Hachi: A Dog’s Tale මේ චිත්රපටිය නොබලා ඇත්තේ කියෙන් කිදෙනාද? ඔබ ඇත්තටම බව්වන්ට ආදරෙයි නම් අනිවාර්යෙන් අර කිව්ව චිත්රපටිය නරඔලා ඇති. ඒ චිත්රපටිය හදපු අධ්යක්ෂකවරයාගේම තවත් එවැනිම සංවේදි කතාවක් තියන චිත්රපටියක් තමයි මේ අරන් ආවේ… බල්ලෙක් තමන්ව මුලින්ම හදාගන්න කෙනා අතර ඇතිවන බැදිම මොන වගේද? ඒක ආත්ම ගානක් පුරා දිවෙනවා. විශ්වාස නැත්නම් මේ චිත්රපටිය ඔයාට ඒ කතාව විශ්වාස කරලා දේවි. අර කතාවකුත් තියනවා නේ බල්ලන්ට එක පාරක් හරි කන්න දිපු වගේම සැලකුව කෙනාව හොදට මතකයි කියලා… කොහොමත් සුනඛයින් කියන්නේ පුදුමාකාර සත්ව කොට්ටාශයක්. ඔවුන් මිනිසුන්ට පුදුමාකාර ඇල්මක් දක්වනවා. සමහරු නම් බල්ලන්ට කැමැති නැහැ… නමුත් සත්තුන්ට ආදරය කරන අයගේ හොදම සුරතලෙක් තමයි බව්වෝ කියන්නේ.
මේ කතාවෙන් දිග හැරෙන්නේ බේලී කියන බල්ලගේ ජීවිත කතාව. ජීවිත කතාවට වඩා ඒක හැඟීම් බර ආත්ම කතාවක් කිව්වොත් තමයි හරි. imdb 6.0ක වගේ අගයක් ගත්තු මේ ලස්සන චිත්රපටියේ බව්වාට අමතරව අපි ආදරය කරන චරිත කිහිපයක්ම රංඟනයෙන් දායක වෙනවා. සත්තුන්ට පන ඇරලා ආදරය කරන කෙනෙක් නම් ටිෂු ටිකක් එහෙම ලඟ තියාගෙන පොඩ්ඩක් හැඟිම්බර වෙලා අඩන්නත් ලැස්ති වෙලා චිත්රපටිය නරඔන්න ලැස්ති වෙන්න. තවත් චිත්රපටියකින් හමුවෙනතුරු සමුගන්නම්….
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk