today-is-a-good-day
More

    Dangal (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2016 වසරේදි අතිමහත් ප්‍රෙක්ෂක, විචාරක ප්‍රසාදයක් දිනාගත් සහ දැවන්තම ආදායම් වාර්තා පිහිටවූ චිත්‍රපටය වුනේ ‘දාන්ගල්’ චිත්‍රපටය. සිනමා රසිකයින් නරඹන්නට මග බලාගෙන සිටි චිත්‍රපටයක් කිවුවොත් වඩා නිවැරදියි. වසරකට එක් චිත්‍රපටයකට පමණක් රංගනයෙන් දායක වන අමීර් ඛාන්ගේ විශිෂ්ඨ රංගන වින්‍යාසයෙන් හැඩ වු ‘දාන්ගල්’ චිත්‍රපටය ලොව පුරා තිරගත වූ කාලය තුල ඉන්දියානු රුපියල් කෝටි 1400කට වැඩි ආදායමක් උපයා ගත්තා. එය එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපටයක් උපයා ගත් වැඩිම ආදායම ලෙස වාර්තා පොත් අතරට එක් වුනා. මින් පෙර එම වාර්තාව තිබුනේ අමීර් ඛාන්ම රංගනයෙන් දායක වුනු ‘PK’ චිත්‍රපටය නමින්. (මීට සති කිහිපයකට කලින් තිරගත වීම අරඹපු බාහුබලී දෙවන චිත්‍රපටය ‘දාන්ගල්’ චිත්‍රපටය 2වන තැනට ඇද දමමින් ඉන්දියානු චිත්‍රපටයක් එදා මෙදා තුර උපයා ගත් වැඩිම ආදායමට හිමි වාර්තාව තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගත්තා ඉන්දියානු රුපියල් කෝටි 1600කට වැඩි ආදායමක් උපයා ගනිමින්)

    ලබා ගත් අති මහත් ප්‍රේක්ෂක ආකර්ෂණය නිසා දැවැන්ත ආදායම් වාර්තාවන්‍ට හිමිකම් කියපු දාන්ගල් චිත්‍රපටයට ලැබුනු විචාරක ප්‍රසාදයේත් කිසිම අඩුවක් වුනේ නැහැ. 2016 වසරට ආදාලව පැවැත්වුනු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල ඇතුලු තවත් සම්මාන උළෙලවල් ගණනාවකදිම ‘දාන්ගල්’ චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුනා. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදි හොඳම නළුවා, හොඳම චිත්‍රපටය ඇතුලු තවත් සම්මාන කිහිපයක්ම තමන් සතු කර ගන්නට ‘දාන්ගල්’ චිත්‍රපටය සමත් වුනා.

    IMDB දර්ශක අගය 8.8ක් ලෙස සටහන් කරගන්නට සමත් වූ ‘දාන්ගල්’ චිත්‍රපටය නිතේෂ් තිවාරිගේ ගේ අධ්‍යක්ෂණයක්. අමීර් ඛාන් සමගින් සාක්ෂි තන්වර්, ෆාතිමා සානා, සාන්යා මල්හෝත්‍රා, සයිරා වසීම් සහ සුහානි භට්නාගර් ප්‍රධාන රංගන දායකත්වය සපයනවා. අමීර් ඛාන් ප්‍රමුඛ කොටගත් සියලූම රංගන ශිල්පීන්ගේ චිත්‍රපටයට උපරිම දායකත්වය ලෑබී තිබූ බව කිව යුතුමයි. මෙම චිත්‍රපටය හරහා සිනමාවට ප්‍රවිශ්ඨ වෙමින් ගීතා සහ බබීතා ලෙස රංගනයේ යෙදුනු නවක නිළියන් කිහිප දෙනාග් රංගනය ඉතාමත් ඉහළ මට්ටමක තිබුනා.චිත්‍රපටයේ ජීවගුණය ඉහළින්ම රඳවාගන්න ඔවුන් ලබා දී තිබුනු දායකත්වය නම් ඉතාමත් ඉහළයි. ඒ වගේමයි ආරම්භයේ පටන් අවසානය දක්වා ප්‍රේක්ෂකයාව චිත්‍රපටයට නතු කරගන්නට සංගීතයෙන් ලැබී තිබුනු දායකත්වය. ප්‍රිතම් තමන්ගේ කාරිය හරියටම කරලා තිබුනා.

    ඉන්දීය මල්ලවපොර ඉතිහාසයම උඩියටිකුරු කළ මහාවීර් සින්ග් පෝගාට් සහ ඔහුගේ දියණියන් දෙදෙනා වන ගීතා සහ බබීතාගේ ජීවිත කතාව අලලා තමයි ‘දාන්ගල්’ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. මහාවීර් සින්ග් පෝගාට් මල්ලවපොර ක්‍රීඩාවට බොහෝම හපන්කම් ඇති ඉතාමත් දක්ෂ හැඩි දැඩි තරුණයෙක්. ඔහුට සැබෑ වුවමනාවක් තිබුනා තමන්ගේ රට වෙනුවෙන් මල්ලවපොර ක්‍රීඩාව හරහා රන් පදක්කමක් හිමි කර දෙන්න. නමුත් තිබුනු දැඩි ආර්ථික අපහසුතා නිසාත් රජයෙන් ඔහුගේ ක්‍රීඩා ගමනට කිසිදු සහයෝගයක් නොදැක් වූ නිසාත් ඔහුට සිදු වුනා අකමැත්තෙන් වුවත් මල්ලවපොර ක්‍රීඩාවට සමුදී වෙනත් රැකියාවක් තෝරා ගන්නට. මල්ලවපොර ක්‍රීඩාව අතහැරියත් ඔහු හැමදාම රට වෙනුවෙන් දුටු සිහිනය අත හැරියේ නැහැ. ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වුනේ තමන්ට කළ නොහැකි වූ ඒ වික්‍රමය තමන්ගේ පුතෙකු අනිවාර්යෙන්ම යම් දිනෙක කරනු ඇති බවයි. එම බලාපොරොත්තුව හිස මත දරාගෙන පළමු දරු උපත වෙනුවෙන් මග බලා සිටි මහවීර්ට සහ ඔහුගේ බිරිඳට ලැබුනේ දුවෙක්. පියෙකු වීමේ සතුට සිතට නොදැනුනා නොවුනත් ඔහු ඇතුළාන්තයෙන් පසුතැවුනා තමන්ට පුතෙක් නොලැබුනු එක ගැන. උත්සාහය අත්නොහරින මහවීර් සහ ඔහුගේ බිරිඳ පුතෙකු ලබා ගැනීමට නොකළ පිළවෙතක් නැහැ. නමුත් දෛවයේ සරදමට වගේ ඔවුන් දෙපළට දාව ලැබෙන දරුවන් හතර දෙනාම දියණියෝ.

    මල්ලවපොර ක්‍රීඩාව වෙනුවෙන් පුතෙකු ප්‍රාර්ථනා කළ මහවීර් අවසානයේදී තමන් කාලාන්තරයක් හිස මත දරාගෙන සිටි බලාපොරොත්තුව පසෙකට විසි කර මල්ලවපොර ක්‍රීඩාව තමන්ගේ හදවතින්ම අතුගා දැමීමේ නිෂ්ඵල ප්‍රයත්නයක යෙදී සිටි මහවීර්ට රැකියාවට ගොස් නිවසට පැමිණි එක දිනෙක අසන්නට ලැබුනේ ඔහු සිහෙනෙකින්වත් නොසිතූ අන්දමේ සිඳුවීමක් ගැන… ඒ සිදුවීම මොකක්ද? එයින් මහාවීර්ගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත උඩුයටිකුරු වුනේ කොහොමද? මහාවීර්ගේ පදක්කම් සිහිනයට කුමකින් කුමක් වේවිද? චිත්‍රපටයේ පළමු විනාඩි 20 තුළදි ඇතිවන ඔය විදියේ දහසකුත් එකක් ප්‍රශ්නවලට උත්තර චිත්‍රපටයේ ඊළඟ පැය 2 තුළ අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් උත්තර හොයන වැඩේ ඔබටම බාර කරනවා. මම සමුගන්නවා. ඔබට සුභ දවසක් සතුටින් ඉන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

    Download “Dangal (2016) සිංහල උපසිරැසි” Dangal.2016.Sinhala.Subtitle.rar – Downloaded 1026 times – 51 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram