spot_img
spot_img
More

    Aadhi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔබ මලයාලම් චිත්‍රපට රසිකයෙක් නම් Memories (2013), Drishyam (2013), Oozham (2016) වගේ චිත්‍රපට අනිවාර්යෙන්ම නරඹන්නට ඇති. එහෙම නරඹා තිබෙන කෙනෙකු නම් ජීතු ජෝසප් කියන නාමය නුහුරු නුපුරුදු නාමයක් වෙන්නට බැහැ. මොකද ඔහු ඒ තරමටම මලයාලම් චිත්‍රපට රසිකයන් අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ නවතම සිනමා නිර්මාණය තමයි Aadhi. ප්‍රවීණ රංගන ශිල්පී මෝහන්ලාල්ගේ පුත්‍රයා ප්‍රනව් මෝහන්ලාල් ප්‍රධාන භූමිකාවට පණ පොවන ‘ආදි’ චිත්‍රපටය ජීතු ජෝසප්ගේ පෙර නිර්මාණයන් වගේම Thriller චිත්‍රපටයක් හැටියට නිර්මාණය වෙලා තියෙනවා වගේම 7.1/10ක IMDB දර්ශක අගයක් හිමිකරගන්නටත් සමත්කම් දක්වලා තියෙනවා.

    ආදිත්‍ය මෝහන් (ප්‍රනව් මෝහන්ලාල්) කියන්නේ මතු දිනෙක දක්ෂ සහ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්න සිහින මහන තරුණයෙක්. ඒ වගේම ඔහු Parkour ක්‍රීඩාවේ අති දක්ශයෙක්. (Parkour ගැන පහළින් හැඳින්වීමක් කරලා තියෙනවා) සංගීතඥයෙක් වීමේ හීනය හැබෑ කරගන්න ලොකු වෙහෙසක් ගනිමින් ඉන්න ආදිට අවස්තාවක් ලැබෙනවා බැන්ගලෝර් නගරයට ගිහින් එහි තිබෙන ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක ගීත ගායනා කරන්න. ඒ සමාජ ශාලාවට නිතර සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයන් යන එන නිසාවෙන් ආදි ඒ අවස්තාව පැකිලීමකින් තොරවම බාරගන්නවා. නමුත් ගීත ගායනා කරන්නට එහි යන ආදිට මුහුණ දෙන්නට සිද්ද වෙන්නේ සිහිනෙන්වත් නොසිතූ අවාසනාවන්ත සිද්දියකට. යම් කිසි හේතුවක් නිසාවෙන් එහි සිටින තරුණයන් දෙදෙනෙකු ආදි සමගින් ගැටුමක් ඇති කරගන්නවා. එහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ එයින් එක් තරුණයෙකු එම සමාජ ශාලා ගොඩනැගිල්ලේ ඉහළම තට්ටුවෙන් පහළට වැටී මිය යාම. එම මරණය ආදිගේ වරදින් සිදු වූවක් නොවුනත් ඒ මිනීමැරුම් චෝදනාව එල්ල වෙන්නේ ආදිට. එතනින් එහාට ආදිට කරදර රාශියකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මිය ගිය තරුණයාගේ ධනවත් පියා සහ ඔහුගේ සහචරයන් පොලිසියේ සහායද ඇතිව පලිගැනීමේ චේතනාවෙන් මුලු බැංගලෝර් නගරයම පීරමින් ආදිව සොයද්දි ජීවිතය බේරා ගැනීමේ දුෂ්කර සටනක තනිවම නිරත වෙන්නට ආදිට සිද්ද වෙනවා. මේ සටන කොතනින් කෙළවර වේවිද? තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්නට ආදිට හැකි වේවිද? ඒ හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා මේ පැය දෙක හමාර ඇතුලේ.

    ඔබ District 13, Brick Mansions, Tracers වගේ හොලිවුඩ් චිත්‍රපට නරඹලා තිබෙනවා නම් Parkour කියන ත්‍රාස්‍යජනක ක්‍රීඩාව ඔබට අලුත් දෙයක් වෙන එකක් නැහැ. තාප්ප උඩින්, වැටවල් උඩින්, තරප්පු පෙලවල් දිගේ විතරක් නෙවෙයි උස ගොඩනැගිලි මතින් පවා පනිමින් දිව යන සෑහෙව අවධානම් සහ අනතුරුදායක ක්‍රීඩාවක් තමයි Parkour කියන්නේ. හොලිවුඩ් චිත්‍රපටවලට Parkour අලුත් දෙයක් නොවුනත් ඉන්දියානු චිත්‍රපටයක විශේෂයෙන්ම මලයාලම් චිත්‍රපටයක මේ Parkour ක්‍රියාදාම පළමුවරට දැකගන්නටත් ආදි චිත්‍රපටය නරඹන ඔබට හැකි වේවි. ආදේශක නලුවෙකු නැතිව ප්‍රනව් විසින්ම තමයි එම ක්‍රියාදාම දර්ශනවලට පෙනී සිට තිබෙන්නේ. ඔහු Parkour ක්‍රීඩාව ගැන ඉතාමත් හොඳ හැදෑරීමක් කරපු පළපුරුදු Parkour ක්‍රීඩකයෙකු බවත් චිත්‍රපටය නරඹන ඔබට දැකගන්නට පුලුවන් වේවි.

    තවත් දෙයක් අනිවාර්යෙන්ම මතක් කරන්නට ඕනේ. මේ චිත්‍රපටය අදාලව අන්තර්ජාලයේ තිබුනු ඉංග්‍රීසි උපසිරැසිය චිත්‍රපටයේ DVD පිටපත එක්ක ගැලපුනේ නෑ. ලොකු ටයිමින් අවුලක් තිබුනා. අපේ නවීන් රන්දික මලයා තමයි ඒ වැරදි නිවැරදි කරලා උපසිරැසිය DVD පිටපතට ගැලපෙන විදියට සකස් කරලා දුන්නේ. නවීන්ට බොහොම ස්තූතියි ඒ උදවුවට. ඒ වගේම නවීන්ව සම්බන්ද කරගෙන ඒ වැඩේ කරවලා දුන්නු දර්ශන නිශාන්ත අපේ ඇඩ්මින්තුමාටත් බොහොම ස්තූතියි. හොඳයි එහෙනම් හැමෝම චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා නැවතත් මතක් කරන ගමන්ම තවත් උපසිරැසියක් සමගින් හමුවෙන බලාපොරොත්තුව ඇතිව මම සමුගන්නවා. ඔබට සුභ දවසක්!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති DVD පිටපත් සදහා ගැලපේ

     

    Download “Aadhi (2018) සිංහල උපසිරැසි” Aadhi.(2018).Sinhala.Subtitle.rar – Downloaded 202 times – 52 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram