today-is-a-good-day
More

    Danger Close (2019) සිංහල උපසිරැසි

    - Advertisement -
    බටහිර චිත්‍රපටවලට තිබුණ ආසාව නිසා සහ හැමදාමත් අනෙක් අයගෙ උපසිරැසිවලින් චිත්‍රපට බලපු මම ඔන්න එහෙනං මගෙ පළවෙනි උපසිරැසිය තමයි මේ විදිහට අද අරගෙන එන්නෙ… Danger close – The battle of Long Tan කියන්නේ ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරපු සුපිරි ගණයේ යුධ චිත්‍රපටයක්. මේකට IMDb දර්ශක අගය 6.9 ක් විදිහට තමා සටහන් වෙන්නේ. මේක බැලුවට පස්සේ නම් ඒ අගය තවත් ඉහළට යන්න ඕනෙ කියල ඔයාලට හිතෙයි. ඒ තරමටම මේක නියමයි!
    මේ යුද්ධය සිද්ධ වෙන්නේ වියට්නාමයේ. වියට්නාමය යටත් කරගන්න ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතික, සාමාන්‍යයෙන් අවුරුදු 20 ක්  විතර වුණ තරුණ කොල්ලෝ ටිකක් කරගෙන යන සටනක් තමා මේ චිත්‍රපටයේ බලාගන්න පුලුවන් වෙන්නෙ. මේක ඇත්තටම සිදු වුණ යුද්ධයක්. Long Tan කියන රබර් වගාව තමා මේ කතාවට පාදක වෙලා තියන ස්ථානය. ඒ වෙනකන් සටනකට මුහුණ දීලා නොහිටපු තරුණ කොල්ලෝ 108 ක් වියට්නාම් කාරයෝ 2500 කට විතර එරෙහිවයි මේ යුද්ධය කරන්නේ.   ප්‍රධාන චරිතේ තමා මේජර් හෙන්රි ස්මිත්. මේජර් ස්මිත් ව මේ කතාවේ එන සොල්දාදුවන් හදුන්වන්නේ Ratcatcher නැත්නම් මීයෝ අල්ලන්නා කියලා. මේජර්ගේ පාලනයෙන් ඩෙල්ටා කියන කණ්ඩායම කමාන්ඩෝ තත්වෙටම හැදෙනවා.පස්සේ මේ පුංචි කොල්ලෝ ටික සටන් බිමට බහිනවා. සුපිරි ගේමක් දෙනවා. සටනෙන් දිනනවද නැද්ද ක‍ියලා බලලම යාගන්න.අවසානයත් ටිකක් ගුප්තයි හොදේ. තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි ගියා
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ
    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    සුසාර තෙන්නකොන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram