spot_img
spot_img
More

    Baaghi 3 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

       මට හිරිහැරයක් කරොත් මම අතාරිනවා
    ඒත් මගේ සහෝදරයට හිරිහැර කරොත් මම ඒකව නැති කරල දානවා,

    එහෙම කියන්නේ අපේ කතා නායකයා  රොනි.රොනී (Tiger Shroff) කියන්නෙ පොඩි කාලේ ඉදන්ම තමන්ගේ සහෝදරයා වෙන වික්‍රම්ට (Riteish Deshmukh) ගොඩක් ආදරේ කරන කෙනෙක්,ඉතින් සහෝදරයට පොඩිම තුවාලයක් උනත් රොනීට දරාගන්න බෑ,වික්‍රම් කියන්නේ ගොඩක්ම බය පුද්ගලයෙක්,එහෙම ඉන්න අතරේ තමයි වික්‍රම්ට පොලිසියට බැදෙන්න අවස්ථාව ලැබෙන්නේ,එහෙම පොලිසියට බැදුනට වික්‍රම්ට එයාගෙ තියෙන බයත් එක්ක වැඩ කරගෙන යන එක අපහසු වෙනවා,ඉතින් වික්‍රම්ට ඉස්සරාට මොනා වෙයිද?සහෝදර ප්‍රේමයට කොයි තරම් ශක්තියක් ඇතිද කියල අපිට බලාගන්න පුලුවන් Baaghi  3 තුලින්,

    වෙනදා වගේම අදත් ඔයාලට අරගෙන එන්නේ සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක්,ඉතින් චිත්‍රපටිය ගැන කියන්න කලින් කියන්න දෙයක් තියෙනවා,මේ තමයි මම සූම් එකත් එක්ක එකතු උනාට පස්සේ,ඔයාලට අරගෙන එන 200 වෙනි සිoහල උපැසිරැසි ගැන්වීම,ඉතින් දමිල,තෙලෙගු,හින්දි,ඉoග්‍රීසි,කන්නඩ වගේ විවිධ භාෂා වල සිoහල උපැසිරැසි ඔයලට අරගෙන ඇවිල්ලා තියෙනවා මේ වෙන කොට,ඉතින් මෙච්චර ඉක්මනටම 200 කඩයිමට එන්න ලැබිම ගැන මටත් පොඩි සතුටක් තියෙනවා,මේ වගේම ඉස්සරාටත් උපරිම ගුණාත්මක බාවයෙන් යුතු සිංහල උපැසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා,එහෙනම් ඒ ගැන එච්චරයි…අද චිත්‍රපටිය දිහාවට හැරෙමුකෝ

    අද අපි ඔයාලට අරගෙන එන්නේ Baaghi  චිත්‍රපටි මාලාවේ තුන්වෙනි කොටස,ඒ කියන්නේ Baaghi 3..ඉතින්  Baaghi  1 නිකුත් වෙන්නේ 2016 දී,ඒ චිත්‍රපටියේ සාර්ථකත්වයත් සමග  Baaghi  2 කොටස නිර්මාණය වෙනවා 2018දී, ඒකෙන් ලැබෙන සාර්ථකත්වයත් සමග Baaghi 3 ඔයාලට දැකගන්න ලැබෙනව 2020 මාර්තු 6 Baaghi  චිත්‍රපටිය කිව්වොත් අපිට මතක් වෙන්නේ එක්කෙනයිනේ ඒ තමයි Tiger Shroff ඉතින් ඔහුත් සමග සුපුරුදු පරිදි Shraddha Kapoor ප්‍රධාන චරිත නිරූපණය කරනවා,ඊට අමතරව Riteish Deshmukh,Ankita Lokhande ,Jackie Shroff ,එහෙමත් අපිට දැකගන්න පුලුවන්,එහෙනම් ආයෙත් හම්බවෙමු ලස්සනම හින්දි චිත්‍රපටියක් සමග

     

    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Baaghi 3 (2020) සිංහල උපසිරැසි” Baaghi.3.2020.Sinhala.subtitle.rar – Downloaded 5842 times – 50 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram