today-is-a-good-day
More

    Brahmastra (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තමයි හින්දි චිත්‍රපටියක් අරගෙන එන්නේ,අක්ෂය කුමාර්ගේ සූර්‍යවංශී චිත්‍රපටිය තමයි මගේ 450 වෙනි උපැසිරැසිය උනේ..ඉතින් ඒකෙන් පස්සේ උපැසිරැසි 50ක් කරල දන්නෙම නැතිව…ඒකත් එක්කම අද අරගෙන එන්නේ මගේ 500 නි උපැසිරැසිය ගැන්වීම…මේ වෙනකම් එක කමෙන්ට් එකකින්,මැසේජ් එකකින් දිරියක් දුන්න හැමෝටම ස්තූති කරනවා…ඉතින් 500 නි උපැසිරැසිය නිකන් චිත්‍රපටියක් නෙවෙයි අරගෙන ආවේ,2022 වසරේ සාර්ථක උන චිත්‍රපටි අතරින් ඉහලින්ම තිබෙන චිත්‍රපටියක්…වැඩි කතා නැතිව එහෙනම් හැරෙමුකෝ අද අරගෙන ආපු චිත්‍රපටිය දිහාවට..

    Amitabh Bachchan,Shah Rukh Khan,Ranbir Kapoor,Nagarjuna Akkineni,Mouni Roy,වැනි ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ රංගනයෙන් හැඩවුන Brahmāstra: Part One – Shiva චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ,වැඩි විස්තරයක්නම් කියන්න අවශ්‍යය නෑ කියල හිතනවා..මොකද හැමෝම බලන් හිටිය චිත්‍රපටියක් තමයි මේක..

    ඉතින් කතාව ගැන කිව්වොත්..බ්‍රහ්ම අශ්ත්‍ර කියන්නේ බලගතු ආයුධයක්,මේ ආයුධය අයිති කරගන්නා කෙනාට පුලුවන් මුළු ලෝකයම පාලනය කරන්න,හැබැයි මේ බ්‍රහ්ම අශ්ත්‍රයේ අදුරු පැත්තක් තියෙනවා…ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකෝ…ඉතින් මේ බ්‍රහ්ම අශ්ත්‍රය ආරක්ෂා කරගන්න කොටස් තුනකට කඩනවා..වානර අශ්ත්‍ර,නන්දි අශ්ත්‍ර සහ ප්‍රබාශ්වරශ්ත්‍ර කියල..ඉතින් මේ කොටස් තුන ආරක්ෂා කරන්න බාරවෙන්නේ පුද්ගලයන් තුන් දෙනෙක්ට,ඉතින් කාලය ඔහොම ගෙවෙද්දි මේ අශ්ත්‍රයක් පස්සෙන් නපුරු බලවේගයක් එන්න පටන් ගන්නවා..ඉතින් මේ නපුරු බලවේගයෙන් මේ අශ්ත්‍රයක් ආරක්ෂා කරගන්න පුලුවන් වෙයිද කියල බලන්න චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ…

    Brahmāstra චිත්‍රපටිය කොටස් තුනකින් සමන්විත වෙනවා…ඉතින් එහි පලවෙනි කොටස තමයි ”ශිවා” කියන්නේ….අපිට මෙහි දෙවනි කොටසත් ඉක්මනට බලන්න හම්බවෙයි කියල හිතනවා…Brahmāstra  දෙවනි කොටස විදියට අපිට දකින්න ලැබෙන්නේ ”DEVA” ,ඉතින් බ්‍රහ්මාශ්ත්‍ර වල දෙවනි කොටසේ දේවා විදියට රගපාන්න තෝරගෙන තිබ්බේ රන්වීර් කපූර් කියල හැමෝම දන්න කාරනයක්…ඉතින් මේ ලගදී ඒ තීරණය වෙනස් වෙලා කියල දැනගන්න ලැබෙනවා..ඒ තමයි දේවගේ චරිතයට KGF චිත්‍රපටි මාලාවෙන් ඉන්දියාව පුරාම විතරක් නෙවෙයි මුලු ලෝකයේම ආදරේ දිනාගත්තු යෂ් ව බ්‍රහ්මාෂ්ත්‍ර දෙවනි කොටසේ දේවා චරිතයට ගන්න යන කතාවක් දැනගන්න ලැබෙනවා…ඉදිරියේදි අපි බලමු ඉතින් කවුද දේවගේ චරියට තෝරගන්නෙ කියල..ඒ එක්කම තවත් දැනගන්න ලැබෙන දෙයක් තමයි ,මෙහි ශාරුක් ඛාන් විසින් රගපාන චරිතය (වානර අශ්ත්‍ර) අරගෙන වෙනමම චිත්‍රපටියක් කරන්නත් කතාබහක් යනවා කියල දැනගන්න ලැබෙනවා..ඉතින් අපි ඉස්සරාට බලමු මේ ඔක්කොම කොහොම වෙයිද කියල…

    ඔන්න ඉතින් වෙනදා වගේම චිත්‍රපටිය ආව ගමන්ම පරක්කු නොකර ගෙනාවා…එහෙනම් ඉතින් චිත්‍රපටිය නරඹලා ඔයාලගේ අදහසත් කියාගෙනම යන්නකෝ…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Brahmastra (2022) සිංහල උපසිරැසි” Brahmastra.(2022).Sinhala.Subtitles.rar – Downloaded 18243 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    39 COMMENTS

    1. 500 වෙනි සබ් එකට හදවතින්ම සුබ පතනයා ලහිරු අයියෙ. දිගටම කරගෙන යන්න.. ජයවේවා ස්තූතියි සබට.♥️😍

    2. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜
      තව තවත් වැඩිවේවා…✌

    3. සබ් 500 ක්! අම්මෝහ් හිතාගන්නත් බෑ
      සුපිරිම උපසිරසිකරුවෙක්නෙහ්
      එල එල

    4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    5. 500 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

      ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර …..
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    6. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
      500 වෙනි කඩයිමට සුභපැතුම්

    7. උනුසුම් සුබපැතුම් සහෝ
      සිංහල උපසිරසියට ස්තුතියි

    8. සබ් 500ක් කරනවා කියන්නේ සෙල්ලං නෑ ඉතිං… අනික කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව කරන එක…. හැමදාම වාගේ අලුතෙන්ම ආපු එකකට 500 වෙනි සබ් එක දීලා… බොහෝම ස්තූතියි මචෝ…..තමුන්ගේ පෞද්ගලික වැඩකටයුතු සාර්තක වේවා…..

    9. මේකෙ සිංහල නෑනෙ. English එකක්නෙ තියෙන්නෙ.. srt file එක ඕනෙ

    10. 500 ට 1000 ස් වාරයක් ස්තුතියි සහෝ
      ඔයාලා නිසා තමයි අපි මෙහෙම රසට මේ ෆිල්ම් බලන්නේ,එකට බොහොම පිං
      ඔයාගේ අනාගත වැඩකටයුතුත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !

    Leave a Reply to dylan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram