spot_img
spot_img
More

    Aksar (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Aksar 2 චිත්‍රපටය පසුගිය වසරේ නොවැම්බර් මස 17 වෙනිදා තිරගත කිරීම ආරම්භ කළා. එහි DVD පිටපතක් නිකුත් වූ වහාම ඔබට සූම් හරහා සිංහල උපසිරැසි සමගින් එම චිත්‍රපටයත් නරඹන්නට හැකි වේවි. ඉතින් දෙවන කොටසට කලින් මෙම චිත්‍රපටයේ පළමු කොටස උපසිරැසි ගන්වලා දුන්නොත් හොඳයි කියලා හිතුනා. දෙවන චිත්‍රපටයත් මේ චිත්‍රපටයත් අතරේ කිසිදු ඍජු සම්බන්දයක් නැහැ මා දන්නා තරමින් නම්. නමුත් චිත්‍රපට මාලාවක් විදියට ඉදිරියට යන බවක් පේන නිසා හිතුවා පළමු චිත්‍රපටත් දුන්නොත් හොඳයි කියලා.

    Red Alert: The War Within (2009), The Xpose වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් බොලිවුඩ් සිනමාවේ නමක් දිනාගත් ආනන්ත් නාරායන් මහාදේවන් තමයි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Aksar 2 (2017) චිත්‍රපටයත් ඔහුගේම අධ්‍යක්ෂණයක්. එම්රාන් හෂ්මි සමගින් දැන් බොලිවුඩයේ වැඩිය පේන්න නැති උදිතා ගෝස්වාමි (Zeher 2005, Apartment: Rent at Your Own Risk 2010) සහ ඩිනෝ මොරායා ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා.

    රිකී ශර්මා (එම්රාන් හෂ්මි) කියන්නේ ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ කැමරා කාචය ඉදිරියේ සිටගන්නා සෑම නිරූපන ශිල්පිනියක් සමගම පාහේ හාද වීමේ නරක පුරුද්දක් රිකීට තියෙනවා. ඔහු තරුණියන්ව දැලේ දමාගන්න බොහොම දක්ෂයෙක්. ඒ සෑම තරුණියක් සමගම ඔහුගේ හාදකම් පැවතෙන්නේ බොහොම ටික කාලයකට විතරයි. ඔහුගේ දැලේ පැටලෙන තවත් එක් තරුණියක් තමයි නිශා (තාරා ශර්මා) කියන්නේ. නිශාටත් මුහුණ දෙන්නට සිදු වෙන්නෙ අනිත් තරුණියන්ට අත්වෙන ඉරණමට තමයි. හැබැයි නිශාව රවට්ටලා නම් රිකීට නිකංම බේරිලා යන්න ලැබෙන්නෙ නෑ. නිශා වෙනුවෙන් පෙරට එන්නෙ නිශාගේ යෙහෙළිය ෂීනා (උදිතා ගෝස්වාමි) නිශාට වෙච්ච අසාධාරණේ නිසා ෂීනා රිකීට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරනවා. ඒකට වන්දියක් හැටියට රිකීට සිද්ද වෙනවා ශීනාගේ පහර දීමක් නිසා තමන්ගේ ලක්ෂ ගාණක් වටිනා කැමරාවක් පවා අහිමි කරගන්නට.

    ඔය සිදුවීමෙන් වසර කිහිපයකට පස්සෙ රිකීගේ ජීවිතයට එනවා අමුත්තෙක්. ඔහු රීකීට කරනවා ටිකක් අමුතු විදියේ යෝජනාවක්. රිකී මේ වෙද්දි බැංකු ණය නිසා බොහොම අසීරු අඩියකට වැටිලා ඉන්න කාලයක්. ඉතින් මේ අමුත්තාගේ යෝජනාවට කැමති වුනොත් රිකීට පුලුවන් වෙනවා ඔහුගේ බැංකු ණය පියවලා දාන්න සහ වසර කිහිපයකට කලින් තමන්ට ලොකු අපහාසයක් කරලා තමන්ගේ කැමරාවකුත් කඩලා බිඳලා දාපු ෂීනාගෙන් පළි ගන්න. ඒ කියන්නේ වසර ගණනක් යටපත් වෙලා තිබුනු වෛරයක් පිරිමහගන්න. කවුද රිකීට මේ අමුතු යෝජනාව අරගෙන එන අමුත්තා? මොකක්ද ඒ යෝජනාව? රීකී කොහොමද ශීනාගෙන් පළිගන්නේ? ඇත්තටම අවසානයේදී මොකක්ද වෙන්නේ? කවුරුත් හිතපු නැති විදියේ අවසානයක් තමයි චිත්‍රපටයේ තියෙන්නේ. හැමෝටම නරඹන්න කියලා නම් නිර්දේශ කරන්නෙ නැහැ. විශේෂයෙන්ම මෙහි ඇතුලත් වෙලා තියෙන සමහර දර්ශන නිසා වයස අවුරුදු 16ට වඩා වැඩි අයට වඩාත් සුදුසු චිත්‍රපටයක් විදියට තමයි මෙම චිත්‍රපටය හඳුන්වන්න පුලුවන් වෙන්නෙ. එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවන බලාපොරොත්තුව ඇතිව සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Aksar (2006) සිංහල උපසිරැසි” Aksar.2006.Sinhala.Subtitle.rar – Downloaded 266 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram