spot_img
spot_img
More

    Aakatayi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2017 වසරේ නිකුත් වුවත් 2019 අගෝස්තු මාසයේ HD පිටපතක් නිකුත් වූ තෙලුගු චිත්‍රපටයකටයි අද උපසිරසි අරගෙන ආවේ. Action/romance ගණයට අයත් මේ චිත්‍රපටයට 6.2ක imdb අගයක් වගේම 79%ක ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා.

    කතාවෙ ප්‍රධාන චරිතයන් රගදක්වන්නේ නවක නළු Aashish raj (වික්‍රන්ත් ලෙස) සහ සුරූපී නිලී Rukshar dillon (අනගා ලෙස) ය. ඒ වගේම තෙලුගු සිනමාවෙ තවත් අති දක්ෂ නළු නිලියන් රැසක්ම මෙම චිත්‍රපටයට රගපෑමෙන් සහය වී තියෙනවා. කතාවත් චුට්ටක් කිව්වොතින් වික්‍රන්ත් කියන්නේ කොලේජ් යන ටිකක් සෙල්ලක්කාර තාක්ෂණික නුවණක් තියෙන කොල්ලෙක්. කොලේජ් එකේදි නම් මෙයා ගොඩාක් හොද හොද වැඩ කරනවා මෙයාගෙ ආදරවන්තියව හම්බෙන්නෙත් මේ කොලේජ් එකේදිම තමයි. මෙයා කොච්චර සෙල්ලක්කාර විදියට හිටියත් දරුණු ත්‍රස්තවාදීන් පිරිසක් මෙයාව හොය හොයයි ඉන්නේ.ඒත් මෙයා ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ.ඒකට හේතුව තමයි එයා පොඩි කාලෙදි එයාගෙ තාත්තා කරපු දෙයක්. එයා පොඩි කාලෙදි සාමාන්‍ය වැරදි දේවල් කරගෙන හිටපු ජෙහාන්ගිර් නම් ත්‍රස්තවාදියා අවුරුදු 20කට පස්සේ පකිස්තාන ත්‍රස්තවාදීන් එක්ක එකතුවෙලා ඉන්දියානුවන් විනාස කරන්න දරුණු ජෛව රසායනික අවියක් නිෂ්පාදනය කරනවා. වික්‍රන්ත්ව හොයන්නෙත් මේ ජෙහාන්ගිර්ගේ ගෝලයො ටිකක් තමයි.

    කාලෙකට පස්සෙ ඔයාලට කිසිම කම්මැලියක් නැතුව බලන්න පුළුවන් ක්‍රියාදාම රැසකින් යුක්ත අලංකාරවත් චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටය නම් කරන්න පුළුවන්. කතාව ගැන තවත් දේවල් කියන්න ගියොත් ඒකෙ තියෙන රසවත් බව අඩුවෙන නිසා කතාව ඔයාලටම බලන්න කියල ආරාධනා කරන ගමන් මම සමුගන්නවා බුදුසරණයි !!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Aakatayi.(2017).Sinhala.Subtitle.rar – Downloaded 228 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram