spot_img

A Street Cat Named Bob (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අලුත් අවුරුද්දක් ලබනවා ඒ කියන්නේ 2018 වසර. ඒ වසර උදා වෙද්දි මං හිතුවා ජිවිතේට අලුත් බලාපොරොත්තුවක් කැන්දන් එන වටිනා චිත්‍ර‍පටියක් අරන් එන්න. අපේ ජිවිතේ කොයි තරම් අපට ලගා කරන්න බැරි වුන දේවල් තියනවාද සමහර විට අපි හිනාවෙලා හිටියාත් අපිට ගොඩක් ලොකු ප්‍ර‍ශ්න තියෙන්නේ පුලුවන්. මිල මුදල් නැහැ එතකොට ජිවිතේ දැනෙන ඇතැම් තනිකම්…කොහොම හරි මේ චිත්‍ර‍පටියේ ඒ හැමෝටම පුංචි බලාපොරොත්තුවක් ගෙන්න පුලුවන් දෙයක් අන්තර්ගත වෙනවා…

මෙහි කතාව ගැන කිව්වොත් ජේම්ස් බ්‍ර‍වුන් කියන්නේ මත්ද්‍ර‍ව්‍ය වලට ඇබ්බැහි උන පාරේ සිංදු කිය කිය යන පුද්ගලයෙක්. මොහු සිංදු කිව්වාත් අඩුම ගානේ එදා වේලට යන ගානවත් හොයාගන්නට ලැබෙන්නේ නැහැ. පාරේ තියන කුණු බක්කි වල ඉතුරු වෙච්ච කැම කාලා තමයි මොහු ජිවත් වෙන්නේ. අඩුම ගානේ මොහු සිංදු කියන්න එද්දි සමහර මිනිස්සු බැනලා එලවගන්නවා. කොහොම හරි මෙහෙම ගත වෙද්දි ජේම්ස් බ්‍ර‍වුන්ගේ ජිවිතේට පුංචි අමුත්තෙක් එනවා. ඒ කවුරුත් නෙමෙයි පුංචි දුබුරු පාට පුසෙක්. මේ පුංචි පුසා එන්නේ ජේම්ස්ගේ ජිවිතේට දෙවැනි අවස්ථාවක් අරගෙන. ඒක මුලින් ජේම්ස්ට තේරෙන්නේ නැහැ. නමුත් මේ පුංචි පුසා නිසා වගේම ජේම්ස් ගේ උත්සහාය නිසාම ඔහු තමන්ගේ ජිවිතේ හොද තැනකට අරන් එනවා. මේක සැබැවටම සිදුවු කතාවක්. ඒ නිසායි මං ඔයාලට මේක අරන් එන්න තිරණය කලේ. හැබැවටම මේ වගේ දේවල් වෙනවා. අපේ ජිවිතේට දෙවැනි අවස්ථාවක් එනවා. නමුත් අපි ඒක කොයිවෙලාවේ කොහොම ප්‍රයෝජනයට ගන්නවාද කියන එක අපිට අයිති වැඩක්. එහෙනම් මේ අලුත් අවුරුද්දේ හිතට සැනසිමක් සතුටක් එන්න මේ චිත්‍ර‍පටිය බලලාම සුම් එකේ වැඩ පටන් ගමූ. එහෙනම් හමුවෙමු තවත් හොද චිත්‍ර‍පටියකින්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram