spot_img
spot_img
More

    Adanga Maru (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශිෂ්ඨ නිර්මාණයක් ලෙස වර්ග කලහැකි තවත් සුපිරිම දමිළ චිත්රපටයක් ගැන තමයි මේ අරන් ආවේ..

    2018 වසර ගැන කිව්වොත් භාරතීය සිනමාවට ආදරය කරන අයට අමතක නොවෙන වසරක් නේ..ඒකත් පහුගිය දෙසැම්බර් 21(2018) කියන්නෙත් ඒ වගේ භාරතීය සිනමාවට විශිෂ්ඨ නිර්මාණ කිහිපයක්ම නිකුත් වුනු දිනයක්.එදිනම තමයි මේ නිර්මාණයත් නිකුත් වුනේ..IMDB දර්ශකය මේ වන විට 7.8 ක අගයකට කරකවන්න සමත් වෙලා තියෙන අතරම , google පරිශීලකයන්ගෙන් 95% ක කැමැත්තකට නතු කරගන්න සමත් වෙලා තියෙනවා.ඉන්දියානු රුපියල් මිලියන 150 ක ආදායමකට හිමිකම් කියන මේ නිර්මාණය Karthik thangavel ගේ අධ්යක්ෂණයක්..

    මේ සලරුව දක්ශතම කලාකරුවන් රැසකගේ රංගනයෙන් හැඩ වූවක්.ප්රධාන නලුවා ලෙසින් එක් වන්නේ 2003 වසරේ සිට මේ දක්වා දමිල සිනමාවට විශිෂ්ඨ රංගන දායකත්වයක් ලබා දුන් , වර්තමාන භාරතීය සිනමාවේ Miruthan ,Thani Oruvan,Bogan,Wana magan වැනි චිත්රපට හරහා ප්රේක්ෂකයන්ගේ සිත් හි කිරුලු පළන් 𝐉𝐞𝐲𝐚𝐦 𝐑𝐚𝐯𝐢 විසින්..
    ප්රධාන නිලිය ලෙස එක් වන්නේ තෙලිඟු සිනමාවේ කව්රුත් හොඳින් හදුනන , සුපිරිම චිත්රපට රැසකට දායකත්වය ලබා දුන් හැඩකාර 𝐑𝐚𝐬𝐡𝐢 𝐊𝐚𝐧𝐧𝐚 ♥️ විසින්.. නලුවයි,නිලියයි ගැන ඉතින් කතා කරොත් ගොඩක දේවල් තියෙනවා..කියන්න..ඒ නිසා පොඩ්ඩක් කතාව මතක් කරන්නම්.

    සුබාශ් කියන්නේ සාමාන්ය ලෙස ජීවත් වෙන පොලිස් SI කෙනෙක්.මෙයාට සමාජයේ වෙන දූෂනය , වංචාව මේ කිසිවක් පේන්න බෑ..නමුත් ඒ වෙනුවෙන් කිසිවක් කරන්න බෑ දේශපාලන, සල්ලි බලයෙන් වෙන මැදිහත් වීම් නිසා.සුබාශ් බදින්න ඉන්න ගෑනුබ ලමය තමයි අනීතා කියන්නේ..දෙන්නට දෙන්න ඉතා හොඳ අවබෝධයෙන් ඉන්න ආදරවන්තයො කියල මේ දෙන්න ගැන කියන්න පුලුවන් ..😍මේ අතර පාර්වතී කියල ගැහැණු ලමෙක් මිය යාමේ සිදුවීමක් වාර්තා වෙනවා.මෙය සියදිවි හානි කරගැනීමක් ලෙස වාර්තා කලත් සුබාශ්ට පෙනී යනවා මේක ඝාතනය කිරීමක් කියල..නමුත් එයාට ඉහලින් ලැබෙන බලපෑම් නිසා මොකුත් කරකියාගන්න බැරුව අසරණ වෙනවා..මේ සිද්ධිය නිසා සුබාශ්ට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා..

    ඉතින් ඒ මොනවද ?..මේ සාමාන්ය sl කෙනෙක් මේ වෙනුවෙන් නැගීසීටීද.?අනීතගෙයි ..සුබාශ්ගෙයි අනාගතය කෙසේ වේවිද ?.. සියල්ල දැන ගන්න අනිවා අරන් බලන්න…දමිල සිනමාවේ තවත් සුපිරිම සිනමා නිර්මාණයක්.. දේශපාලනය,සල්ලි බලය භාවිතා කර සමාජයේ උසස්යැයි කියාගන්නා වුවන්ට දඬුවම් දෙමු..නීත්යානුකූලව බැරිනම් නීතිවිරෝධීව..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Adanga Maru (2018) සිංහල උපසිරැසි” Adanga.Maru.(2018).Sinhala.Subtitle.rar – Downloaded 846 times – 46 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram