More

    Bliss (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    BLISS (2021) සිත් ගන්නා සුළු ආදරණීය කතාවක්. විද්‍යාත්මක පසුබිමක ඉඳගෙන, ආත්මගත ආදර අන්දරයක් තියෙන චිත්‍රපටියක්. මේ අවුරුද්දේ වසංගත තත්වයත් එක්ක නිකුත් වුනු හොඳ චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.මේ චිත්‍රපටිය රචනා කරලා, තිර පිටපත හදලා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mike Cahill විසින්. ගොඩාක් දක්ෂ ආකාරයට නළු නිලියන් සහ දර්ශණ තල හසුරුවමින් කරලා තියෙන නිර්මාණයක් කියන්න පුළුවන්. රගපෑමෙන් දායක වෙනවා Owen Wilson, Salma Hayek, Nesta Cooper ඇතුලු නළු නිලියන් රැසක්. හැමෝම තම තමන්ගේ කාර්යය මැනවින් ඉෂ්ඨ කරලා තියෙනවා.

    Ratings ගැන කතා කරන්න තාම ඉක්මන් වැඩියි. ඒත් මේ වෙනකොට IMDB 5.3, Rotten Tomatoes 30%, Screenrant 2, Google Users 52% වැනි අගයන් අරගෙන තියෙනවා. බහුතරයක් දෙනා කතාව තේරුම් ගැනීමේ අපහසුව නිසා කැමැත්ත පල නොකලා කියලායි විචාරකයෝ පවසන්නේ.

    කතාව ගැන කෙටියෙන් කිව්වොත්, මෑතකදී දික්කසාද වෙච්ච දෙදරු පියෙක්ට හදිසි අනතුරක් වෙනවා කාර්යාලයේදී. එයින් බේරීමට යන අතරේ හමුවෙන කාන්තාවක් පවසන්නේ මේ ජීවත් වෙන ලෝකය ඇත්ත ලෝකයක් නොවන බව. ජීවත් වෙන මිනිස්සු ඇත්ත මිනිස්සු නොවන බවත් සියල්ල පරිගණක වැඩසටහනක් බවත් ඇය පවසන්නේ. මේ න්‍යාය ටිකෙන් ටික අපේ කතා නායකයාටත් විශ්වාස ගැන්වීමට ඇය කටයූතු කරන්නේ දෙදෙනා අතරේ ආදරයක් හටගන්නා අතරතුරදී. මේ දෙදෙනාගේ ඉදිරි ජීවිතය මොන වගේ වෙයිද? පරිගණක වැඩසටහන කුමක්ද? ඇත්තටම අපි මේ ජීවත් වෙන ලෝකය ඇත්ත එකක් නෙමෙයිද? මේවාට පිළිතුරු තියෙන්නේ මේ චිත්‍රපටිය ඇතුලේ. සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න… ජයවේවා!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Bliss (2021) සිංහල උපසිරැසි” Bliss.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1210 times – 38 KB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      Request :
      Silk Road (2021)

    Leave a Reply to ashan lankanath Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram