spot_img

Bogan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මුලින්ම සියලු දෙනාටම සුබ දවසක් කියලා කියනවා.මේ මම හදපු පලමු වන උපසිරැසි නිර්මානය මේක හදන්න ගොඩක් අමාරුවුනා. මොකද කියනවානම් මෙකේ කාල රාමු හදාගෙන උපසිරැසිය නිර්මාණය කරන්න උන නිසා එහෙනම් චිත්‍රපටය ගැන කියනවානම්,

මේ දෙමල චිත්‍රපටය 2 February 2017 ප්‍රදර්ශනය කරේ.එවාගේම හිතන් නැති වෙලාවක තමයි මේ චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් කරේ.මේ චිත්‍රපටයමෙහි ප්‍රධාන නලුවා අපි කව්රුත් දන්නා ජයම් රවි,හා අරවින්ත් ස්වාමි හා හංශිකා මොහොත්වනි තමයි මෙහි රංගනයෙන් දායක වන්නේ, චිත්‍රපටය පිලිබද කියනවානම් ආදිත්යා (අරවින් සාමි) කියන්නෙ යම් ගුප්ත මායා බලයක් තියෙන කෙනෙක් ඒ කියන්නෙ ඔහුට තමන් තුල තියෙන ශක්තිය වෙන කෙනෙක් ගෙ ශරීරයකට මාරු කරලා තමන්ට ඕනම කරන වැඩක් ඒ කෙනාට කියලා කරගන්න පුලුවන්. මේ විදිහට ඔහු බැංකු,ස්වර්ණාභරණ සාප්පු මංකොල්ල කනවා.ඉතින් මොහු බලන් ඉන්දැද්දී තමයි පොහොසත් වෙන්නෙ.එතකොට වික්‍රම් (ජයම් රවී) කියන්නෙ සහය පොලිස් කොමසාරිස්වරයෙක්. මොහුගෙ තාත්තා වැඩ කරන්නෙ බැංකුවක.ආදිත්‍යා ඔහුගෙ මායා බලයෙන් වික්‍රම් ගෙ තාත්තගෙ මාර්ගයෙන් බැංකුවෙ සල්ලි ටික මංකොල්ල කනවා. හැබැයි පොලිස් ප්‍රශ්න කිරීම් වලදී වික්‍රම්ගෙ තාත්තා කියන්නෙ මේ කිසිවක් තමන් දන්නේ නෑ කියලා.හැබැයි ඒ විදිහට සල්ලි හොරකම් කරපු විදිහ බැංකුවෙ CCTV දර්ශන වල සටහන් වෙලා තිබෙනවා.ඉතින් වික්‍රම්ට තමන්ගෙ තාත්තව බේරගන්න මුකුත් කරගන්න බැරිවෙනවා, මොකද සාක්ෂි විදිහට අර CCTV දර්ශන තියෙන නිසා.පස්සෙ කොහොමහරි මේ පිලිබද හෝඩුවාවන් හොයන් යන වික්‍රම්ට ආදිත්‍යා විසින් ස්වර්ණාභරන කොල්ල කාපු දවසෙ CCTV දර්ශන හොයාගන්න ලැබෙනවා.ඒකෙ උදව්වෙන් වික්‍රම්,ආදිත්‍යව කොටු කරගන්නවා.ආදිත්‍යව කොටු කරගන්නෙත් අමුතු විදිහට.පොලිස් අත් අඩංගුවට ආදිත්‍යාව ගන්නවා.දැන් කොහොමහරි ආදිත්‍යට ඕන් කරන්න කොහොමහරි පොලීසියෙන් ගැලවීලා වික්‍රම්ගෙන් පලිගන්නයි.ඊට පස්සෙ වෙන්නෙ අමතු දෙයක් ආදිත්‍යා තමන්ගෙ මායා බලය පාවිච්චි කරලා වික්‍රම්ගෙ ඇග තුලට යනවා.දැන් එතකොට වික්‍රම් විදිහට ඉන්නෙ ආදිත්‍යා. ආදිත්‍යාගෙ ස්වරූපෙන් ඉන්නෙ වික්‍රම්.මේකෙන් පස්සෙ සියල්ලම උඩු යටිකුරුවෙනවා.ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා අරන්ම බලන්නකො එහෙනම්.

තව වැඩිපුර කියන්න දෙයක් නම් නෑ මොකද ඒ තරම් හොදට මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙනවා කොමඩි පැත්ත පවා හොදට නිර්මාණය කරලා.එහෙනම් ෆිල්ම් එක රස විදින්න ආරාධනා කරනවා.තව නිර්මාණයකින් එහෙනම් හම්බ වෙමු, ඒවාගේම දර්ශන නිශාන්ත අයියාටත් බොහෝම ස්තුතියි මගේ නිර්මාණය zoom වෙබ් අඩවියේ පල කිරිමට කැමත්ත ලබා දුන්නට

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

‍

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉසුරු දිසානායක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram