More

    Anbirkiniyal (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද අරන් ආව චිත්‍ර‍පටිය නම් කලින් හුරුපුරුදු එකක්. ඒ 2019 අවුරුද්දේ නිකුත් උන Helen (2019) චිත්‍ර‍පටියේම ප්‍ර‍තිනිර්මාණයක්.. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Gokul විසින්.. මෙහි ප්‍ර‍ධාන චරිතයට රඟපාන්නේ Keerthi Pandian විසින්. ඇය සිනමාවට පිවිසියේ Thumbaa (2019)  චිත්‍ර‍පටියෙන්..  මලයාලම් චිත්‍ර‍පටියේ ඇනා බෙන් කරපු චරිතයට ක්‍රිති පාන්ඩියන් විසින් කොච්චර සාධාරණයක් කරලා තියනවාද කියලා චිත්‍ර‍පටිය අරගෙනම බලලා දැනගන්න පුලුවන්..

    මව අහිමි අන්බිර්කිනියාල් (ක්‍රිති පාන්ඩියන්) කැනඩාවේ රැකියාවක් සඳහා පිටත් වෙන්න සූදානම් වෙන උපාධිදාරී හෙදියක්. ඇය රැකියා කටයුතුවලට පහසුවෙන්නත් එක්ක ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න ඉංග්‍රීසි පාඨමාලාවකුත් හදාරනවා. ඒ ගමන්ම තමන්ගේ පියාගේ උදවුවට Part Time ජොබ් එකකුත් කරනවා. ඒ නගරයේ තිබෙන සුපිරි වෙළඳ සංකීර්ණයක පිහිටා තිබෙන ‘චිකන් හබ්’ කියන අවන්හලේ. ඔහොම කාලය ගතවෙද්දි දවසක් රාත්‍රී 12ට ආසන්න වෙලා තමන්ගේ සේවා මුරය අවසන් කර අවන්හලෙන් පිටවීමට මොහොතක් තියෙද්දි අන්බිර්කිනියාල්ට සිද්ද වෙනවා ආහාර ද්‍රව්‍ය බහාලූ පෙට්ටි කිහිපයක් තබන්න අවන්හලේ ‘ශීත කාමරය’ (Freezer) වෙත යන්න. මේ වෙද්දි චිකන් හබ් එකේ සියලුම සේවකයන් සේවා මුරය අවසන්ව පිටවගොස් හමාරයි. අවන්හලේ කළමණාකරුත් සියලු කටයුතු අවසන් කර පිටත්ව යන්න සූදානම් වෙද්දි දකිනවා ශිත කාමරයේ දොර විවෘත කර තබා තමන්ගේ සේවකයන් පිටවගොස් ඇතිබව. ඉතින් ඔහු ශීත කාමරයේ දොර අගුළු දමා අවන්හලත් දොරගුලු දමා වෙළඳ සංකීර්ණයෙන් පිටවී යනවා. හැබැයි අපේ කතා නායිකාව වෙන අන්බු තවමත් ශීත කාමරය ඇතුළේ…

    අංශක 17 ක පමණ අවම උෂ්ණත්වයක් යටතේ වායු සමීකරණය කරපු කාමරයක වුවත් සාමාන්‍ය මනුස්සයෙකුට බොහෝ වෙලා රැඳී ඉන්න අපහසුයි. එහෙම තත්ත්වයක් තියෙද්දි අන්බුට සිද්ද වෙනවා අංශක -17ක් තරම් අවම උෂ්ණත්වයක් සහිත කාමරයක් තුල තමන්ගේ ජීවිතය රැකගෙන පසුදා එළිවනතුරු රැය පහන් කරන්න. ඇයගේ දුරකථනයත් ඇය සතුව නැහැ. උදවු ඉල්ලා කෑගැසුවත් අහල පහළ කිසිවෙකු නැහැ. ඇයගේ පියාට ඇය ගැන කිසිම තොරතුරක් දැනගැනීමට මගක් නැහැ. ඉතින් ඇයට ජීවිතය බේරාගෙන මේ ශීත කාමරයෙන් පන පිටින් පිට වෙන්නට හැකි වේවිද?

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Anbirkiniyal (2021) සිංහල උපසිරැසි” Anbirkiniyal.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1793 times – 35 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිනිත් සන්දිප
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    Leave a Reply to Chandima Prasad Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram