spot_img

Ambulance (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් ආවේ තවත් ආරම්භයේ ඉදන් අවසානය වෙනකම් එක හුස්මට බලන්න පුලුවන් චිත්‍ර‍පටියක්.. මේකේ ලයින් 2000+ තිබිලාත් කරන්න හිතුවේ මේක අධ්‍යක්ෂණය කරන්නේ Michael Bay නිසා.. මතක ඇති නේ ට්‍රාන්ස්ෆෝර්මර්ස්,13 Hours වැනි චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරපු කෙනා.. මේ වෙනකම් අපි ඔහු අධ්‍යක්ෂණය කරපු එක චිත්‍ර‍පටියක් හැරෙන්න අනික් චිත්‍ර‍පටි සියල්ලම ඔයාලාට දිලා තියනවා. ඉතින් මේකත් මඟහරින්න බැහැනේ..

මේකේ ප්‍ර‍ධාන චරිත වලට Jake Gyllenhaal,Yahya Abdu හා Eiza González රංඟනයෙන් දායක වෙනවා… කතාව ගැන කෙටියෙන් කියන්නම්.. ඩැනී හා විල් කියන්නේ සහෝදරයන්.. ලේ ඥාතියෝ නොවුනාට මේ දෙන්නාම පොඩි කාලේ ඉදන් එකට උස්මහත් වෙන්නේ.. ඩැනී කියන්නේ හොර වැඩ කරන කෙනෙක්.. දිනක් විල්ටත් යම්කිසි මුදල් හදිසියක් එනවා. මේ නිසා ඩැනී කරන්න යන මංකොල්ලකැමකට ඔහුත් සම්බන්ධ වෙනවා.. මොවුන් ලොස් ඇන්ජලිස් වල බැංකුවක් කොල්ලකනවා. නමුත් සල්ලි අරන් එලියට එද්දිම වැඩේ යම් සිදුවිමක් නිසා ගැස්සෙනවා.. මේ අයට පැනලා යන්න හම්බවෙන්නේ ඇම්බියුලන්ස් එකක්.. මේ ඇම්බියුලන්ස් එකේම වෙඩි වැදුන පොලිස්තුවාල කරුවෙක් වගේම ඒ වාහනේ හෙදිය වන කැම් ඉන්නවා.. පොලිසියට දැන් වාහනයට වෙඩි තියන්නත් බැහැ ඇතුලේ පොලිසියේ කෙනෙකුත් තුවාල ලබලා ඉන්න නිසා. ඉතින් මේ අයියා මලෝට මෙතැනින් පැනගන්න ලැබේවිද? ඒක දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවොතින්.. ට්‍රාන්ස්ෆෝමර්ස්ලා නැති ට්‍රාන්ස්ෆෝමර්ස් ඇක්ෂන් තියන ෆිල්ම් එකක් බලන්න ආරාධනා කරමින් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram