spot_img
spot_img

Crisis (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Crisis (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන කතාවක්. මේ අවුරුද්ද සත්‍ය කතා ඇසුරෙන් ගොඩාක් චිත්‍රපටි හැදුණු අවුරුද්දක්. ඒකේ තවත් එක් චිත්‍රපටියක් තමයි මේ. මේකත් සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය කරපු කතාවක්. සමාජයට සිදුවෙන හානියක් ගැන ලොකු කතාවක්, ලස්සනට කියන්න මේ චිත්‍රපටිය උත්සාහ දරලා තියෙනවා. ඒ නිසාම රේටිං වලින් IMDB 6.1, RottenTomatoes 65%, Metacritic 40%, Google Users 73% මේ ලිපිය ලියනකොට ලබාගෙන තිබ්බා.

Nicholas Jarecki කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා විසින් ලියා තිර රචනය කොට, අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් මේක. ඔහුත් මේ චිත්‍රපටියේ ස්ටැන් ගේ චරිතය රඟපානවා. ලොකු කතාවක් දිවෙන නිසා, නළු නිලියන් ගොඩාක් යොදාගන්න මෙයාලාට සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරට එක්වෙනවා Gary Oldman (ටයිරෝන්), Armie Hammer (ජේක්), Evangeline Lilly (ක්ලෙයාර්), Michelle Rodriguez (ගැරට්) ඇතුලු පිරිසක්.

කතාව ගැන කෙටියෙන් යමක් ලියන්නම්. මේක කතා තුනක්. මහා පරිමාණ වේදනා නාශක නිපදවන සමාගමක අළුත් නිෂ්පාදනය හඳුන්වාදෙන්න කලින්, ඒ ගැන පරීක්ෂණ කරන්න භාර දෙන්නේ ආචාර්ය ටය‍ිරෝන්ට. ඔහු සොයාගන්නේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දේවල්. වේදනා නාශක පෙති වැඩිපුර අරගෙන මියගියා කියපු දරුවෙකු‍ගේ අම්මා කෙනෙක් වන ක්ලෙයාර්, ඒ කතාව පිලිගන්න කැමති නෑ. ඇයට විශ්වාසයි ඇයගේ දරුවා එවැනි වැඩක් නොකරන බව. ඇය මේ මරණය ගැන කුමක් කරනවාද? දක්ෂ වෙස් වලාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් විදියට ක්‍රියාත්මක වෙන ජේක්, එම ජාවාරමේ මහ මොළ කරු අල්ලා ගැනීමට අවුරුදු ගානක් සිට සැලසුම් සකස් කරනවා. ඔහුගේ මෙහෙයුම මොනවගේ වෙයිද? අවසානයේ මේ සිදුවීම් සියල්ල එක තැනකට එනවා. ඒ කොහොමද? මේවාගේ සම්බන්ධය කොහොමද වෙන්නේ? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟ චිත්‍රපටිය රසවිඳින්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Crisis (2021) සිංහල උපසිරැසි” Crisis.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3568 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Chandima Prasad Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram