spot_img

Dhillukku Dhuddu 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2016 නිකුත් වු Dhilluku Dhuddu චිත්‍ර‍පටිමාලාවේ දෙවැන්න ලෙස තමයි මේක තිරඟත වෙන්නේ. මේකෙත් ඔයා මුලින් චිත්‍ර‍පටිය බැලුවේ නැහැ කියලා කිසිම ගැටළුවක් නැහැ. පළමු චිත්‍ර‍පටියේ කතාවට මේක සම්බන්ධයක් ඇත්තේම නැහැ. වෙනස්ම කතාවක් තමයි මේකේ තියෙන්නේ…. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Santhanam රංඟනයෙන් හැඩවෙනවා. කාලයක් චිත්‍ර‍පටි වල කොමඩි චරිත විතරක් කරපු සන්තානම් දැන් වෙද්දි චිත්‍ර‍පටි වල ප්‍ර‍ධාන චරිත විතරක් කරන්න පටන් අරන් තියනවා. ඒ වගේම ඒ චිත්‍ර‍පටිත් සැහෙන ජනප්‍රිය වෙලාත් තියනවා. මේ චිත්‍ර‍පටියේ අනිකුත් චරිත ලෙස Shritha Sivadas,Deepti හා Rajendran රංඟනයෙන් දායක වෙනවා… මේක නිකුත් උනේ පෙබරවාරි 7 වැනිදා. මෙහි නිශ්පාදන පිරිවැය දැරුවෙත් සන්තානම්ම තමයි… කතාව ගැන කිව්වොත් එහෙම විජේ (සන්තානම්) කියන්නේ ඉතින් පොඩි අඩියක් එහෙම ගහලා ඒ පැත්තේ විනෝදයෙන් ඉන්න කෙනෙක්… කොහොම හරි විජේට ඒ පැත්තේ ඉන්න මායා කියලා ගැණු ළමයෙක්ට හිත යනවා. වැඩිය කල්පනා කර කර ඉන්නේ නැතුව විජේ ගිහින් කෙලින්ම මායාට තමන් ඇයට ආදරය කරනවා කියලා කියනවා.. නමුත් මායා කියන ගැණු ළමයාට පොඩි බන්ධනයක් කරලා තියනවා ඇයට කවුරු හරි පිරිමි ළමයෙක් ආදරය කරන්න ආවොත් හොල්මනක් ඇවිත් මේ ආදරෙයි කියන කොල්ලාගෙන් පලිගන්නවා. ඉතින් විජේ ගිහින් මායාට ආදරෙයි කිව්වාම විජේගේ පස්සෙනුත් මේ හොල්මන එන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් හොල්මනකට බයේ තමන්ගේ ආදරේ දාලා දුවන්න නම් විජේ කැමැති වෙන්නේ නැහැ. ඉතින් මේ කලබගැනිය තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ.. මේ හොල්මන එක්ක විජේට හැප්පිලා මායාට තියන මේ බන්ධනයෙන් නිදහස් කරගන්න පුලුවන් වේවිද කියලා චිත්‍ර‍පටිය බලලාම දැනගන්න පුලුවන් වේවි. එහෙනම් තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවෙනකම් සුභ දවසක්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram