්නේ අනිත් පැත්තටයි.ගතවන සෑම තත්පරයක් පාසාම ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවීමට මොවුන්ට් හට සිදුවෙනවා.ආපදා තත්වයකදී මිනිසුන්ට මුහුණ දීමට සිදුවන තත්වය,ඔබට මෙම චිත්‍රපටය නැරඹීමෙන් අත්විදගත හැකිය.බිය,අවදානම,කතුහලය,ත්‍රාසය,සැක එකට මුසුවූ ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ “පොසිඩන්” චිත්‍රපටය ඔබ සැම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක් ලෙස මම නිර්දේශ කරනවා.ඒ වගේම උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා,මෙවැනිම චිත්‍රපටයක් සමග නැවතත් හමුවෙමු!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නවීන් රන්දික පෙරේරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:

    Thunder Force (2021)
    The Dry (2020)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram