today-is-a-good-day
More

    Ant Man (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Marvel සුපිරිවීර චිත්‍රපට ගොන්නට එකතුවෙන අලුත්ම චිත්‍රපටය තමයි ANT-MAN (ඇන්ට්-මෑන්) කියන්නේ මෙයත් ඔවුන්ගේ අනෙත් චිත්‍රපට වගේම කොමික් චරිතයක් ඇසුරින් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් මේ අවුරුද්දේ ගොඩක්ම අවදානයට පත් වුණු චිත්‍රපටයක් ලෙස හැඳින්නුවොත් වැරදි නෑ මොකද මොහු තමයි ඇවෙන්ජර්ස්ලට එකතුවෙන්න ඉන්න අලුත්ම සාමාජිකයා ඒ වගේම ලබන අවුරුද්දේ එන්න තියන කැප්ටන් ඇමරිකා ඊළඟ චිත්‍රපටය වන කැප්ටන් ඇමරිකා සිවිල් වෝර් චිත්‍රපටයෙත් මොහුව දැක බලාගන්න අපිට ලැබේවි.ඉන් පසුව එන බොහෝ Avengers චිත්‍රපට වලත් මොහු නැතුවම බැරි සාමාජිකයෙක් වේවි. මෙය නිශ්පාදනය කරන්නේ මාවල් ස්ටූඩියෝ විසින් බෙදාහැරීම Walt Disney Studios Motion Pictures සමාගමෙන්. චිත්‍රපටය ප්‍රදර්ශනයත් සමඟ මෙයට ධනාත්මක ප්‍රතිචාර බොහොමයක් ලැබුණා ඒ වගේම මෙය ලොවපුරා තිරගත වෙමින් ඩොලර් මිලියන 327ක ආදායමක් උපයන්න සමත් වුනා. චරිතය ගැන පොඩි විස්තරයක් : සැබෑ නම – ස්කොට් ලෑන්ග් උස – අඩි 6යි (ඈන්ට්මෑන් වෙද්දි අඟල් භාගයකට කුඩා වෙන්න පුළුවන්) හැකියාවන් – කූඹියෙක් තරමට කුඩාවීම, කෘමීන් සමඟ සන්නිවේදනය කිරීම, කුඩාව සිටියදීත් සාමාන්‍ය මිනිසෙකුගේ ශක්තියෙන් පහරදීම.

    1989යේ හෑන්ක් පීම් කියන විද්‍යාඥයා SHIELD එකෙන් ඉල්ලා අස් වෙනවා SHIELD එක ඔහුගේ කුඩාවීමේ ඈන්ට්මෑන් තාක්ෂණයෙන් ආකෘතියක් ගොඩනගනවා කියලා දැනගන්න ලැබුනම. ඔහු විශ්වාස කරනවා එම තාක්ෂණය භයානකයි කියලා එම නිසා ඔහු ජීවත්වෙන තාක් කල් ඔහු එම තාක්ෂණය සඟවාගෙන ඉන්න කටයුතු කරනවා නමුත් පීම්ගේ මුරණ්ඩු දියණිය හෝප් වෑන් ඩයන් සහ ඩැරන් ක්‍රෝස් කියන දෙන්නා ඔහුගේ සමාගමෙන් ඔහුව බලෙන් පන්නලා දානවා ක්‍රෝස් හදන්නේ එයාටම කියලා කුඩාවීමේ තාක්ෂණය යොදවලා ඇඳුමක් හදාගන්න ඒකෙන් පීම් ගොඩක් බය වෙනවා. සිරගෙදරින් නිදහස්වීමේන් පසුව අපගේ ප්‍රධාන චරිතය ස්කොට් ලෑන්ග් එයාගේ යාළුවත් එක්ක එයාගේ තැනට යනවා මේ අයගේ කණ්ඩායමේ කිහිප දෙනෙක් ඉන්නවා මේ හැමෝම යම් යම් වංචා හොර වැඩ කරන අය. කොහොම හරි ස්කොට් පුංචි දුවෙකුගේ තාත්තා කෙනෙක් ඇය ජිවත් වෙන්නෙ ඇයගේ මව හා පැස්ටන් කියන ස්කොට්ගේ හිටපු බිරිඳ විවාහ ගිවිස ගෙන ඉන්න කෙනා සමග. මේ පැස්ටන් පොලිස් පරික්ෂක වරයෙක්. ස්කොට් හිරෙන් නිදහස් වෙලා මුලින්ම තම දියණිය කැසී බලන්න යන්නේ ඇයගේ උපන් දිනය දවසක. ඒත් ඔහුගේ පැමිණිම ගැන මැගී හා පැස්ටන් දෙන්නා කැමති වෙන්නෙ නැහැ මොකද එයට හේතුව ඔහු දරුවාගේ නඩත්තුව සඳහාවත් කිසිම මුදලක් ගෙවා නොතිබිම වගේම එයාගේ අපරාධ වට පිටාව නමුත් ස්කොට් තමන්ගෙ දුවට ගොඩක් ආදරෙයි ඒ වගේම ඔහුගේ දුව කැසීත් ඒ වගේම තම පියාට ආදරය කරනවා. මේ උපන් දින සාදය තමයි ස්කොට්ගෙ ජිවිතය වෙනස් වෙන්න පටන් ගන්නෙ මොකද ඔහුගේ හිටපු බිරිඳ කියනවා දියණිය හමු වෙන්න ඕනේ නම් රස්සාවක් හා නිවාසයක් හොයා ගන්න කියලා ඒත් ඒක ලෙසි නැහැ මොකද මෙයාගේ අපරාධ වාර්ථා නිසා කිසිම කෙනෙකු මොහුට රැකියාවක් දෙන්නෙ නැහැ. කොහොම හරි මෙයාගේ යාළුවා ලුයිසිට ආරංචි වෙනවා එක්තරා ධණවත් වයසක පුද්ගලයෙකුගෙ නිවසේ සෙප්පුවක් තියනවා කියලා එයාල හිතනවා මෙකෙ ගොඩක් වටින මොනවම හරි දෙයක් තියෙවි කියලා ඒත් ලුයිස් මුලින් යොජනා කරද්ද ස්කොට් හට ඔහු කැමති වෙන්නෙ නැහැ මොකද ඔහුට ආයෙත් හිරේ යන්න කැමැත්තක් නැති නිසා. පස්සෙ තමන්ගෙ දියණිය ලඟට යන්න ඕනේ නිසාම මෙයා කට්ටය එක්ක එකතු වෙලා මේ නිවස මංකොල්ල කනවා ඉතින් ලෑන්ග් ගෙදරකට පැන්නම මෙයාට ඇඳුමක් අහුවෙනවා මෙයා හිතන්නේ ඒක පරණ මෝටසයිකයි ඇඳුමක් කියලා ඒ හින්දා එයා ඒක ගෙදර අරගෙන යනවා ඇඳුම දාගත්තට පස්සේ ලෑන්ග් එකපාරට කෘමියෙක් ගානට කුඩා වෙනවා මෙකෙන් හොඳටම හොල්මන් වෙච්ච ස්කොට් කෙලින්ම එක ආපහු තිබිච්ච තැනම තියන්න ගිහින් පොලිස් අත්තඩංගුවට පත් වෙනවා. මේ වෙච්ච කරදරේ නිසා අවුලෙන් ඉන්න ස්කොට් හමු වෙන්න හිරේට අමුත්තෙක් එනවා ඒ වෙන කවුරුත් නෙමේ ඒ ඇඳුමේ හිමිකරු ආචාර්ය හෑන්ක් පිම් එයා ස්කොට් හට යොජනාවක් කරනවා ඒ තමයි විරයෙක් වෙන්න මේ ඇඳුමේ නව හිමිකරු වෙන්න කොහොම හරි මෙතනින් පස්සෙ තමයි ඇන්ට්-මෑන් වැඩ පටන් ගන්නේ එයා මේ ඇඳුමට හැඩ ගැහෙන හැටි කුහුඹුවන් පාලනය කරන්න ඉගන ගන්න හැටි එයාට ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. මොයට ගොඩක් ලොකු උදව්වක් පිම්ගේ දියණිය හෝප්ගෙන් ලැබෙනවා ඒ වගේම එයත් මේ ඇඳුමේ හිමි කාරි වෙන්න ලොකු ආසවකින් ඉන්නෙ ඔහොම තමයි හැම දෙයක්ම පටන් ගන්නෙ. ඒ වගේම කට්ටියට මතක ඇතිනේ සෑම් විල්සන් Captain america 2 වෙනි චිත්‍රපටයේ පිහාටු දෙකක් දාගෙන කැප්ටන්ට උදව් කරපු හාදයා එයත් මේ චිත්‍රපටයේ දැකගන්න පුළුවන් වෙනවා.

    ඒ වගේම Avengers ලාගේ ප්‍රධාන මූලස්ථානයත් දැකගන්න පුළුවන් වෙනවා තව හයිඩ්‍රාලත් තැනකදි මේකට සම්බන්ධ වෙනවා තව පොඩි කොටසට කැප්ටන් ඇමරිකා සහ ඔහුගේ මිතුරාවෙලා හිටපු Bucky Barnes නැත්නම් සිසිර සමයේ සොල්දාදුවා ඇතුලත් වෙනවා ඒකෙන්ම තේරෙනවනේ මේ චිත්‍රපටිය අනිත් ඒවට කොච්චර සම්බන්දද කියලා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

    Download “Ant Man (2015) සිංහල උපසිරැසි” Ant.Man.2015.Sinhala.Subtitle.rar – Downloaded 969 times – 85 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    J A R එරංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram