spot_img

Sufiyum Sujatayum (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

දුක දෙන්නේද දෙවියන්ය..
දුක දුරු කරන්නේද දෙවියන්මය..

මේ පෘතුවියත් දෙවියන්ය..
මගේ ස්වර්ගයත් දෙවියන්මය..

ගිණ්දරත් දෙවියන්ය..
තුෂරයද (හිම) දෙවියන්මය..

මගේ සංතෝශයත් දෙවියන්ය..
මගේ ආකාශයද දෙවියන්මය..

උස්තාද් කැමති වුණොත්, මේකයි මගේ මංගල තෑග්ග.
නැති වුනෝතින්, ඔයා මේක මට ආපහු දෙන්න ඕනේ.
මැරුණමත් මගෙත් එක්කම මේ මාලේ වැළලෙන්න ඕනේ.

දුවේ ගිය අය ගියාදෙන්..
ඔයා තව ඔය දේවල් හිතන්න එපා..
රාජීව් මේ වගේ කථා කරනවා මං මීට කලින් දැකලම නෑ..
ඔයාටත් එක දුවෙක් ඉන්නවා…

2020 වසරේ නිකුත් වුණ “සුෆියුම් සුජාතයුම්” නම් මලයාලම් චිත්‍රපටයට සිංහල උපසිරැසියක් අරගෙනයි ආවේ. නමේ තේරුම වෙන්නෙ “සුෆී සහ සුජාතා” කියන එක. සුජාතා කියන්නේ ගොළු දැරියක්. නමුත් ඇය ඉපදෙද්දිම අඩාගෙනම ඉපදුනත් පස්සෙ කොහොම ගොළු වුනාද කියන එක ඇයගෙ පියාට පවා ප්‍රශ්ණයක්. සුෆී කියන්නෙ සුජාතගෙ ගමේ ජින් පල්ලියට පැමිණෙන සුෆීවරයෙක්.

සුෆී සකල කලාවටම දක්ෂ කෙනෙක්. සුජාතා කියන්නේ නැටුමට ආස කරන කෙනෙක්. මේ දෙන්නගෙම පොදු සාධකයක් වූ නර්ථනය හරහා මොවුන් දෙපළ එකතු වෙන්නේ සැමටම හොර රහසේ. මොකද ආගම කුල භේද ගැන තර්ක තියෙන සමාජ වට පිටාවකයි ඇය ජීවත් වෙන්නේ.

චිත්‍රපටිය වර්ථමාන මරණයකින් ඇරඹෙනවා සේම, සුජාතාව වෙන තැනක වෙනම විදියකට පෙන්වා ප්‍රේක්ෂක කුතුහලය ඉහලටම නංවනවා. මේ කුමක්ද වුනේ කියන ප්‍රශ්ණයට පිළිතුර චිත්‍රපටය ඔස්සේ සොයා ගන්නට අපට සිදු වෙනවා. මොවුන්ගේ ආදර කථාව ලෙහෙසි පහසු එකක් නම් වූයේ නැහැ. සැබෑවටම මේ ගොළු ආදරය ජය ගත්තාද?

Drama, Romance ඝණයට අයත් මෙම චිත්‍රපටයේ සුජාතා ලෙසින් “අදිති රාඕ” රංඟණයෙන් දායක වෙනවා. පුරා පැය දෙකකට වැඩි කාලයක් කිසිදු දෙබසකින් තොරව ඈ ප්‍රේක්ෂකයා අතරට හරි අපූරුවට පැමිණෙන්නට සමත් වෙනවා. සුෆී ලෙස “දේව් මෝහන්” සහ රාජීව් නම් චරිතයට “ජයසූර්‍යා” පණ පොවනවා. IMDb අගය 5.5ක් ලබාගෙන තියෙනවා. තාමත් මේ ලස්සන මලයාලම් නිර්මාණය නොබෙලූ අයෙක් සිටී නම් ඔන්න එහෙනම් සියළු ගීත, යාතිකා වලද උපසිරැසි සහිතවම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් “නිහඩ හදවතේ ඉකිබින්දා ආදරේ” වගේ මේ කථාව බලන්න.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram