spot_img
spot_img
More

    Bird Box (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කාලයකට පස්සේ බලපු ඉතාමත් හොඳ සංකල්පයකට නිර්මාණය වුණු විශිෂ්ඨ චිත්රපටයක් විදියට “Bird Box (2018)” නම් කරන්න පුළුවන්.. මෙය තුළ ලොකු කියවීමක් තියෙන බව නම් කියන්න ඕන.. Bird Box වගේ චිත්රපටයක් මීට කළින් බැලුවේ “The Happening (2008)” තුළින් පමණයි. මේ Bird Box එක තුළ ලොකු කියවීමක් තියෙනවා කියලා මං මුලින් ම කිව්වා, ඉතින් මට ඒක දැනුණු විදිය ඔබත් එක්ක කතා කරන්න හිතුවා..

    චිත්රපටය ගැන කෙටියෙන් කිව්වොත් චිත්රපටය තුළ තියෙන්නේ එක්තරා අත්භූත බලවේගයක් මිනිස්සුන් ට තමන් විසින් ම සියදිවි නසා ගැනීමට බල කිරීමක් පිළිබඳවයි. මෙය සිදුවන්නේ මෙම අත්භූත බලවේගය දෙස බැලු විට පමණි. ඔබ එය දෙස නොබලන තාක් ඔබගේ ජීවිතය ආරක්ෂාකාරී වනු ඇත…

    ඉතින් මොකක්ද මේ අත්භූත බලවේගය? මෙය රූපමය විදියට අපිට චිත්රපටය පුරාවට දකින්න ලැබෙන්නේ නැහැ. එය සුළඟක් විදියටයි පෙන්වන්නේ.. ඒත් මෙය දෙස බලන කෙනාට එය රූපමය ආකාරයෙන් දකින්න පුළුවන්. එතකොට මේ බලවේගය ගන්නේ කොයි වගේ රූපයක් ද…? මේ බලවේගය ගන්නේ ගොඩාක් වෙලාවට ඒ දිහා බලන කෙනාගේ හිතේ වැඩියෙන් ම රැඳිලා තියෙන දේ.. ඒ රැඳීලා තියෙන දේ අඳුර මතකයක්, තමන් ට වැඩියෙන් ම දකින්න ඕන කෙනා වගේ දෙයක් වෙන්න පුළුවන්.. ඒ මතකය හරහා මේ බලවේගය පුද්ගලයාගේ සිත තුළට කා වදිනවා. ඊට පස්සේ ඒ දෙය වෙනුවෙන් සියදිවි නසා ගන්නා තැනට පත් කරන්නට මේ බලවේගය කටයුතු කරනවා.තමන්ගේ හිතේ වැඩියෙන් ම දකින්න කැමති තමන් ඉදිරියේ තියෙනවා නම් කිසිම කෙනෙක් නොබලා ඉඳීද? කොහොම නමුත් මේ අත්භූත ඡීවීන්ගේ ප්‍රහාරයෙන් තමන් ලග ඉන්න දරුවෝ දෙන්න රැකගන්න අම්මා කෙනෙක්ට පුළුවන් වෙයිද කියලා දැනගන්න නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “Bird Box (2018) සිංහල උපසිරැසි” Bird.Box.2018.Sinhala.Subtitle.rar – Downloaded 900 times – 37 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram