More

    Blind (2011) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හදවතයි දුර්වල..
    ඔයාගෙ ඇස් නොපෙනෙන එක ලොකු දෙයක් නෙවෙයි..
    සමහර පොළිස් නිළධාරීන් වැරදිකාරයො පස්සෙන් යන්නෙ මූහුණවත් නොදැන..
    ඒක නිසා ධෛර්‍යමත් වෙන්න..
    මාත් අතාරින්නෙ නෑ..ඔයත් ධෛර්‍යමත් වෙන්න..

    2011 වර්ෂයේ නිකුත් වුන Blind එහෙම නැත්නම් “අන්ධයා” කියන කොරියන් චිත්‍රපටයට තමයි අපි මේ උපසිරැසි ගන්වන් එන්නේ.. IMDb අගය 6.8 ක් හිමි උනු Thriller/Mystery චිත්‍රපටයක් වන මෙය, Grand Bell සම්මාන කිහිපයක් දිනාගෙන තියෙනවා..

    Best Actress
    Best Leading Actress
    Best Screenplay
    ආදී වශයෙනුත්, වගේම තව සම්මාන කිහිපයකටම නිර්දේශ වෙලත් තියෙනවා…

    අක්ක කෙනෙක් සහ මල්ලි කෙනෙක්…එක්තරා අනතුරක්…ඉතිං මේ අනතුරෙන් මල්ලි වියෝ වෙන අතර අක්කා දෘෂ්‍ය ආබාධිත වෙනවා.. ඒ කියන්නෙ ඇස් අන්ධ වෙනවා….මේ අක්කා ඇවිල්ලා පොළිස් පුහුණුව තියෙන කෙනෙක්..වැඩි කල් ඉන්න ලැබුණෙ නෑ, අනතුර නිසා සේවය හැර යනවා…ඉතිං ඔහොම කාලේ ඇවෑමෙන් දිනක් ඇය හෝල්ට් එකක ඉන්නකොට කාර් එකක් නවත්තනවා, ටැක්සියක් කියලා තමයි කියන්නේ..සුඛෝපභෝගී එකක්.. ඔහොම ඒ කාර් එකේ ටික දුරක් යන කොට එකපාරටම යමක් හැප්පෙනනවා..ඔතනින් තමා  මේ කථාව ඇරඹෙන්නේ..කාර් ඩ්‍රයිවර් සාමාන්‍ය කෙනෙක් නම් නෙවෙයි.එලෙස තමයි විලන්  චරිතෙ මැයගෙ අන්ධකාර ජීවිතයට ඇතුළු වෙන්නේ..

    එලෙසම ඉහතදී හැප්පුනායැයි කියන දෙය ඇසින් දුටු සාක්ෂි කාරයෙක් මතුවෙනවා..එයා මැයගෙ මල්ලි  වගේ තරුණයෙක්…ඉතිං ඔහුත් මේ කතාවේ හිරවෙනවා…එහෙනම් ඔන්න ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. පොලීසිය නම් කියන්නෙ මොහු සල්ලි ගන්න බොරු සාක්ෂි දෙන්න ඇවිත් කියලයි.. එහෙනම් බලන්නකො අන්ධ තරුණිය සහ මෙම තරුණයා කෙලෙස නම් විලන් චරිතයෙන් ගැළවෙයිද කියලා..මොකද විලන් මොහුන් දෙපළ ලුහුබදිනවා…. වැරැදි කලා නම් සාක්ෂි ඉතිරි කරන්න හොද නෑනේ..

    ඒ වගේම මේ චිත්‍රපටය චීනය, ජපානය ආදී රටවලත් යළි ප්‍රතිනිර්මානය වෙලා තියෙනවා වගේම ඉදිරියේදී පැමිණීමට නියමිත”ලේඩි සුපර් ස්ටාර්” නයන්තාරා රංගනයෙන් දායක වෙන “NETRIKANN” නැත්නම් “තෙවෙනි ඇස” කියන චිත්‍රපටයත් මේකෙ ප්‍රතිනිර්මාණයක් වෙනවා..

    මේ Blind චිත්‍රපටයේ නළු නිළි කැල මෙසේයි..
    Kim Ha-neul
    Yoo Seung-ho
    Park bo-Gum
    Jo hee-bong
    Kim Mi-kyung
    Kim Kyun-ik යන අර ප්‍රධාන තැනක් ගන්නවා..

    නළු නිළි කැල වගේම ප්‍රතිනිර්මාන දැක්කම තේරෙනවනේ මොන වගේ ඇතිද කියලා..එන්නම් බලමු මේ  අන්ධ තරුණිය සහ සාක්ෂිකාරයා මිනීමරු විලන් ගෙන් කෙසේනම් බේරෙයිද කියලා..

    “ඔයාගෙ ඇස් වලට මොනවත්ම පේන්නෙ නෑ..” “ඒත් මගේ ඇස් වලට ඔයාවම විතරයි පේන්නේ..”

    එහෙනම් අපි ගියා තවත් සලරුවකින් මුණගැසෙමු..

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බුලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Blind (2011) සිංහල උපසිරැසි” Blind.(2011).Sinhala.Subtitle.rar – Downloaded 1078 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram