spot_img
spot_img
More

    Arthur the King (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Arthur the King (2024) Sinhala Subtitle

     

    මම ගොඩාක් කැමතියි සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වෙන චිත්‍රපටි වලට. මොකද, එක පැත්තකින් කිසිම මනඃකල්පිත ලෝක හරි සුපිරි වීරයෝ හරි නැති නිසා. මේ කියන්නේ මම ෆැන්ටසි ඒවාට කැමති නෑ කියන එක නෙමෙයි. ඊට වඩා සත්‍ය කතා චිත්‍රපටි හිතට දැනෙන නිසා. මේ පාර මම අරගෙන ආවේ, ඒ වගේම සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු Arthur the King (2024) චිත්‍රපටියේ සිංහල උපසිරැසි.

    බහු ප්‍රයාම තරඟාවලි ගොඩාක් රටවල් වල ජනප්‍රිය වික්‍රමාන්විත ක්‍රීඩාවක්. අපේ රටේ තුන් ප්‍රයාම තරඟ තියෙනවානේ. දිවීම, බයිසිකල් පැදීම සහ පිහිනීම තමයි ඒවායේ තියෙන්නේ. හැබැයි, මේ බහු ප්‍රයාම තරඟ වල ඊට අමතරව කඳු නැගීම, කැළෑවල් වල ඇවිදීම, කඳු හරහා ඇවිදීම, බෝට්ටු පැදීම ඇතුලත් වෙලා තියෙනවා. ඒ් වගේම ගොඩාක් දුරක් එයාලා තරඟ කරන්නත් තියෙනවා. මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ, 2018 දී ඩොමිනිකන් රාජ්‍යයේ පැවැත්වුණු බහු ප්‍රයාම තරඟාවලියේ සිදුවුණු සිදුවීම් පාදක කරගෙන.

    2015 දී කොස්ටා රීකා හිදී පැවැත්වුණු බහු ප්‍රයාම තරඟාවලියේදී, මයිකල් ලයිට්, ඇමරිකානු තරඟකරුවා, අරගත්ත වැරදි තීරණ කීපයක් නිසා තරඟය අවසන් කරගන්න බැරි වෙනවා. ඒ අවස්ථාවේ අරගත්ත පින්තූරයක් සමාජ මාධ්‍ය වල පැතීරීම නිසා, මයිකල් තරඟ බිමෙන් ඈත්වෙනවා. ඒත්, 2018 දී නැවත මයිකල් තරඟ බිම පිවිසෙන්නේ, අවසන් වතාවට කුසලානය දිනාගන්න ඒකායන අරමුණකින්. එහිදී සිදුවෙන දේවල් තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ.

    Mikael Lindnord විසින් ඒ සත්‍ය සිදුවීම අලලා ලියපු Arthur – The Dog Who Crossed the Jungle to Find a Home කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුනේ. මෙහිදී සත්‍ය සිදුවීමට හානියක් නොවෙන්න කතාව ගෙතුවා කියලා තමයි නිර්මාණකරුවන් කියන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Mark Wahlberg (මයිකල් ලයිට්), Simu Liu (ලියෝ), Nathalie Emmanuel (ඔලිවියා), Ukai (ආතර්) ඇතුළු පිරිසක්.

    මේ චිත්‍රපටිය මේ ලිපිය ලියනකොට අරගෙන තිබ්බ වෙබ් රේටිං ගැනත් සඳහනක් කරන්න කැමතියි. IMDb 7.0, Rotten Tomatoes 69%, Facebook 4.9, Google Users 91% මේ චිත්‍රපටියට තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මේකම මේ චිත්‍රපටියේ සාර්ථකත්වය පෙන්වනවා.

    ආදායම් වාර්ථා අතිනුත් ඉහල මට්ටමක ඉන්න මේ චිත්‍රපටිය සමත් වුනා. ඩොලර් මිලියන 19ක අය වැයක් ඇතුව කරපු චිත්‍රපටිය, මේ වෙනකොට ඩොලර් මිලියන 34.1කට වඩා ආදායමක් ලබාගෙන තියෙන බව තමයි කියවෙන්නේ. තවමත් තිරගත වෙලා වැඩි කාලයක් ගත වෙලා නැති වුනත්, හොඳ ආදායමක් නම් ලබන බව සිකුරුයි.

    එහෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල අඩුපාඩු, හොඳ නරක, වැරදි, ගල් මල්, අපිට කියන්න. ජයවේවා!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Arthur the King (2024) සිංහල උපසිරැසි” Arthur.the.King.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1021 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram