spot_img

Baar Baar Dekho (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Nitya Mehra ගේ ප්‍ර‍ථම සිනමා නිර්මාණය ලෙස දිඟහැරෙන Baar Baar Dekho චිත්‍ර‍පටිය තිරගත වෙන්නේ 2016 සැප්තැම්බර් මාසයේදියි. මේ චිත්‍ර‍පටිය දෙන්න ටිකක් ප්‍ර‍මාද උනේ මෙහි කාලයක් යනකම් තිබ්බේ HD TVRIP එකක්. ඒක නිසා මං බලාගෙන හිටියා හොද පිටපතක් එනකම්. ගිය මාසේ තමයි ඩිවිඩි නිල පිටපතක් නිකුත් උනේ. නමුත් මට අමතක වෙලා ගියා ෆිල්ම් එක ගැන. ආපහු පස්සේ මතක් උන ගමන්ම තමයි චිත්‍ර‍පටිය කරලා අරන් ආවේ. තාමත් මේ චිත්‍ර‍පටිය නරඔලා නැතිනම් ඔන්න අවස්ථාව තියනවා නරබන්න…

මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Katrina Kaif හා Sidharth Malhotra රංඟනයෙන් දායක වෙනවා. ජයේ වර්මා කියන්නේ ගණිත ගුරුවරයෙක්… එතකොට දියා කපූර් කියන්නේ චිත්‍ර‍ ශිල්පිනියක්. මේ දෙන්නා පොඩි කාලේ ඉදන්ම යාළුවෝ වගේ තමයි උස්මහත් වෙන්නේ… ලොකු උනාට පස්සේ දියා ජයේට යෝජනාවක් කරනවා ඒ දෙන්නා කසාද බදිමුද කියලා. ඔහු මුලින්ම මේ කාරණාවට අකමැත්ත පෙන්නුවාත් පස්සේ කැමැති වෙනවා. ඔහුගේ ලොකුම හිනය තමයි ජිවිතේ ගණිත ආචාර්යවරයෙක් විදියට ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උගන්වන්න යන්න. කොහොම හරි කසාදේ කාලේදිම ඔහුට එහි පත්විමක් ලැබෙනවා. නමුත් පොඩි අවුලක් තියනවා දියා හා එයාගේ පවුලේ අය කැමැති නැහැ දියා ඉන්දියාව දාලා කොහේවත් යනවාට. මේ කාරණාව නිසා ජයේට මේ කසාදය එපා වෙනවා… මේ නිසා දියා එක්ක ලොකු බහින්බස් විමකුත් ඇති වෙනවා කසාදයට පෙර දින රාත්‍රියේ… කොහොම හරි උදේ උනාම ජයේට වෙන්නේ කිසිදාක නොසිතපු දෙයක්.. ඔහු දින දහයක් අනාගතයට ගිහින්… පහු ගිය දින දහාය ගැන ඔහුට කිසිම වැටහිමකුත් නැති වෙනවා… ඒ විදියට ජයේ දිනක් ගත කරලා නිදා ගන්න සැම රාත්‍රියකම ඔහු දින කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් අනාගතයට ගිහින් තමයි ඇහැරෙන්නේ. මේහෙම වෙන්න හේතුව මොකක්ද කියලා දැන ගන්න නම් චිත්‍ර‍පටිය බලන්නට වෙනවා… කොහොම හරි චිත්‍ර‍පටියෙන් අපිට පෙන්වන්න උත්සහා කරලා තියෙන්නේ මේ ලැබිලා තියන ජිවිත කාලයේ…අනාගතය ගැන දුක්නොවි අද මේ ඔයාලට ලැබිලා තියලා දෙයින් සතුටු වෙන්න උත්සහා කරන්න කියලා…. එහෙනම් අරන් බලන්න…තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු එහෙනම්…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram