today-is-a-good-day
More

    Badrinath (2011) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Badrinath (2011) Sinhala Subtitle

     

    තෙළුඟු සිනමාවේ ස්ටයිලිෂ් ස්ටාර්, අයිකනික් ස්ටාර් යන නාමයන්ගෙන් හඳුන්වන අල්ලු අර්ජුන්ගේ, ටර්නින් පොයින්ට් එකක් වුණු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මාත් ඇතුළුව ගොඩක් අය මේක බලල ඇති අනිවාරෙන්ම. මොකද දැනටමත් උපසිරැසි තියෙන එකක් නිසා. (එකල උපසිරැසි ලබා දුන් ඒ අයට මගෙ ස්තුතිය). ඒත් මමත් ආස නිසා කරන් ආවා.

    බද්‍රිනාත් කියන්නේ දේවස්ථානයක්. ඉතිං මේ දේවස්ථානය තමයි සියළු දේවස්ථාන අතරින් ප්‍රධානම දේවස්ථානය. භීෂ්ම නාරායන කියන තැනැත්තෙක් තමයි පාලනය කරන්නෙ. ඉතිං මොහු සමස්ථ සටන් කලාවම ප්‍රගුණ කරපු සහ ඒවා ශිෂ්‍යයින්ට උගන්වන ගුරුවරයෙක්.

    බද්‍රිනාත් දේවස්ථානය ඇතුළු සෙසු දේවාලයන් සියල්ලම ආරක්ෂා කරන්න මොහු විසින් දේවාල ආරක්ෂකයින්ව පුහුණු කරවනවා. ඒ අතරින් බද්‍රිනාත් දේවස්ථානය ආරක්ෂා කරන්න තමයි අපේ කතාවෙ වීරයා බද්‍රිට පැවරෙන්නේ. ඒවගේම ඔහු තමයි මේ ගුරුතුමාගේ ප්‍රියතම ශිෂ්‍යා වෙන්නෙත්.

    කටයුතු සියල්ල සාමකාමීව සිදුවේගෙන යනකොට, එක්තරා දිනයක මෙම දේවාලයට පැමිණෙන සල්ලිකාර , අහංකාර කෙල්ලෙක් බද්‍රිනාත් දේවස්ථානයේ පහනක් නිවනවා හැමෝම ඉස්සරහා අහංකාරෙන්. මේක දැකපු බද්‍රි, ඇයව උස්සා අසල වූ ගංඟාවට විසි කරනවා පාලමක් උඩ ඉදලා.

    ඒ පහණ නිවා දැමුවාට ඇයට පහන් ලක්ෂයක් දල්වන්නත් වෙනවා. ඉතිං ඔහොම යනකොට ඇයට බද්‍රි කෙරෙහි ආදරයක් හට ගන්නවා. නමුත් යම් සිදුවීමක් නිසා බද්‍රිව ඇයට නොලැබෙන තැනට කටයුතු වෙනවා. නමුත් මේ දේවස්ථානයේ යම් පිළිවෙතක් තියෙනවා, ඒ දේ කලාම තමන්ගෙ සිතේ තියෙන දේ ඉටු වෙනවා. මේ කටයුත්තෙ නිරතවෙමින් සිටින කොට තමයි ඒ කෙල්ලගෙ (ආලකනන්දා) පසුබිමෙ ඉන්න චරිත එළියට එන්නේ. මැයගෙ නැන්දනිය බලෙන්ම මැයව ඇයගෙ පුතාට කසාද බන්දන්න තමයි උත්සහ කරන්නේ.

    බොහෝ මැරයන් සිටින නැන්දනිය, සර්කාර් නම් ප්‍රසිද්ධ මැරයෙක්ගෙ බිරිදක්. ඉතිං බද්‍රිනාත් වෙතත් මේ මැරයින් ළගා වෙනවා. ඊට පස්සෙ බද්‍රිත් මේ දේවල් වලට පැටලිලා බොහෝ සිදුවීම් වන්නට ගන්නවා. පසුව බද්‍රිව අභිබවා නැන්දනිය විසින් මැයව අරන් යනවා.

    කාලය ගෙවෙනවත් එක්කම ආලකනන්දාත් ඇයව යළිත් නැන්දනියගෙන් මුදාගන්න බද්‍රි එයි කියලා බලන් ඉන්නවා. නමුත් බද්‍රි දන්නෙ නෑ ඇය ඔහුට ආදරය කරන බක්වත්. ඒවගේම ගුරුතුමාද බද්‍රිට ආලකනන්දා එක්ක සිටින එකට කැමැත්තක් දක්වන්නෙ නෑ. බද්‍රි ඉතිං ගුරුතුමා කියන ඕනෙම දෙයක් කරන කෙනෙක්.

    ඉතිං මේ සිරකාර ආලකනන්දාව මුදාගැනීමට රණශූර බද්‍රි හට පුළුවන් වෙයිද?

    ආයෙත් පරණ මතක අලුත් කරන්න කැමති අයට සහ නොබලපු අයට, ඔන්න එහෙනම් Bluray පිටපතින්ම නරඹන්න පුළුවන්. zoomlinkhub එකෙන් ඔයාට මේකේ පිටපත ලේසියෙන්ම අරගන්න පුලුවන්… Youtube කොපිය පැහැදිළි බව අඩුයි(1080) බ්ලූරේ පිටපත හා සංසන්දනය කරන විට. නමුත් මම පසුව Youtube කොපියටත් උපසිරැසිය යාවත්කාලීන කරන්නම්. ලයින් බයි ලයින් සින්ක් කරන්න වෙනවා ඒකට.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Badrinath (2011) සිංහල උපසිරැසි” Badrinath.(2011).Sinhala.Subtitle.rar – Downloaded 1614 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
      උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
      ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
      මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
      ඔබටත් , ඔබ පවුලේ සැමටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram