spot_img
spot_img
More

    A Frozen Flower (2008) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මෙදා පොටේ අරන් ආවෙ ඇගේ නූල් පොටක්වත් නැති නිරුවත් දර්ශන බොහෝමයකුත් සහිත අනර්ඝ ගණයේ කොරියන් චිත්‍රපටයක්…මේක ඇවිල්ලා මං ගහන පළමු කොරියන් උපසිරැසිය වගේම මේ චිත්‍රපටය සදහා බොහෝ සම්මාණ පවා ලැබිලා තියෙනවා.මේක ඇවිල්ලා රජ සමයෙ එකක් නිසා, භාෂාව හසුරුවාගන්නත් මට වෙලාවක් ගියා…සාමාන්‍ය ව්‍යවහර නෙවේනේ…ලියන භාෂාවට හුරු භාශාවක් නොවැ…ඔයා මෙයා කියන්නයැ…..ඔබ..නුඹ..අම්බෝ සෑහෙන වාරයක් යෙදුණා..

    IMDb අගය 7.1 යි අරගෙන තියෙන මේ Historical චිත්‍රපටය Action | Romance කියන ගණයට අයත් වෙනවා….මෙහි නළු නිළි කැල ගැන සදහන් නොකරම බෑ..රජතුමානම් කට්ටිය හුගක් ෆිල්ම් වල දැකලා ඇති..ඒ නැතත් ජාතික රූපවාහිණියේ සිoහල හඩ කවලා ගිය “සූරිය දියණි” කථා මාලාවෙ රජතුමාම තමයි…මේකෙ රජතුමා ඇවිල්ලා GAY පුද්ගලයෙක්..

    Joo Jin-Mo (රජතුමා)
    Song ji-Hyi  (අග බිසව)
    Jo In-Sung  ( හොoග් ප්‍රධානී)
    මේක ලැබිලා තියෙන සම්මාන හා නිර්දේශයන් ගැන කියනවනම් මෙහෙමයි..
    2009 Beaksang Art/Grand Bell/ Blue Dragon ආදී සම්මාන උළෙලවල් වලින්
    👉 Best Actor (joo jin mo)
    👉 Best Art Direction
    👉 Best Music
    යන සම්මානත්….එම උළෙලවල් වලදීම…
    👉 Most Popular Actress
    👉Best Film
    👉Best Lightning
    👉 Best Costume Design
    👉Best Cinematography

    කියන සම්මාන සදහාත් නිර්දේශ වෙලා තියෙනවා වගේම ජූරියේ විශේෂ සම්මානය චිත්‍රපටයේ අධ්‍යක්ෂක Yoo Ha ට හිමි වෙලා තියෙනවා…

    කතාව ගැන කියනවනම් මෙහෙමයි…..යුවාන් නම් අධිරාජ්‍යක් යටතේ ගෝරියෝ නම් දේශයේ මාළිගයක් තියෙනවා…මෙම මාළිගයේ සිරිතට අනුව ගෝරියෝවෙ රජු යුවාන් කුමරියක් සරණ පාවා ගත යුතුයි…වර්තමාන රජතුමත් එළෙස සරණපාවා ගෙන තමයි ඉන්නෙ….ඔහොම කල් ගෙවෙන කොට යුවාන් වලින් නියෝගයක් එනවා ගෝරියෝවෙ රජතුමාට මේ වෙනකනුත් උරුමක්කරයෙක් නොමැති නිසා යුවාන් දේශයේ කුමාරයෙක්ව රජ කරවනවා කියලා..රජතුමාත් දැඩි කනස්සල්ලට පත්වෙනවා ඔටුන්නට හිමිකම් නොකියන විදෙස් අයෙක්ට සිහසුණ පවරන්න….රජු සරණ පාවා ගත් යුවාන් කුමරියත් රජුට සහය දෙනවා. රජුට උරුමක්කරයෙක් නැත්තෙ රජු කාන්තවන් ඇසුරු නොකරන පිරිමින්ට පමණක් කැමති අයෙක් නිසයි….ඔහොම සමය ගෙවෙන කොට බැරිම තැන රජතුමා, තම **කුන්‍ රොන්ග්වේ** නම් රාජකීය සේනාoකයේ රජතුමාත් එක්ක සිරියහන් ගැබ බෙදාගන්නා විශ්වාසනීයම සෙබළා හොoග් ප්‍රධානී ලවා බිසව පිළිසිදවන්න අදහස් කරනවා..බිසවටත් වෙන කරන්න යමක් ඉතුරු නොවීමත් සමග එකග වුනත් රාත්‍රීයේ බිසව වෙතට  පැමිණෙන හොoග් ප්‍රධානීට මෙය අපහසු කටයුත්තක් වෙනවා. කොහොමෙන් කොහොම හරි දවස් දෙක තුනක්ම බඩ ගාල තමයි අවසානයේ අනින්නේ…ඔහොම කාලය ගෙවෙන කොට අගබිසව සහ රජුගෙ විශ්වාසනීයම යතත්වැසියා හොoග් ප්‍රධානී අතර කාමය නිසා ආලයක් හට ගන්නවා..රජුට හොරෙන් පුස්ථකාලයට වී අනින ටිකක් තියෙනවා…පොඩි අය බලන්න එපා…මාත් මහ එකෙක්‍ යැ..😁 කැමතිනම් බලපියව්..(අහ් ඒක කමර්ශල් ඇඩ් එකක්)
    ඉතිo ඔක්කොම කියන්න බෑ…මේ හොර සම්බන්දෙ රජතුමාට මාට්ටු වෙයිද…මාට්ටු උනොත් මොනවා වෙයිද…මාර දඩුවම් තමා තියෙන්නෙ 😂…ආලය කොතරම් නම් දුරක් යයිද…උරුමක්කරයාට කුමක් වෙයිද…යුවාන් කුමරෙකු ගෝරියෝවේ රජ වෙයිද…හබක් එහෙම වුණොත්…
    මේ සියල්ල දැනගන්න නම් බලන්න…A Frozen Flower චිත්‍රපටය…මේකට දාන්න නමක් හිතාගන්න බෑ මට තාම..😑
    බලන්න කියලා ආරාධනා කරන ගමන් ආයෙ සතියකින් විතර හම්බවෙමු…ඒ අතරෙ Zoomlinkhub එකට එකක් දෙනවා..රැදී ඉන්න..😁
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” A.Frozen.Flower.(2008).Sinhala.Subtitle.rar – Downloaded 3209 times – 31 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. අනේමන්දා මං මේ වගේ වැඩිහිටියන්ට පමණයි ඒව බලන්නෙත් නෑ 😌 සබ් එක ගහපු මහන්සිය අපතෙ යවන්න බැරි නිසා බලනව ඉතිං නැත්තං මේ ජාතියෙ ඒව බලන්නෙම නෑ 😁😁

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram