today-is-a-good-day
More

    Blue Miracle (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Blue Miracle (2021) මේ අවුරුද්දේ මෙක්සිකෝවේ නිෂ්පාදනය වෙච්ච තවත් Netflix චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ කතාව දිවයන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්. මෙක්සිකෝවේ කාබෝ දූපතේ සුළු පරිමාණයෙන් ආරම්භ කෙරුණු පිරිමි අනාත නිවාසයක පැවැත්ම තමයි මේ කතාවේ ප්‍රධාන තේමාව වෙන්නේ. සත්‍ය සිදුවීම් ඇසුරෙන් චිත්‍රපටි කොතෙකුත් නිෂ්පාදනය වුනත්, මේකේ විශේෂත්වය වෙන්නේ මේ කතාවේ ඉන්න සියළුම දෙනා තාමත් ජීවතුන් අතර සිටීමත් සහ මෙහි එන සියළුම ස්ථාන සහ සිදුවීම් අදටත් එලෙසම පවත්වාගෙන යෑමයි. 2021 මැයි මාසේ 27 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටියට ලැබිලා තියෙන ratings මෙහෙමයි. IMDB 6.7, RottenTomatoes 68%, Metacritic 48%, Google Users 76%.

    චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Julio Quintana කියන දක්ෂ කෙටි චිත්‍රපටි නිපදවන්නා. මේ කතාවේ ගවේෂණය කරලා තියෙන්නේත් මොහුමයි. තිර රචනයක් විදියට ලියන්න ඔහු Chris Dowling ගේ සහාය ගත්තාලු. රඟපෑමෙන් දායක වෙන්නේ වෙනස්ම විදියේ නළු නිළියන් පිරිසක්. ඔවුන්ගේ දක්ෂතාවය නිසා මේ චිත්‍රපටිය ලස්සන කතාවක් වෙලා. රඟපෑමෙන් Dennis Quaid (වේඩ්), Jimmy Gonzales (ඕමාර්), Bruce McGill (බිස්බි), Fernanda Urrejola (බෙකා) ඇතුළු පිරිසක් දායක වෙනවා.

    මේ චිත්‍රපටිය ගැන මට කිව්වේ පසිඳු මධුරංග සහෝදරයා. ඔන්න එයාගේ ඉල්ලීම ඉටුකලා.කතාව කෙටියෙන් කියනවානම්, කාසා හෝගර් කියන අනාත නිවාසය මෙක්සිකෝවේ කාබෝ දූපතේ තියෙන එකක්. ආර්ථික ප්‍රශ්න වලින් පෙලෙන ඒ කට්ටිය‍ට බැංකුවෙන් ගත්ත ණයක් පියවන්න, අනාත නිවාසය පවත්වාගෙන යන ‍ගොඩනැගිල්ල ආපහු දෙන්න වෙනවා. මේකෙන් බේරෙන්න ඕමාර් තෝරගන්නේ මාළු අල්ලන තරඟාවලියක්. ඒකේ දිනන මුදලින් අනාත නිවාසය බේරගන්න. මෙයාලාගේ උත්සාහය සාර්ථක වෙයිද? විස්තර දැනගන්න මේ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Blue Miracle (2021) සිංහල උපසිරැසි” Blue.Miracle.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1884 times – 926 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      Occupation: Rainfall (2020)
      Thunder Force (2021)
      The Dry (2020)

    2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    3. ලබා දුන් සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram