spot_img

Chef (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලේකට පස්සේ තමයි හින්දි උපසිරැසියක් අරගෙන එන්නේ. පහුගිය දවස් ටිකේ slt පාවිච්චි කරන අයට සයිට් එකට එන්න යන්න අපහසු උන නිසා තමයි චිත්‍ර‍පටියත් අරන් එන්න ප්‍ර‍මාද උනේ. අද ඉදන් එක දිගට උපසිරැසි ලැබේවි. මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මෙහි ප්‍ර‍ධාන චරිතයට පණපොවන්නේ Saif Ali Khan විසින්. මලයාලම් චිත්‍ර‍පටි නිලියක් වන Padmapriya මෙහි ප්‍ර‍ධාන නිලියගේ රංඟනයෙන් දායක වෙනවා. ගොඩක් මෙහි රඟපාන නළුනිලියන් පවා මලයාලම් අය. ඒකටත් හේතුවක් තියනවා… චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක නිර්මාණය වෙන්නේ Chef (2014) ඉංග්‍රිසි චිත්‍ර‍පටියේ නිලඅවසර අරන් කරපු චිත්‍ර‍පටියක් විදියට. ඉංග්‍රිසි චිත්‍ර‍පටිය බැලුවා නම් එයට වඩා හැබැයි පොඩි වෙනසක් එහෙම තියනවා මේක. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Raja Menon විසින්. චිත්‍ර‍පටිය හැබැයි බොක්ස් ඔෆිස් ආදායම් තියන්න නම් සමත්වුනේ නැහැ.

කතාව ගැන කිව්වොත් රෝහන් කියන්නේ සාර්ථක කෝකියෙක්. නමුත් ඔහුගේ ජිවිතේ නම් පටලැවිලි ගොඩක්. ඔහු වාසය කරන්නේ නිව්යොර්ක් වල…තමන්ගේ බිරිදගෙන් දික්කසාද වෙලා… තමන්ගේ දරුවා ඉන්නේ ඉන්දියාවේ එයාව දකින්නේ ස්කයිප් එකෙන් විතරයි. ඒ අස්සේ රෝහන්ට පොඩ්ඩ ඇත්නම් කෙන්ති යනවා. තමන්ගේ හොටෙල් එකට ඇවිල්ලා කැම කාපු කෙනෙක්ටත් පොඩ්ඩක් වචන හරබයක් වෙලා රෝහන් පහර දෙනවා. මේ නිසා රෝහන්ට රස්සාවත් නැති වෙනවා. කොහොම හරි රෝහන් තිරණය කරනවා රස්සාවත් නැති උන එකේ තමන්ගේ ළමයාව බලන්න ඉන්දියාවට එන්න. මේ ඉන්දියානු ගමනින් රෝහන්ගේ ජිවිතේම වෙනස් වෙනවා… ඒ වෙනස් විම චිත්‍ර‍පටිය බැලුවොත් බලාගන්න පුලුවන් වේවි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram