today-is-a-good-day
More

    Banshee (2015) TV Series Season (03) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මමත් ඇතුලූව ගොඩක් දෙනෙක් නොයිවසිල්ලෙන් බලන් හිටපු කතාමාලාවක තුන්වෙනි කතාමාලවේ විකාශය ඊයෙ ආරම්භ වුනා, මේක රහ දන්නෙ ඉතින් බැන්ශේ බලන අයම තමා! කතාව ගැන පොඩ්ඩක් විස්තර කරනවානම් 2013 දි විකාශය ආරම්භ කරපු මෙහි මේ වනවිට කොටස් දහය බැගින් කතාමාලා දෙකක් විකාශය වෙල තියෙනවා, Cinemax නාළිකාව ඔස්සේ විකාශය වන මෙය හොදම ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රයෝග වලට හිමි කතාමාලාවේ සම්මානයක්ත් දිනාගන්න සමත් වෙලා තියෙනව, IMBD දර්ශකයේ 8.3ක් සහ Tv.com දර්ශකයේ 9.1 වගේ ඉතාමත් ඉහල අගයක් ලබාගන්න මෙය සමත් වෙලා තියෙනවා, සුපිරිම මට්ටමේ ඇක්ශන් සපිරුනු මෙහි එක් කොටසක් විනාඩි 50ක් දිවයනවා, ඒවගේම බැන්ශේ කතාමාලාවට උපසිරැසි ලබාදුන්න පුරෝගාමී වුන උදාර අයියවත් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ!

    පහුගිය කතාමාලාව අන්තිමේදි ඔයාලට මතක ඇති කිනාහෝ ගෝත්‍රයේ නායකයා වුන ඇල්ක්ස් ලෝන්ග්ශැඩෝව ප්‍රොක්ටර්ගෙ ලේලි වෙන රෙබෙකා විසින් ඝාතනය කරනවා, කිහානෝ ස්වදේශික ගෝත්‍රයේම උප කොටසක් වෙන රෙඩ්බෝන් ගොත්‍රයේ මැරයෙක් වෙන චේටන් ඇලෙක්ස්ගෙ මරනය ආරංචි වෙලා ආපහු බැන්ශේ වලට එනවා, ඒ තමන්ගෙ ගෝත්‍රය වෙනුවෙන් සටන් කරනන්න පටන් ගන්න, එහෙනම් මුල්ම කොටසෙදි චේටන් වැඩ පටන් ගන්නවා, ඒවගේම රෙබෙකා, ප්‍රොක්ටර් අතරේ අඹුසැමි සම්බන්දයක් කලින් තිබුනෙ නැති වුනාට, තව දුරටත් ඒක එහෙම වෙන්නෙ නෑ! ඒවගේම අපේ කතානායක හුඩ් දිගටම එයාගෙ වැඩටික කරගෙන යනවා, ඒවගේම එයාගෙ දුව වෙන ඩේවා එක්කත් මේ කතාමාලාවෙදි හොද සම්බන්දයක් ඇති කරගන්න සමත් වෙන පාටක් තමයි පෙනෙන්නේ, ඒවගේම බැන්ශේ පොලිසියේ සේවය කරපු එමිට්ව ඝාතනය කරපු හොන්ඩෝවත් කට්ටියම එකතු වෙලා ඉවරයක් කරනවා, ඒවගේම කලින් කොටස් වලදි අතීතය ගැන කිසිම සදහනක් නොවුන බ්‍රෝක්ගෙ අතීත කතාවත් අපිට මේ කොටසෙන් බලාගන්න පුලුවන්කමක් ලැබෙයි වගේ. ඒවගේම ජොබ් ආපහු බැන්ශේ වලට එන්නෙ නෑ කිව්වාට එයාට ආපහු බැන්ශේ වලට එන්න හේතුවක් වෙනවා, ඒ තමයි හුඩ් මෙච්චර කල් කරන්න හිතපු ලොකුම හොරකමක් එයාලට ලැබෙන එක! ඒ මොනවද කියලා මම විස්තර කරන්න යන්නෙ නෑ, පලවෙනි කොටසෙදිම සෑහෙන්න ක්‍රියාදාම ටිකක් බලාගන්න පුලුවන්, කතාව එන්න එන්න උණුසුම් වෙන පාටක් තමයි මුල් කොටසෙ ඉදන්ම පේන්න තියෙන්නේ, එහෙනම් මම ගිහින් එන්නම්,

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD TV පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

    Download “Banshee (2015) Season 03 සිංහල උපසිරැසි” Banshee.(2015).Season.03.Complete.Sinhala.Subtitles.rar – Downloaded 2017 times – 263 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පළමු කතාමාලාවේ උපසිරැසි                 දෙවැනි කතාමාලාවේ උපසිරැසි 

    සුපුන් වීරසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    Leave a Reply to Eshira Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram