today-is-a-good-day
More

    Colour Photo (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    දෙවියො අපි ඉපදෙනකොට අපිට එක ආදරයක් ලබා දෙනවා.
    අපි ලොකු මහත් වෙලා දැනුම් තේරුම් ඇති වුනාම තව ආදරයක් හොයාගෙන යනවා.
    කවදක හරි ඒ දෙකෙන් අපිට එකක් තෝරගන්න උනොත්,
    ඒකයි අපේ ඉදිරි ජීවිතය වෙන්නේ..
    ඔයාට ඇත්තටම රූපෙනම් වැදගත්, පැහැය නම් වැදගත්,
    ගිහින් කන්නාඩියෙන් ඔයාගෙ මූණ බලාගන්න.
    ඒත් උත්තරයක් නොලැබුනොත්, ගිහින් ඔයාගෙ කසාද ෆොටෝ ටික බලන්න..
    මගේ තේරීම හරියි කියලා ඔප්පු කරන්න,
    ” මම ගෙදරින් යන්න යනවා”
    සොරි, “”පැනලා යනවා””

    දිනක් ඇමරිකාවෙ ඉන්න විවාහක යුවලටක ඇමතුමක් එනවා..මොකක්ද මේ ඇමතුම.?ගැහැණු ළමයෙක් තමා ෆෝන් එකට උත්තර දෙන්නේ, එයාට කියනවා ඔයාගෙ තාත්තානැති වුනා දැන්වත් ගෙදර එන්න කියලා, ඒත් කෙල්ලට ගානක්වත් නෑ..කදුළු බිදුවක් නැගෙන් නෑ. ඒත් ගමට යනවා මරනෙ බලන්න..ඉන්පසු තමයි මේ ගමේ අතීතය ඇවිස්සෙන්න ගන්නේ, “බලන්නකො දුරකථනයක්වත් හොයාගන්න අමාරු මේ දුෂ්කර ගමේ ප්‍රේම වෘතාන්තය.ඒක ඔයාලම විදගන්න..

    එහෙනම් පියනගිමු අපි 1999 කොලේජ් වියේ ආදර කතාවකට..කිට්ටු එහෙමත් නැත්නම් “ජෙයි ක්‍රිෂ්ණා” කියන්නේ වදුරෙක්..මම නෙවෙයි කියන්නෙ.එයාගෙ කොලේජ් අය තමයි එහෙම කියන්නේ. ඇයි ඒ? ඔව් ජෙයි ක්‍රිෂ්ණා වදුරෙක් තරම්ම කළු සමක් සහිතව මෙලොවට බිහි උන කෙනෙක්…ඒ කොලේජ් අයට අනුවනෙ..ක්‍රිෂ්ණට අනුව ක්‍රිෂ්ණා කියන්නෙ, එයාගෙ ජීවිතේ, වීදි පහනක්, සිනමා ශාලාවක බල්බ් එකක් වගෙයි කියලයි, තියේන්නම් වාලෙට තියෙනවා. එතකොට දීපු…නැත්නම් දීප්ති කියන්නේ, කොලේජ් සගයන්ට අනුව නම් කියන්නේ “අක්කිනේනි නාගර්ජුනා” වගේ හැන්ඩ්සම් ලස්සම කෙනෙක් තමයි දීපුට ගැළපෙන්නේ කියලයි, පැහැපත් සුදුවන් රුවක් සහිතතැනැත්තියක්..ඒ වගේම දීප්තිට අයියා කෙනෙක් ඉන්නවා, එයා පොලිස්කාරයෙක්, හරිම සැරයි.ඔහු ලස්සන වෙන්න තියෙන හැම දේම කරන, රුවට පමණක්ම වශී උන කෙනෙක්..කණ්නාඩිය ලගට ගියාම ඇලෙන සයිස් එකේ කෙනෙක්..ඒත්, දැකපු සැරම චරිතයක්..

    ඒවගේම කොලේජ් රැගින්, සීනියර්ස් ජූනියර්ස් කියන කණ්ඩායමුත් තියෙනවනේ..ඒ වගේම සැර විදුහල්පති කෙනෙක්..ජෙයි ක්‍රිෂ්ණට යාළුවො හිටියත් දුකට සැපට, සියල්ලන්ටම වැඩිය සමීප කෙනා තමයි බාලු..අපේ හිත සොරා ගන්න මේ විකට චරිතය අවසානයේ සමත් වෙනවා..ඔහුත් ක්‍රිෂ්ණා වගේම කළුයි.ක්‍රිෂ්ණා කියන්නේ අන්ත දුප්පත්, උදේට ගෙවල්වලට කිරි විකුණලා කොලේජ් යන ශිෂ්‍යයෙක්..ඉතිං මේ ක්‍රිෂ්ණට දිනක් කොලේජයේදි රුවක් නෙත ගැටෙනවා.. ඒතමයි අපේ දීපු, ඇල්මක් ඇති වුවත් එය පැවසීමට තරම් හයියක් නෑ, මොකද ඔහුගෙ රුව කළු නිසා..
    දොදොල් කෑල්ලක් එක්ක කේක් තිබ්බා වගේ.. ඉතිං එදා ඉදල ක්‍රිෂ්ණා හැම ක්‍රීම් වර්ගයක්ම මූනේ උලන්න ගන්නවා.සුදු වෙන්නයි මේ ප්‍රයත්නය..එහෙමෙයි කියලා යමී අක්කා කියන තරම් ලේසියෙන් සුදු වෙන්න බෑනේ.ප්‍රත්නයනම් අසාර්ථකයි….ඔය මැද්දෙ යම් සිද්දියක් වෙනවා..සීනියර්ලා ගෑවෙනවා..මම මේ කතාව උඩින් පල්ලෙන් කියන්නෙ..කතාව ගැන නම් මං අද කියන් නෑ..අම්මෝ..බලන්නම ඕනෙ එකක්..

    ඉතිං මේ කොලේජ් ප්‍රේම වෘතාන්තය සාර්ථක වෙයිද? බලන්නකො.. තව දිහාවකට යමුකො එහෙනම්, “දීපු , ක්‍රිෂ්ණා,බාලු.ලක්ෂ්මි,ඒ වගේම කලර් ෆොටෝව”…තමා මේකේ අමතක නොවෙන වචන ටික.ක්‍රිෂ්ණට යම් සිදුවීමක් වෙනවා පොලීසියේදි, ඒකටනම් අපි කොයි කාටත් සෑහෙන දුක හිතෙනවා..අපිට උනා වගේ වෙනවා දැනේවි..වගේම සිද්දි දාම බොහෝමයක් අපිව සංවේදී කරවනවා සත්තයි..උඩ කියපු නම් 5හ අපිව වෙන වෙනම ලෝක වලින් ගොඩ බස්සවාවි.. මට සාමාන්‍යයෙන් කොච්චර දුක හිතුණත්, එක පාරටම හිත කාඩන යන්න වදින් නෑ චිත්‍රපටයක්. ඒත් මේකෙ සිද්දි 2ක් තියෙනවා, අම්මෝ, අමතක නම් වෙන්නෙ නෑ ඒවා..චිත්‍රපටය පටන් ගන්න කොටම විනාඩි 20ක් බලන කොටම අපිට මේකෙ ඇත්තටම මොනාද වුනේ කියලා යවලා හරි බලන්න හිතෙනවා, මොකද මාත් ඒක යම්තාක් දුරට කරා..මොකද ඉවසන් ඉන්න බැරි වුනා..

    “ආදරේ, විශ්වාසය, බය”
    ඔයාට තියෙන “ආදරේ..”
    ඔයා මගේම වෙයි කියන “විශ්වාසේ..”
    ඔයාව නැති වෙයි කියන “බය..”
    දන්නවද මේ තුනම මට එක පාර ඇති උනා..
    ඒ විශ්වාසෙ එක්කම, ඔයාව දිනාගන්නවා කියලා හිතුවට..
    1999 ඉන්නෙ අපි..අදටත් පැහැය කුලය හොයනවා..
    හෙට මගේ ඉපදෙන්න ඉන්න ලමයිටත් මගේ පාට මගේ කුලේමයි එන්නේ..
    මගේ ලමයෙක් මගේ වයසට එනකොට, ඒ කිව්වෙ 2020 දි..
    2020 වත් මේ දේවල් වෙනස් වෙයි කියලා හිතනවා..

    1999 ඉන්න ක්‍රිෂ්ණා ඔහොම කිව්වට, හැබැයි ඇත්තටම අපි ඉන්නෙ නම් 2020. ඒත් ඔය ටික අදටත් වෙනස් වෙලාද???? හොදයි තව චරිතයක් ගැන කියන්නම්..ඒ තමයි චිත්‍රපයට ආරම්භ වෙනකොටම පෙන්නන පිරිමි චරිතෙ බලාගන්නකො.. ගැහැණු ළමයෙක්නම් ඒ වගේ කෙනෙක් පතාවි… චිත්‍රපටයේ පසුබිම් වාදන අපිව වෙනමම ලෝක වලට අරන් යනවා, විටෙක හද බිදිනවා, විටක සතුටින් පිනවනවා, විටෙක හිනස්සනවා..තවත් විටෙක කදුළුම වට්ටනවා…ඉතිං එහෙනම් බලමු මේක පවුලේ සැමට බලන්න පුළුවන්..

    ක්‍රිෂ්ණාට දීපු කැමති වෙයිද? දීපුගෙ අයියා මොනානම් නොකරයිද? කොලේජ් එකෙන් සහය වේවිද දඩුවම් දෙයිද? අවසානයේ කුමක් වෙයිද? නොසිතූ අවසානයක් වෙයිද? සෑඩ් කියලා හිතුනත් සැබෑවටම හැපි වෙයිද? පතමු එහෙනම් කළු වදුරයි හා පැංචියි සෙට් වේවා කියලා..

    කලර් ෆොටෝ…කලර් ෆොටෝ…කලර් ෆොටෝ…කලර් ෆොටෝ…කලර් ෆොටෝ…
    කලර් ෆොටෝ…කලර් ෆොටෝ…කලර් ෆොටෝ…කලර් ෆොටෝ…කලර් ෆොටෝ…

    ඔය නම නම තමා මේකට ගැලපෙන ලස්සනම නම..ඒක අවසන් හරියෙදි තේරේවි..නමත් හිතට තදටම වදීවී….ඔන්න මම කතාව නම් වැමෑරුවේ නෑ..තදින් හිතටම වදින කතාවක් නිසාමයි…

    රංගනය ශිල්පීන් ගැන කියනවනම්
    Suhas (jayakrishna)
    chandini (deepthi)
    Sunil (පොළිස්)
    Viva Harsha (බාලු)
    Adarsh Balakrishna (චන්දු)
    නම් හුරු නැද්ද? බලන කොට අදුන ගනියි, දැකල තියෙන අය තමයි

    තව දෙයක් කියන්නම් උපසිරැසිය ගැන මේ චිත්‍රපටය Aha ලගෙ එකක්..එයාලගෙ චිත්‍රපට 2කට මං උපසිරැසි දීලා ඇති, Bhanumathi Ramakrishna (2020) Krishna & His Leela (2020) එයාලගෙ චිත්‍රපටි හොද උනාට ගුණාත්මක උපසිරැසියක් නම් එවන්නෙ නෑ.. ඒවගේම ඉංග්‍රීසි දෙබස් වලට Esub එක ගහන්නෙත් නෑ..ඒක නිසා මට මේක ගහන්න සෑහෙන කාලයක් ගියා, මට පුලුවන් උපරිමෙන් උපසිරැසි ගන්වලා ඇති. අඩු පාඩුවක් තිබුණොත් සමාවෙන්න..ගිහින් එන්නම්!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Colour Photo (2020) සිංහල උපසිරැසි” Colour.Photo.(2020).Sinhala.Subtitles.rar – Downloaded 4936 times – 63 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
      ලිපියනම් පට්ට ලිපිය දැක්කම ෆිල්ම් එක බලන ආසාව තව වැඩි උනා😘

    3. හොයාගෙන ආපු ෆිල්ම් එකක් .සබ් එකට තැන්ක්ස් කොල්ලා..ජය❤

    Leave a Reply to Malith Sandeepa Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram