spot_img

Darlings (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් පලවෙනි ෆිල්ම් එක අරන් සුම් අඩවියට ගොඩ වදින්නයි යන්නේ. පළමු උපසිරැසිය නිසා අඩුපාඩු නම් එහෙන් මෙහෙන් ඇති.. එවාට සමාව අවසර! හිතේ ආසාවට ෆිල්ම් එකක් කරලා කොහේ දාන්නද කියලා හිතාගන්න බැරුව ෆේස්බුක් දැම්මම ආව රිප්ලයි වලට අයිති සයිට් හැම එකටම වගේ මේල් කලාත් රිප්ලයි එකක් ආවේ සුම් එකෙන්.. ඉතින් මගේ පලවෙනි සබ් එක අද මෙතැනින් කලඑලි බහිනවා.. චිත්‍රපටිය ගැන ලස්සන කතාවක් සිනමාවේදින් ගෘප් එකේ Charith Moragoda හැදින්විම උපුටාගෙන මෙතැන පල කරනවා.

බදෲට තමන්ගෙ මිනිහා හැමදාම ගහනවා.. බේබදු මිනිහෙක්ට තමන්ගෙ ගෑනිට ගහන්න හේතුවක් ඕනැමද..? මළ විකාර.. බදෲට වගේම බදෲගෙ අම්මාටත් මේ මිනිහා ගහනවා.. ආ.. මිනිහාගෙ නම කියන්න බැරින්වුනා .. ඒ හම්සා..

ගෑනුන්ට හැමදාම තමන්ගෙ මිනිහගෙන් ගුටි කකා ඉන්නත් බෑනෙ… ඒ නිසා බදෲ සහ අම්මා ගහනවා ප්ලෑනක්..හම්සාව ගේ ඇතුලෙ බැඳලා තියාගෙන ඉන්න.. නින්ද යන්න ඉන්ජෙක්ශන් දිදී අම්මයි දුවයි මිනිහව තියන් ඉන්නෙ..මේ වැඩේ ගෑනු දෙන්නෙක්ට තනියෙන් කරන්න බෑනෙ.. ඒක්ට උදව් කාරයෙක් ගන්නවා .. ඌ තමයි සුල්ෆි.. හැබැයි මේක සීරියස් වැඩක් නෙමේ පට්ට කොමඩි වැඩක්.. ඌ පැනලා යනවා. අම්මයි දුවයි ආයෙ උස්සන් එනවා..පට්ටම ආතල්..

මේ වැඩේ හැමදාම කරන්න බෑනෙ.. එපා වෙනවා…. එක්කො මූව මරන්න වෙනවා.. අම්මයි දුවයි ඊළඟට ප්ලෑන් කරන්නෙ මොකක්ද..? අන්තිම හරියෙ නම් ටිකක් සීරියස් වුනත් මේක මරු ඈ..බදෲ ඇත්තටම ප්‍රේමකරලා තියෙන්නෙ සිංදූර් වලට නෙමේ.. ඇගේ නළලෙ ,ඇහැයට තිබ්බ තුවාල කැලැල් වලටද?අන්තිම ජවනිකාවෙ මොහොතක හිතන්න දෙයක් ඉතුරු කරයි.බදෲ ලෙස ආලියා භට්, අම්මා ලෙස ශෙෆාල් ශාහ්, හම්සා ලෙස විජේ වර්මා සහ සුල්ෆී ලෙස රොශාන් මැතිව්ස් ප්‍රධාන චරිත නිරූපණය කරන මේක ඔන්න දැන් නෙට්ෆ්ලික්ස් ඔස්සේ බලන්න පුළුවන්..

 

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ආදිත්‍ය සිංහවන්ශ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram