spot_img

Alienoid (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මම අරගෙන ආවේ, මේ අවුරුද්දේ නිකුත් කෙරුණු කොටස් දෙකකින් යුක්ත චිත්‍රපටි මාලාවක පළවෙනි එකේ සිංහල උපසිරැසි. මේක නම් කීපයකින් හඳුන්වලා තියෙනවා. Alienoid (2022) නැත්නම් Alien + Human Part 1 එහෙමත් නැත්නම් Oegye+in 1bu (외계+인 1부) තමයි නම. බහුමාන සංකල්පය හොලිවුඩයේ සහ මාවෙල්ස් අය අතරේ ජනප්‍රිය වෙනකොට, කොරියාවත් එයාලාගේම බහුමාන සංකල්පයක් අරගෙන එන කතාවක් තමයි මේ. ඊළඟ කොටසත් ඉක්මනින් නිකුත් කෙරෙනවා කියලා තමයි කියන්නේ.

Web ratings අතිනුත් හොඳ තැනක තියෙනවා මේ චිත්‍රපටිය. මේ ලිපිය ලියනකොට IMDB 6.4, Rotten Tomatoes 85%, MyDramaList 8.2, Google Users 94% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. චිත්‍රපටිය පෙන්වන රටවල් වලත්, ඉහල ප්‍රේක්‍ෂක ප්‍රතිචාර තියෙනවා කියලා තමයි කියන්නේ.

Alienoid චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කලේ Choi Dong-hoon විසින්. ඒ ඔහුගේම කතා සංකල්පයක් සිනමාවට එක් කරමින්. Caper Film ආයතනයේ නිෂ්පාදනයක් වුනු මේ සිනමා පටය, ලොව පුරා බෙදාහැරුනේ CJ E&M විසින්. මේ වන විටත් ඩොලර් මිලියන 12.7ක පමණ ආදායමක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙන්නේ Ryu Jun-yeol (මියුරෙක්), Kim Woo-bin (ආරක්‍ෂකයා), Kim Tae-ri (ලී ආන්), Yum Jung-ah (හ්‍යුක්-සෝල්) ඇතුලු පිරිසක්.

කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. පෘථිවියෙන් ගොඩාක් ඈත ග්‍රහලෝකයක සිටින පිරිසක්, පෘථිවියට පැමිනෙන්නේ, ඔවුන්ගේ සිරකරුවන් සඳහා සිරකඳවුරක් ලෙසට පෘථිවිය භාවිතා කරන්න. මේ පිටසක්වලයන්ට ග්‍රහලෝක අතර හුවමාරු වීම වගේම, කාලය හරහා ගමන් කිරීමේ හැකියාවද පවතිනවා. මෙහිදී ඉතා පුරාවෘත්ත ගත පිහියක් අයිති කර ගැනීමේ සටනක්ද පවතිනවා. මේ සියලු දේවල් එක හා සම්බන්ධ බව පේන්නේ, කතාව ගලාගෙන යනකොට. තව දෙවෙනි කොටසකුත් තියෙනවානේ… මේ සිංහල උපසිරැසියත් එක්ක චිත්‍රපටිය රසවිඳින්න ආරාධනා! ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram