spot_img

Blacklight (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Blacklight (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ත්‍රාසජනක චිත්‍රපටියක්. ප්‍රධාන චරිතයට තෝරගෙන තියෙන්නේ Liam Neeson ව. නම කියපු ගමන් හැමෝම බලාපොරොත්තු වෙන්නේ Taken චිත්‍රපටි මාලාව වගේ හැපනින් චිත්‍රපටියක්. ඒකම තමයි මේ චිත්‍රපටියේ යම් අසාර්ථකත්වයක් දකින්න ලැබෙන්නේ. කොහොම වුනත්, සමස්ථයක් විදියට, හොඳ කතාවක්, රස විඳිය හැකි විදියට නිර්මාණය කරලා තියෙනවා.

Mark Williams විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය ඔහු සමඟ තව කීප දෙනෙක් එකතුවෙලා තමයි නිෂ්පාදනය කරන්නේ. ඩොලර් මිලියන 43ක පමණ වියදමකින් නිෂ්පාදනය කලත්, ඒ මුදල හොයාගන්න බැරි වුණා කියලා තමයි box office වාර්ථා වල තියෙන්නේ. රඟපෑම සඳහා තෝරගත්තේ Liam Neeson (ට්‍රැවිස් බ්ලොක්), Emmy Raver-Lampman (මීරා), Taylor John Smith (ඩස්ටි), Aidan Quinn (රොබින්සන්) ඇතුළු පිරිසක්.

කතාව දිවෙන්නේ, FBI එකේ රහස් මෙහෙයුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන විශේෂ නියෝජිතයෙක් වටා. ට්‍රැවිස්ගේ රාජකාරිය තමයි, රහස් ඔත්තු සේවයේ ගැඹුරටම ගිහින් ඉන්න පරීක්‍ෂකයන්ට, එතනින් ගැලවෙන්න උදව් වෙන එක. නමුත්, මෙහෙදී ඔහු සොයාගන්නවා, නීතියේ නාමයෙන් අහිංසක මිනිස්සු මරන සැලැස්මක්. මේකට එරෙහිව ක්‍රියාත්මක වෙන ට්‍රැවිස්ට මුහුණ දෙන්න වෙන අභියෝග තමයි මේකේ තියෙන්නේ. වෙනස් විදියේ කතාවක්. ඒ නිසා මේ සිංහල උපසිරැසි සමඟින්, චිත්‍රපටිය රස විඳින්න ආරාධනා! ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram