spot_img

Baywatch (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් ඉංග්‍රිසි කොමඩි චිත්‍ර‍පටියක් තමයි අරගෙන ආවේ. මට ඉතින් උපසිරැසි දාන්න වෙන්නේ සති අන්තයේ තමයි ඒ නිසා තමයි ටිකක් පමා වුනේ. කොහොම හරි මේ චිත්‍ර‍පටියේ ලයින් 2000ක් වගේ තිබුනා වැඩේ අත හැරියේ නැහැ ඊයේ උදේම පටන් අරන් අද පාන්දර වෙද්දි කොහොම හරි දාලා ඉවර කලා. මොකද නැත්නම් තවත් පරක්කු වෙනවා… කොහොම හරි මේ පාර අරන් ආවේ මං කලින් සැරේ දුන්න එකටත් වඩා හොද එකක්.. මේ චිත්‍ර‍පටියේ නම අපිට බොහෝම හුරුපුරුදුයි. මොකද මේ නමින්ම ටිවි සිරිස් එකක් නිකුත් වුනා 1999 වර්ශයේදි… එකේම චිත්‍ර‍පටියක කොටසක් ලෙස තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2017 දි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Dwayne Johnson,Zac Efron,Alexandra Daddario රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම හින්දි සිනමාවෙන් ලෝකය දැන හැදින ගත් Priyanka Chopraත් මෙහි චරිත නිරුපනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් මිච් කියන්නේ වෙරළේ සිටින ජිවිතාරක්ෂක කණ්ඩායමක නායකයා. ඔහු මේ මුහුදට වෙරළට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඔහුට දිනක් වෙරළේ තියලා මත්ද්‍ර‍ව්‍ය පැකට් එකක් ඇහිදින්න ලැබෙනවා. මේ විදියට දින දෙක තුන යද්දි ඔහුට තවත් මේ වගේම මත්ද්‍ර‍ව්‍ය පැකට් වෙරළේ තිබිලා හොයාගන්න ලැබෙනවා. මිච් විශ්වාස කරන විදියට වේරළා සන්නව පිහිටි සමාජ ශාලාවකින් මේ මත්ද්‍ර‍ව්‍ය බෙදාහරින බවට සැක කරනවා. නමුත් මිච්ට හරියාකාර සාක්ෂියක් ලැබෙන්නේ නැහැ මේ ගැන. මේ අතර කාලයේදි තමයි බේ වොච් ජිවිතාරක්ෂක කණ්ඩායමට අලුතින් කට්ටිය බදවාගන්නේ. මේ බදවා ගැනිමට සහාභාගි වෙනවා මැට් බ්‍රෝඩී නම් තරුණයෙක්. මොහු ඔලිම්පික් වල පිහිනිමෙන් රත්තරං පදක්කම් දෙකක් දිනපු කෙනෙක්. මේ නිසාම මැට් ඉන්නේ තමන් ගැන ටිකක් ලොකුවට හිතාගෙන… ඉතින් මැට් හා මිච් අතරත් හොද හොද දේවල් සිද්ධවෙනවා… ත්‍රාසය කුතුහලය වගේම විනෝදයත් එකට කැටිවුන මේ සිනමා සිත්තම රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram