spot_img

Aravindha Sametha Veera Raghava (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ අවුරුද්දේ කවුරුත් මඟ බලන් හිටිය වගේම… අන්තර්ජාලයට කොපියක් ආවාත් බලන්න ඉංග්‍රිසි සබක්වත් නැති නිසා ලත වේවි හිටපු අයගේ මඟබලා සිටිම ඉවර කරන්න තමයි මේ හදන්නේ..

NTR කිව්වාම තෙලෙඟු චිත්‍ර‍පටි රසිකයෙක් නම් අනිවාර්යෙන්ම ඔහුව අඳුනනවා… මොහුත් වසරකට එක චිත්‍ර‍පටියක් හෝ දෙකක් වගේ තමයි නිකුත් කරන්නේ. හැබැයි මේ නිකුත් කරන චිත්‍ර‍පටියක් අනිවාර්යෙන් ආදයම් වාර්තා තබමින් blockbuster කියන නාමය අලවා ගන්නවා තමයි… ඉතින් 2018 වසරේ ඔක්තොම්බර් 11 වැනිදා නිකුත් උන මේ චිත්‍ර‍පටියත් ඉන්දියාවේ ආදායම් වාර්තා තබමින් තිරඟත වුවක්.. කෝටි 23.5 වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය සම්පුර්ණ ආදායම ලෙස කෝටි 152ක ආදායමක් උපයා ගත්තා. මේ ආදායම් වාර්තාව මේ වසරේ දෙවැනි වෙන්නේ Bharat Ane Nenu හා Rangasthalam චිත්‍ර‍පටි වලට පමණයි. විනාඩි 162 පුරා යන Drama හා Action කියන වර්ගයට අයත් ෆිල්ම් එකක්…N.T.R සමඟින් ප්‍ර‍ධාන නිලියගේ චරිතයට සුරූපි පූජා හෙග්ඩේ රඟපානවා… ඇයව මතක ඇතිනේ මේ අවුරුද්දේම ආව අපි සබ් ලබා දුන්න sakshyam 2018 හිටිය නිලිය.. මෙහි අධ්‍යක්ෂණය Trivikram Srinivas ගෙනි..

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක ගම්මාන දෙකක කාලයක් ඉදන් පවතින ගැටුමක් ගැන තමයි තියෙන්නේ. මේ ගම් දෙක නරප්පා රෙඩ්ඩි (නාග බාබු) බාසි රෙඩ්ඩි (ජගපති බාබු) නායකත්වය දරන ගම් දෙකක්.කොහොම හරි අවුරුදු 12ක් ලන්ඩන් වල වාසය කරපු නරප්පා රේඩ්ඩිගේ පුතා විර රාඟවා (NTR) කාලේකට පස්සේ ගමට එනවා… ඔහු ගමට ඇවිල්ලා ඉද්දිම වගේ තමයි තමන්ගේ තාත්තා වෙන නරප්පා රේඩ්ඩිට බාසි රෙඩ්ඩිගෙන් කරදර එන්නේ. රාගවා කියන්නේ වැඩිය සටන් වලට කැමැති කෙනෙක් නෙමෙයි ඔහු හිතනවා මේ ගම් දෙකේ කාලයක් ඉදන් පවතින ගැටුමට තිත තියලා සාමය ඇති කරන්න. නමුත් ඒ වැඩේ හිතන තරම් ලේසි වේවිද කියලා චිත්‍ර‍පටිය අරගෙනම බැලුවොත් තේරෙවි…. අඩුවක් නැතිව ඇක්ෂන් වගේම… හොද කතාවක් තියන මේ චිත්‍ර‍පටිය ඔබ තෙලෙඟු රසිකයෙක් නම් නැරබුවාට පාඩුවක් නම් වෙන එකක් නැහැ.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram