spot_img

Dhamaka (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හුදෙක් අද කාලේ අනුන්ට මඩ ගහලා බඩ පුරවා ගන්න මාධ්‍ය වල නිරුවත් පෙන්නන කතාවක්. “ඇත්ත හොයන්න වෙලාව ඕනේ ” ” වෙලාව බලන මිනිස්සු ගාව නෑ.. ” (ඔක්කොටම කලින් නිවුස් එක දෙන චැනල් එකට වාසි ) ඉතින් චැනල් මොකද කරන්නෙ ? මේවගේ පොඩි පොඩි දේවල් අමුනලා හදනවා කතාවක්. ආන්න දැන් ඒක තමයි “නිවුස් එක.” ලංකාව බැලුවොත් එච්චර වරදක් පේන්න නෑ. චැනල් එකක් තිබුනා ඔයාලා මැතිවරනෙට කලින් ප්‍රවෘත්ති බැලුවනම් පොලව පලාගෙන යන්න හිතෙන.

ඒව ගැන කතා කරල වැඩක් නෑ අපි එමු අදාල කතාවට. මේකෙ ප්‍ර‍ධාන චරිතය වන “අර්ජුන් පාටක්” නියාජනය කරන්නේ, අපි කවුරුත් වගේ දන්න කාර්තික් අර්‍යන්.

මේ අර්ජුන් පාටක් රස්සාව උනේ ප්‍රවෘත්ති නිවේදනය. ඒත් මොකක් හරි උන වරදක් නිසා මෙයා රේඩියෝ නිවේදක කෙනෙක් විදිහට පහත් කලා අදාල සමාගම. ඉතින් මෙයා මෙයාගේ රේඩියෝ වැඩසටහන කරන් යද්දී එනවා අපූරු කෝල් එකක්. ඒ පාලමක සිදුවීමට යන පිපිරීමක් ගැන. ඉතින් මේ පිපිරීම ගැන අර්ජුන් පොලීසියට වාර්තා කලේවත් නෑ.
එයා ඒක ලොක්කට කියලා බ්‍රේකින් නිවුස් වලට තැන ගන්නයි ඕන උනේ.. ඉතින් මේ පිපිරුමෙන් පාලමේ හිරවුනු අය, සහ තවත් කිහිප පැත්තකින් ම කතාව ගෙතෙනවා. මේ ගෙතුනු පිපිරුමේ කතාව, Dhamaka නොහොත් “පිපිරුම ” ලෙස නම් ලබනවා. ඉතින් ආරාධනා කරනවා, ත්‍රාසය,භීතිය,කුතුහලය කැටිවුනු මේ චිත්‍රපටය බලන්න. එහෙනම් තවත් මෙවැනි උපසිරැසියකින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. අපිට විසාල සබ්දයක් ආවා… නයෙක් ආවා සුබ පණීවුඩයක් අරගෙන මේම මේම……
    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram