spot_img

Creation Of The Gods I Kingdom Of Storms (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Creation Of The Gods I Kingdom Of Storms (2023) Sinhala Subtitle

 

අද මම උපසිරැසි අරගෙන ආවේ චීන තුන් ඈඳුතු චිත්‍රපටි මාලාවක පළවෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටි මාලාව පදනම් කරගෙන තියෙන්නේ චීනයේ සුප්‍රසිද්ධ මනඃකල්පිත නවකතාවක් වෙන “ෆෙන්ෂෙන් යාන්යි” (ෆෙන්ෂෙන් ලේඛණය). චීන සාහිත්‍ය ඉතිහාසයේ සත්‍ය සිදුවීම පාදක කරගෙන ඇතිවූ මනඃකල්පිත නවකතාවකට තියෙන්නේ මේක විතරයි. මීට අමතරව තියෙන්නේ මේ නවකතාවේම අනුවාදන.

මේ ෆෙන්ෂෙන් යාන්යි කතාව, පරම්පරාවෙන් පරම්පරාවට කට වචනයෙන් ආපු විදියට තමයි සිද්ධි ලියවිලා තියෙන්නේ. ඒ කියන්නේ, සමහර දේවල් අතිශයෝක්තියෙන් සහ සමහර දේවල් සමහර අයට පක්ෂපාතීව තමයි ලියවෙන්නේ. කො‍හොමවුනත්, මෙ කතාව අවුරුදු දෙදාහක් තිස්සේ කටින් කට ඇවිත් තියෙනවාලු. හැබැයි හැමදේම චීන ඉතිහාසය සහ සංස්කෘතිය හා බැඳිලා තියෙන්නේ. ඒ නිසා, අනිවාර්යයෙන්ම මේක චීනයේ අංක එ‍කේ කතාන්දරයක් වෙනවා.

මේ කතාව දිව යන්නේ මිනිස්සු, අමරණීයයන් සහ යක්ෂයන් අතර අවුරුදු තුන්දහසකට කලින් සිදුවුන සිදුවීම් විදියට. මායාවන් සහ අරුම පුදුම දේවල් හැමතැනම දකින්න ලැ‍බෙනවා. කොටස් තුනකින් යුක්ත කතාවක් නිසා, ඉදිරියට එන්න නියමිත චිත්‍රපටි තුනත් අනිවාර්යයෙන්ම බලන්න.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනනේ Wuershan විසින්. Xu Zhonglin විසින් කරන ලද Investiture of the Gods අනුවාදය පාදක කරගෙන තමයි චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වුනා Yu Shi (ජී ෆා), Fei Xiang (යින් ෂෝ), Li Xuejian (ජී චෑන්ග්), Narana Erdyneeva (සූ ඩාජි) ඇතුළු පිරිසක්.

චිත්‍රපටියේ සමහර දර්ශණ තියෙනවා ලංකාවේ සංස්කෘතියට අනුව වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා කියන්න පුළුවන්. හැබැයි, කිසිම නිරුවත් දර්ශණයක් අඩංගු වන්නේ නෑ.

එහෙනම් හැමෝම එකතු ‍වෙලා මේ උපසිරැසි එක්ක චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram