today-is-a-good-day
More

    Ayyappanum Koshiyum (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හමුදාවයි පොලීසියයි එකට හැප්පුනොත් කොහොමද !! එහෙම නැත්නම් විශ්රාමික හමුදා නිලධාරියෙක් එක්ක නීතිය අකුරටම කරන පොලිස් නිලධාරීයෙක් හැප්පුනොත් කොහොමද !! මේ සේරම අරක්කු ටිකක් නිසා !!

    මේක තමා මේ අවුරුද්දේ මම දැනට බලපු හොදම නෙමෙයි අති විශිෂ්ටතම මලයාලම් සිනමාපටය !! පැය තුනක් තියෙන ෆිල්ම් එකේ පැය තුන කොහෙන් ගියාද කියලා හොයාගන්න බෑ.. පටන් ගත්ත වෙලේ ඉදන් වලි වලි වලි වලි !! එකෙක්ට එකෙක් සෙකන්ඩ් වෙන් නැති පුදුම මොරාල් අප් ෆිල්ම් එකක් !! යුධ හමුදා නිලධාරියෙක් එක්ක හැප්පෙන්න ගිහින් තමන්ගේ කාකි ඇදුමත් නැති උනාම එලියට එන්නේ අර නීතිය අකුරට කරන මිනිහා නෙමෙයි !! කාටවත් කොන්ට්රෝල් කරන්න බැරි මැරයෙක් !! දෙන්නට දෙන්නා ගහ ගන් නැතිව වටේ ඉන්න උන්ට ගහනවා ගැහිල්ලක් උබට ගහන්නේ මෙහෙම උණ ගැනෙන්න කියලා පෙන්නන්න !! එකට එක කරනවා ඉවරයක් නැතිව !!

    මේක අයිප්පන්ගෙයි කෞෂිගේ සටනක් !!

    මේක පිස්සුවක් !! මේ පාර මලයාලියෝ ගහලා තියෙන්නේ මිනිස්සුන්ගේ මාන්නයට.. කාටවත් සෙකන්ඩ් වෙන්න කැමති නැති උන්ට !! මලයාලම් සිනමාව කොහොමද මෙච්චර ලස්සනට මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නේ කියලා තේරුම් ගන්න බෑ !!

    Prithviraj Sukumaran කියන්නේ මලයාලම් වල ප්රධාන පුරුකක් !! එයාගේ ඇක්ටින් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ.. හැබැයි හැමදාම සුළු චරිත කරලා ඉන්න සහය නලුවට කොටුවන Biju Menon පෙන්නලා ඉවරයි එයා කවුද කියලා !! එයාගේ ඇක්ටින් ගැන කියන්න වචන මදි !! ඔන්න සුපිරි නලුවෝ ! මේ වගේ ෆිල්ම් එකක් ආයේ එන්නේ නැති වෙයි !! මේක බලන්නම ඕනේ එකක් !!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Ayyappanum.Koshiyum.(2020).Sinhala.subtitle.rar – Downloaded 699 times – 62 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    සමීර කරුණාසේන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram