More

    Anjaam Pathiraa (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් ආයිමත් පාරක් ආවා තවත් ත්‍රිලර් චිත්‍රපටයක් අරගෙන. මේක නම් ඉතිං එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි දාම ඝාතකයෙක්ගේ කතාවක්.සාම්ප්‍රදායික මලයාලම් පරිසරයෙන් ඔබ්බට ගිය එකක්.මං වගේම ත්‍රිලර් චිත්‍රපට ලෝලියෝ එනකම් මඟ බලන් හිටපු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.පසුගිය අප්‍රේල් 10 වැනිදා මේ චිත්‍රපටයේ HDTV පිටපතක් නිකුත් වී තිබුනත් මීට දවස් 2-3කට කලින් තමයි මෙහි ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වුනේ.සූම් එකේ ඕල් රවුන්ඩර් ලහිරු උදයංග සොහොයුරා තමයි මෙහෙම ඉංග්‍රිසි උපසිරැසියක් ඇවිත් තියෙනවා (ප්‍රධාන උපසිරැසි සපයන විදෙස් වෙබ් අඩවියකට උපසිරැසිය වැටෙන්නටත් පෙර) කියල මට ඔත්තුව දුන්නේ.මේ ඉංග්‍රීසි උපසිරැසිය නම් හොද මට්ටමකට තිබ්බෙ නෑ.ඒ හින්දා කාල රාමු අලුතෙන් නිර්මාණය කරගෙන නිසියාකාර අන්දමින් ආපු නැති ඉංග්‍රීසි උපසිරැසියක් හරියාකාරව බලන්න පුලුවන් විදිහට හදලා තමයි මේ අරගෙන ආවේ.ඇවිත් තියෙන ඉංග්‍රීසි උපසිරැසිය අරගෙන බැලුව නම් මං කියපු දේ තේරේවි.දැන් ඒ කතාවලින් වැඩක් නැහැ.ගැටලු කාරි තැන්වල දී නෑ බෑ නොකියා උදව් කරපු අපේ ඕල් රවුන්ඩර් ලහිරු උදයංග සොහොයුරාට වගේම චිත්‍රපටය කලින් වෙන් කරගෙන තිබියදීත් මට කරන්න දීපු නිශාදි අක්කටත් ස්තූති කරන්න ඕන. අනික් දේ තමයි ලබන සතිය වගේ වෙද්දී මේකෙ ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙනවා.ඉවසන් ඉන්න පුලුවන් අය තව සතියක් ඉවසන්න,අනික් අය මේක අරගෙන බලන්න.ඒ පිටපතටත් මං යාවත්කලීන කිරීමක් කරන්නම්.අපි එහෙනම් දැන් චිත්‍රපටය දිහාවට හැරෙමු.

    සාමාන්‍යයෙන් අපරාධ ගවේෂණය කරන කතා ගත්තහම ගොඩක් ඒවා එකම ටයිප් එකට යන්නෙ.මුල ඉදන්ම කතා නායකයා තමයි පොර,එයාට ඉහළින් වෙන එකෙක් නෑ.ඒ අස්සෙන් තව ඔය වගේම කතා නායිකාවකුත් ඉන්නවා,එයත් එච්චරම තමයි.එක එක ජාතියෙ වැඩකට නැති පඩි වදන් වගේම දුෂ්ටයවත් නිකං විහිළුකාර ස්වරූපයකින් තමයි ඉදිරිපත් කරන්නේ.සමහර ඒවල පසුබිම් සංගිතේ (BGM) ගැනත් ආයි කිව යුතු නෑනේ.චිත්‍රපටයෙ බාගයක් යද්දී ඔක්කොම අච්චාරුවක් කරගෙන අභිරහස විසදිලත් ඉවරයි,වීරයව උලුප්පලා පෙන්වනවා.ගොඩක් කතාවල වෙන්නෙ ඔහොම දෙයක්. Anjaam Pathira ඔබට දකින්න ලැබෙන සුපුරුදු කතා තේමාවෙන් වෙනතකට ගිය චිත්‍රපටයක්.මෙය අද්භූත,බියකරු ස්වභාවයෙන් යුත් අනර්ග පසුබිම් සංගීතයෙන් රස ගැන්වූ,ඇඟ කිලිපොලා යන ජවනිකා සමගින් මුල සිට අවසානය වන තුරුම ඔබට ත්‍රාසයෙන්,වගේම භීතියෙන් අඩුවක් නොකරන,බටහිර චිත්‍රපටවලට සම කල හැකි, දෑස් ඉවතට නොගෙන නැරඹිය හැකි විශිෂ්ට ගනයේ චිත්‍රපටයක් බව ඉඳුරා කිව යුතුමය.

    Anjaam Pathiraa එහෙමත් නැත්නම් පස්වන මැදියම් රාත්‍රිය Crime/Thriller කියන වර්ගීකරණයට ලක්වූවක්.මෙහි රචනය වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Midhun Manuel Thomas විසින්.චිත්‍රපටයේ තරු අතර Virus,Take Off මලයාලම් චිත්‍රපටවල සිටි Kunchacko Boban සමගින් Sharaf U Dheen,Unnimaya Prasad,Jinu Joseph,Sreenath Bhasi යන අය සිටින අතර Kunchacko Boban ගේ වෙනස් ආකාරයක රංගනයක් ඔබට දැක බලාගන්න පුලුවන්.සංගීත අධ්‍යක්ෂණය Sushin Shyam කර තිබෙනවා. 2020 ජනවාරි 20 වැනි දින තිරගත වූ මෙය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් අවසානයේ නතර වුනේ වසරේ වැඩිම ආදායම් ලද මලයාලම් චිත්‍රපටය ලෙසයි.චිත්‍රපටය සඳහා ගූගල් මනාප ප්‍රතිශතය 97% ක් හා IMDb මීටරේ 8.1/10 එකක අගයක් සටහන් කරනවා.

    මේ චිත්‍රපටය Thriller එකක් නිසාම අද චිත්‍රපටයෙ කතාව ගැන මෙහෙම කියන්නම්.කාටවත් කරදරයක් නැති අහිංසක සාමාන්‍ය කෙනෙක් හිත් පිත් නැති සාහසික දාම ඝාතකයෙක් බවට පරිවර්තනය වුනේ කොහොමද කියල ඔයාලට දැනගන්න ඕන නම් ත්‍රිලර් රසයට කැමති සෑම කෙනෙක්ටම මේක බලන්න ආරාධනා කරනවා.එහෙනම් මම ගියා.ඔබට සුභ දවසක්! ජයවේවා!

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Anjaam-Pathiraa-2020-sinhala.subtitle.rar – Downloaded 1397 times – 50 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

      • Hdtv ekayi hdrip ekayi dekatama hariyanna sub dekak deela athi.
        Download karapu pitapathata adala eka balala ganna.
        Timeout yanna nm widihak naha.

    Leave a Reply to ajith Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram