spot_img
spot_img
More

    Badla (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ උපසිරැසිය ඉක්මනින්ම ඔබට දෙන්න බලාපොරොත්තුවෙන් හිටියත් ගිය ඉරිදා දිනයේදී සිදු වුනු ඒ අවාසනාවන්ත සිදුවීමත් එක්ක වැඩේ කල් ගියා. සතියක විතර ප්‍රමාදයකින් පසුව තමයි අද මේ විදියට මේ පලිගැනීමේ කතාව උපසිරැසි ගන්වලා අරගෙන ආවේ. මේක සුජෝයි ඝෝෂ්ගේ අධ්‍යක්ෂණයක්. සුජෝයි ඝෝෂ් කිවුවාට දන්නෙ නැති කෙනෙක් ඉන්නවා නම් Kahaani කිවුවාම මතක් වේවි. ඔවු මේකත් කහානි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේම අධ්‍යක්ෂණයක්. IMDB දර්ශකය 8.2/10ක් ලෙසයි සටහන් වෙන්නේ. Crime, Drama, Mystery කියන වර්ගීකරණයට අයත් මෙම චිත්‍රපටය 2017 වසරේ තිරගත වුනු The Invisible Guest කියන ස්පාඥ ත්‍රිලර් චිත්‍රපටයේ බොලිවුඩ් ප්‍රතිනිර්මාණය. අමිතාබ් භච්චන්, තප්සී පන්නූ, අම්රිතා සින්ග්, මානව් කෝල් සමගින් ටෝනි ලුක් චිත්‍රපටයට ප්‍රමුඛ රංගනයෙන් දායක වෙනවා. ඔබ ත්‍රිලර් චිත්‍රපට රසිකයෙක් නම් මෙන්න තියෙනවා ඔබටම කියාපු චිත්‍රපටයක්… දෙපාරක් හිතන්නේ නැතිව නරඹන්න. උපරිම කුතුහලයකින් නරඹන්න පුලුවන් චිත්‍රපටියක් වගේම මේක අවසානයේදි ප්‍රේක්ශකයා අන්දමන්ද කරන වර්ගයේ චිත්‍රපටයක්.

    නේනා සේති (තප්සී පන්නූ) රූමත් විවාහක කාන්තාවක්. ඇය වසරේ හොඳම ව්‍යාපාරිකාව විදියට සම්මානයට පවා පාත්‍ර වුනු දක්ෂ ව්‍යවසායිකාවක්. තමන්ගේ සැමියා වන සුනිල් සහ දියණිය සමගින් සතුටින් කාලය ගත කරන නේනා සේතිගෙ ජීවිතේම එක මොහොතකින් වෙනස් වෙන්නේ ඇයට මිනීමැරුම් චෝදනාවක් එල්ලවීමත් එක්ක. අර්ජුන් කියන තරුණයාව හෝටල් කාමරයක් තුල මරා දමා තිබෙද්දි පොලීසිය විසින් සොයා ගන්නවා. එම අවස්තාවේ නේනා ඉන්නෙත් ඒ හොටෙල් කාමරය ඇතුලේ. කාමරය ඇතුලතින් අගුලු දමා තිබෙනවා වගේම ඔවුන් දෙදෙනාට අමතරව කිසිම කෙනෙකු ඇතුලු වූ බවක් හෝ පිට බවකට කිසිම ‍සාක්ෂියක් නෑ. නේනා සාක්ෂි දෙමින් කියා සිටින්නේ තමන් අර්ජුන් සමගින් පැවැත්වූ අනියම් සම්බන්දය දැනගත් කිසිවෙකු තමන්ට තර්ජනය කල බවත් පවුම් 100,000ක කප්පම් මුදලක් ඉල්ලූ නිසා එය දීමට ගිය පසු හෝටල් කාම‍රයේදී අර්ජුන් ඝාතනය වී ඇති බවත්, කප්පම් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයා මෙම මිනීමැරුම කරන්නට ඇති බවත්ය. නමුත් කප්පම් මුදල ලෙස ගෙවීමට රැගෙන ගිය පවුම් 100,000ක මුදල තවමත් ඝාතනය සිදු වූ කාමරයේම ඉතුරුව තිබෙන නිසා මිනීමැරුමට සැක පිට නේනා සේතිව අත්තඩංගුවට ගන්නවා.

    ඇප මත මුදාහරින නේනා වෙනුවෙන් විත්තියේ නීතීඥයා හැටියට පෙනී ඉන්න බාදල් ගුප්තාට (අමිතාබ් භච්චන්) සිද්ද වෙනවා ඇති වී තිබෙන සියලු අවුල් ලෙහා දමමින් නේනා සේතිගේ නිර්දෝශීබව ඔප්පු කරන්නට. එය කිසිසේත්ම ලේසි පහසු කටයුත්තක වෙන්නේ නම් නැහැ. නේනා සේතිගේ කට උත්තරයේ ඇති නොගැලපීම් සමගින් ඉදිරියට යන බාදල් ගුප්තා හෙලිදරව් කරගන්නේ ප්‍රේක්ශක අප කිසිලෙසකින්වත් නොහිතන විදියේ සිද්දීන් සමුදායක්. අර්ජුන්ගේ මිනීමරුවා සොයාගන්නට බාදල් ගුප්තා සමගින් ඔබටත් එක්වෙන්නට හැකියි ඔබගේ නිරීක්ෂණ සහ නිගමනද සමගින්. බලන්න අවසානයේදි ඔබගේ නිගමන කොයි තරම් දුරට හරිද කියලා.

    තවත් උපසිරැසියක් සමගින් හමුවෙන බලාපොරොත්තු ඇතිව මම සමුගන්නවා ඔබට සුභ දවසක් සහ යුධ බියෙන් තොර හෙට දිනක් ප්‍රාර්ථනා කරමින්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Badla.2019.Sinhala.Subtitle.rar – Downloaded 1478 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram