spot_img

Chhorii (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ආපහු අලුත්ම අලුත් හින්දි චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ… කාලේකින් සබ් කරන්න බැරි උනත් මේ දවස් ටිකේ නම් එක ලඟ ෆිල්ම් දෙකක් දෙන්න පුලුවන් උනා… බලමුකෝ ඉස්සරහාටත් ආපහු ෆිල්ම් දෙන්න පුලුවන් වේවිද කියලා… හරි.. කතාව පැත්තට ආවොත්.. මේක අධ්‍යක්ෂණය කරන්නේ Vishal Furia විසින්.. මේ චිත්‍ර‍පටිය ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද Lapachhapi 2017 මරාටි චිත්‍ර‍පටියේ ප්‍ර‍තිනිර්මාණයක්… කලින් එක මරාටි චිත්‍ර‍පටියක් නිසා අනිවාර්යෙන්ම කට්ටිය නොබලා ඇති කියලා හිතනවා… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Nushrratt Bharuccha රංඟනයෙන් දායක වෙනවා. ඇයව ඉතින් කලින් අපි දැකලා තියන හැම චිත්‍ර‍පටියකම ටිකක් කපටි කෙලිලොල් පෙම්වතියගේ චරිතනේ රඟපැවේ.. මේ චිත්‍ර‍පටියේ ටිකක් ඒ පැත්තෙන් මිදිලා තියෙනවා.

චිත්‍ර‍පටියේ කතාව පැත්තට අවොත් මේක දැක්කාම ඉතින් දන්නවා නේ හොරර් චිත්‍ර‍පටියක් කියලා. හැබැයි මේක හොරර් වලට වඩා ත්‍රීලර් චිත්‍ර‍පටියක් කියලා කියන්න කැමැතියි.. කතාව ගැන කිව්වොත් සාක්ෂි හා හේමන්ත් කසාද බැදලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ජෝඩුවක්.. මේ දෙන්නා බොහෝම සතුටින් ජිවත් වෙනවා. එත් එක දවසක් රෑ හේමන්ත් විසින් ණය ගත්ත මැරයෙක් ඇවිල්ලා හේමන්ත්ටත් හොදටම ගහලා දිනක් ඇතුලත ඒ ණය ගෙවලා දාන්න කියලා මරණ තර්ජනය කරලා යනවා. ඔවුන් ගාව දැන් සල්ලි නැති නිසා මේ අය හිතනවා ටික දවසකට ඒ නඟරය දාලා යන්න. හැබැයි මේ අයට යන්න තැනක් නැහැ. ඒ වෙලාවේ තමයි ඔවුන්ගේ වාහනය එලවන රියදුරා කියන්නේ එයාගේ ගමට යමු එහෙට කාටවත් එන්න බැරි තරම් දුර පලාතක් කියලා. ඉතින් දැන් දරුවෙකුත් ලැබෙන්න ඉන්න නිසා සාක්ෂි හා හේමන්ත් මේ ගමනට කැමැති වෙනවා. නඟරයෙන් කිලෝමිටර් 300ක් දුර පලාතකට තමයි මේ අය යන්නේ… මේ ගමේ මේ අයට ඉන්න තියන ගෙදර තියෙන්නේ ලොකු උක්වගාවක් තියන ඉඩමක හරි මැද.. ඉතින් මේ අය නැවතිලා ඉන්න පලවෙනි දවසේම සාක්ෂිට අමුතු අත්දැකිමක් විදින්න ලැබෙනවා… එතැනින් එහාට මොනා වේවිද කියලා අරන්ම බලන්නකෝ…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. බොහොම ස්තුතියි ඉක්මනින් සබ් ගේනවට
    ඉදිරියටත් වැඩේ කරන් යමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram