spot_img

Bhoomi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න කලින් චිත්‍ර‍පටිය දිලා දවස් දෙකෙන් ආපහු තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් ආවා. මේක ඇක්ෂන් හා ත්‍රීලර් ඝනයට අයත් වෙන චිත්‍ර‍පටියක්. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Omung Kumar විසින්. මේරිකොම් චිත්‍ර‍පටියත් ඔහුගේම අධ්‍යක්ෂණයක් තමයි. කාලේකට පස්සේ සන්ජේ දත් විසින් චිත්‍ර‍පටියක රංඟනයෙන් දායක වෙනවා. ඔහු කාලයක් සිනමාවේ නොපෙනෙන්න කාරණාවක් තිබුනා. ඒ ඔහු හිරගත වෙලා සිටිම. ඉතින් නිදහස් උනාට පස්සේ කරපු පලවෙනි චිත්‍ර‍පටිය තමයි මේක. සන්ජේ දත්ගේ නැවත ආගමනයක් ලෙසත් මේ චිත්‍ර‍පටිය හදුන්වන්න පුලුවන්. මෙහි ප්‍ර‍ධාන නිලියගේ චරිතයට පණපොවන්නේ Aditi Rao Hydari විසින්. ඒ වගේම Sidhant Gupta විසින් මෙහි තවත් ප්‍ර‍ධාන චරිතයක් ලෙස චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන නිලියගේ චරිතයට මුලින්ම තෝරගන්න ඉදලා තියෙන්නේ Alia Bhattව නමුත් මොකක් හෝ හේතුවක් නිසා ඇයගෙන් ගිලිහිලා මේක Aditiට ගිහින් තියනවා..

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් පියෙක්ගේ හා දුවෙක්ගේ කතාවක් තමයි චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ. භූමි කියන්නේ ලගදි කසාද බදින්න ඉන්න යුවතියක්. එතකොට නිරජ් කියන්නේ ඇය කසාද බදින්න ඉන්න කෙනා.භුමිගේ තාත්තා තමයි අරුන් (සංජේ දත්) කියන්නේ. කොහොම හරි තමන්ගේ දුවගේ මංගල්‍ය ලොකුවට ගන්න අරුන් ලැස්තිවෙනවා. මේ අතර කසාද වෙන්න දවසේ පෙර දවසේ රාත්‍රියේ භූමිව කිසියම් පිරිසක් පැහැරගෙන ගිහින් දුෂණය කරනවා.. මේ නිසා ඇයගේ කසාදය විතරක් නෙමෙයි සමාජයේ නින්දා ගැරහුමුත් ලබන්න සිද්ධවෙනවා. මොවුන් නිතියේ පිහිට පැතුවාත් ඒකත් ඔවුන්ගේ හරහාට හිටිනවා. තමන්ගේ දුවගේ ගෞරවය නැති කරපු අයට නිතියෙන් බැරි නම් තමන්ගේ හයියෙන් හරි දඩුවම් කරන්නම් කියලා භුමිගේ තාත්තා හිතාගන්නවා… භූමිව පැහැරගෙන ගිහින් දුෂණය කලේ කවුද ඒකට හේතුව මොකක්ද? එතකොට භුමිගේ පියා අරුන් ඔවුන්ගෙන් පලිගන්නේ කොහොමද කියලා දැනගන්න මේක අරන්ම බලන්න.. ඕං අපි ගියා..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram