More

    PK (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    PK (2014) Sinhala Subtitle

    එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපටයක් උපයා ගත් වැඩිම ආදායම වාර්තා කරමින් බොක්ස් ඔෆිස් වාර්තා උඩි යටිකුරු කරමින් ඉන්දියාවට සමගාමීව ‍ලොව පුරා තිරගත වූ PK (2014) චිත්‍රපටයයි අද මෙලෙසින් ඔබ වෙත පිරිනැමෙන්නේ. ඉන්දියවේ තිරගත වූ පළමු දිනය තුළ රුපියල් කෝටි 26ක් උපයාගත් පීකේ චිත්‍රපටය පළමු සති අන්තය වන විට එම ආදායම තත්ත්වය කෝටි 95ක් දක්වා ඉහළ දමා ගැනීමට සමත් වුනා. තිරගත වීම ආරම්භ කර සතියක් ගෙවෙද්දී එහි ආදායම වාර්තා වුනේ කෝටි 192ක් ලෙසටයි. එය 2014 වර්ෂයේ චිත්‍රපටයක් විසින් සතියක් තුළ උපයා ගත් වැඩිම ආදායම ලෙසද වාර්තා වුනා. චිත්‍රපටය තිරගත වී අවසන් වන විට ඉන්දියාව තුළ පමණක් රුපියල් කෝටි 340ක වාර්තාගත මුදලක් උපයා ගත් පීකේ චිත්‍රපටය ලොව පුරා තිරගත වීමෙන් ලද මුළු ආදායම කෝටි 600 ඉක්මවා ගියා. මීට පෙර බොලිවුඩ් චිත්‍රපටයක් විසින් උපයාගෙන තිබූ වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් කීවේද අමීර් ඛාන් විසින්ම ප්‍රධාන චරිත නිරූපණය කල චිත්‍රපටයක් වන Dhoom 3 (2013) චිත්‍රපටයයි. එහි මුලු ආදායම රුපියල් කෝටි 542ක් ලෙස වාර්තා වුනා.

    ආදායම් තත්ත්වය එසේ වෙද්දී චිත්‍රපටය ලැබූ ඇගයීම් ගැනද සඳහන් නොකර බැහැ. ‍‍ලොව පුරා සිනමා චිචාරකයන්ගේ නොමද පැසසුමට ලක් වූ PK චිත්‍රපටය පසුගිය ජනවාරි මස 31 වන දින පැවති ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම තිර රචනය, හොඳම කතාව, හොඳම දෙබස්, හොඳම සංස්කරණය, සහ හොඳම වේශ නිරූපණය යන සම්මාන සඳහා නිර්දේශයන් අතරට එක් වූ අතරම එහිදී සම්මාන කිහිපයක් දිනා ගැනීමටද සමත් වුනා. පීකේ චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට අමීර් ඛාන් අසමත් වුවද මෙම චිත්‍රපටයේ ඔහු කළ රංගනය අති විශිෂ්ඨ බව නම් මතක් කළ යුතුමයි.

    ෆිල්ම් ෆෙයාර් හැරුණුකොට තවත් සම්මාන උළෙලවල් ගණනාවකදී සම්මානයට පාත්‍ර වූ PK චිත්‍රපටයට ලැබූ රසික ප්‍රතිචාරද ඉහළින්ම ලැබුණා. IMDB දර්ශක අගය 8.5/10ක් ලෙසින් වාර්තා වීමම එයට හොඳ නිඳසුනක්. 3 Idiots (2010) චිත්‍රපයටයේ නිර්මාපකයා වූ Rajkumar Hirani ගේ අධ්‍යක්ෂණ කාර්යයක් ලෙසින් නිම වූ PK චිත්‍රපයේ සංස්කරණ දායකත්වයත් ඔහුගේමයි. සිනමාකරණයෙන් C.K. Muraleedharan සහ සංගීතයෙන් Atul Gogavale සමගින් Shantanu Moitra දායක වී ‍තිබෙනවා. ප්‍රධාන නළු නිළි යුවල ලෙසින් අමීර් ඛාන් (පීකේ) සහ අනුෂ්කා ෂර්මා (ජග්ගූ) රංගනයෙන් දායක වන අතර බෝමන් ඉරානි, සුෂාන්ත් සින්ග්, සන්ජේ දත්, සෞරබ් සුක්ලා වැනි දක්ෂ රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයද මෙම චිත්‍රපටයට ලැබී තිබෙනවා.

    පිටසක්වල ජීවීයෙකු පෘථිවියට ගොඩ බසින දර්ශණයකින් තමයි චිත්‍රපටය ආරම්භ වන්නේ. ඔහු ගොඩබසින්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයට. ඔහු තමන්ගෙ ලෝකය සමගින් සන්නිවේදනය කිරීම සඳහා භාවිතා කරන උපකරණය මාලයක් ආකාරයෙන් ගෙල පැලඳගෙනයි ඉන්නේ. ඔහුගේ එම උපකරණය කිසියම් පුද්ගලයෙක් විසින් පැහැර ගනු ලබනවා. තමන්ගේ ලෝකය වෙත නැවත යාමට නම් ඔහු එම උපකරණය සොයා ගතයුතුම වනවා. ඔහුට මුණ ගැසෙන මිනිසුන් පවසන්නේ එම උපකරණය සොයා දීමට හැක්කේ දෙවියන්ටම පමණක් බවයි. දෙවියන් පිළිබඳවවත්, ආගම් පිළිබඳවවත් කිසිදු අවබෝදයක් නැති ඔහු උපකරණය සොයා දිය හැකි එම දෙවිවරයා සිටින්නෙ කොහැදැයි සොයමින් යනවා. නගරය පුරා දෙවියන් සොයා යන ගමනේ ඔහු මුහුණ දෙන සිදුවීම් මාලාවක අපූරු පෙළගැස්මක් ලෙසින් නිර්මාණය වී ඇති PK චිත්‍රපටය මගින් අන්ධ විශ්වාසයන් මත පදනම්ව එහිම ඇලී ගැලී දිවි ගෙවන මිනිසුන්වත්, ආගම් තුළ‍ට අන්තගාමී ආකල්ප ආරෝපණය කරන්නන් හා ආගම උකසට තබා මිනිසුන් මුලාවේ හෙළමින් බඩ වඩාගන්නන්වත් සියුම්ව උපහාසයට ලක් කරමින් සමාජයට ඉතාමත් හොඳ පණිවිඩයක් දීමට සමත් වී තිබෙනවා. චිත්‍රපටය පුරාවටම ප්‍රෙක්ෂකයා සිනහ ගන්වන්නට සමත්වූ අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයේ අවසානයට ඉතාමත් සංවේදී මුහුණුවරක් ලබා දී තිබෙනවා. බොලිවුඩ් රසිකයන්ට වගේම බොලිවුඩ් විරෝධීන්ටත් මෙම චිත්‍රපටය ඉහළින්ම නිර්දේශ කරන්නට කැමතියි. තවත් චිත්‍රපටයක් සමගින් හමු වන බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා ඔබට සුභ දවසක්, සතුටින් ඉන්න!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD හා DVD පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “PK (2014) සිංහල උපසිරැසි” PK.(2014).Sinhala.Subtitle.rar – Downloaded 442 times – 108 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram