today-is-a-good-day
More

    Dil Bechara (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මම සැම්බියාවේ ඉදන් ජම්ශේද්පූර් වලට ආවාම..කේන්තියෙන් හිටියේ
    ඒවගේම බයවෙලත්,
    කේන්ති ගත්තේ මේ නිසයි..
    මාත් එක්කම මෙහෙම උනේ ඇයි?
    ඇයි මෙච්චර ඉක්මනටම පුශ්පින්දර් මගේ ජීවිතේ කොටසක් උනේ
    එතකොට බය උනේ මේ නිසයි,
    මගෙන් පස්සේ අම්මයි තාත්තයි කොහොමද ජීවත් වෙන්නේ ,
    ඒත් ඊට පස්සේ එක පාරටම…එක දවසක..
    ලස්සන නැටුමකුත් එක්කම..
    මැනී මගේ ජීවිතයට ඇතුල් උනා..
    එයා වගේ වදකාරි කොල්ලෙක්ව මට අද වෙනකම් හම්බවෙලා නෑ
    ඒවගේම හම්බවෙන්නත් කැමති නෑ
    එයා හැමදේකටම විහිළු කරා..
    හිනාවුනා…
    ඒවගේම මට ජීවත් වෙන්න ඉගැන්නුවා,
    හෙමින් හෙමින්..
    මගේ ජීවත් වීමේ හේතුව උනා..

    එහෙම කියන්නේ මේ චිත්‍ර‍පටියේ කිසී බාසු…අද මේ චිත්‍ර‍පටිය විශේෂ වෙන්නේ මේ සුෂාන්ත් රගපෑ අවසන් චිත්‍රපටිය හේතුවෙන්.. ඒ නිසාමයි Disney+ Hotstar තුලින් මේ චිත්‍ර‍පටිය නොමිලේම බෙදාහරින්නෙත්.

    2020 වසර උදා වෙද්දිම අපිට හැම තැනින්ම අහන්න ලැබුනේ නරක ආරංචි.. දැන් උනත් ලෝකය දරුණු වසංගතයකට මුහුණ දෙමිනුයි ඉන්නේ… ඒ වගේම මේ නරක අවුරුද්දේ හින්දි සිනමාවේද සුපිරි තරු කිහිපයක් අකාලයේම අපෙන් සමුගත්තා. ඒ අතර රසික ජනතාවගේ හිත්වලට ලොකුම කනගාටුවක් ඉතිරි කරමින් සිදුවු දේ තමයි සුෂාන්ත් ගේ වෙන්වි යාම. ජුනි මස 14 වැනිදා මේ ආරංචිය අහපු හැමෝගේම හිත් වලට ලොකු දුකක් ඇති කරන්න මේ වෙන්වි යාම සමත් උනා. 2008 වසරේදි රුපවාහිනි නාට්‍යමලාවකින් රංඟන දිවිය ආරම්භ කරපු ඔහු චිත්‍ර‍පටි වලට එකතු වෙන්නේ Kai Po Che! චිත්‍ර‍පටියේ රංඟනයේ දායක වෙමින් 2013 වසරේ… එතැන් පටන් මේ චිත්‍ර‍පටිය වනතුරු ඔහු චිත්‍ර‍පටි 12කම රංඟනයට දායක වෙලා තියනවා. ඒ අතරින් M.S. Dhoni: The Untold Story චිත්‍ර‍පටියේ ඔහුගේ රංඟනය ගැන බොහෝ පැසසුම් හිමි උනා.. නමුත් මේ රංඟන ශිල්පියා තමන්ගේ ජිවිතේ අවසානය ඔහු විසින්ම සටහන් කරගන්නවා.. එය සියදිවි නසා ගැනිමත්ද නැත්නම් මිනිමැරිමක්ද කියලා නොයෙක් කතාබහා සමාජයේ පැතිරෙනවා.. නමුත් සැබවින්ම ඒ පිළිබදව ඇත්ත නැත්ත දන්නේ සුශාන්ත්ම පමණයි..

    චිත්‍ර‍පටියේ කතාව ගැන උඩ තියන විස්තරය ප්‍ර‍මාණවත් වේවි… මේක The Fault in Our Stars චිත්‍ර‍පටියේ නිල ප්‍ර‍තිනිර්මාණය.. කොහොම හරි මේ හින්දි චිත්‍ර‍පටිය නොයෙක් වාර්තා රැසකටත් උරුමකම් කියනවා. ලෝකයේ වැඩියෙන්ම යු ටියුබ් ලයික් ලබා ගත්ත චිත්‍ර‍පටි වගේම කෙටිම වෙලාවකින් වැඩියෙන්ම නැරබු යු ටියුබ් පුර්ව ප්‍ර‍චාරක පටය ලෙසටත්.. මේ වාර්තාව කලින් තියලා තිබ්බේ ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් චිත්‍ර‍පටියයි. ඒ විතරක් නෙමෙයි චිත්‍ර‍පටිය නිකුත් වෙලා පැය ගානකින් IMDB දර්ශකයේ Top Rated Indian චිත්‍ර‍පටි දර්ශකයේ අංක 1 චිත්‍ර‍පටිය වෙලා තියනවා ඒ 9.8ක අඟයක් හිමිකර ගනිමින්. කොහොමත් මේ චිත්‍ර‍පටිය IMDB දර්ශකයේ හොදම චිත්‍ර‍පටි 250 අතරට එක්වනු නියතයි. එලෙස තමයි අප අතරින් වෙන්වි ගිය සුෂාන්ත් වෙනුවෙන් රසික ජනතාව එක් කරන අවසන් ගෞරවය පුදකරණු ලබන්නේ..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Dil.Bechara.2020.Sinhala.Subtitle.rar – Downloaded 8832 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    17 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජය වේවා!👍

    2. බොහොම ස්තූතියි උපසිරැසිය මෙච්චර ඉක්මනින් දුන්නාට 😍

    3. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    4. එනකම් බලන් හිටපු එකක් තමා.. ස්‍තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට.. 👌👍❤️😀

      • IDX සබ් එක ගන්න ඕනි නම් අපේ ඇඩ්මින් මේල් එකට ඊමේල් එකක් දාන්න. අපි එවන්නම්.

    Leave a Reply to vinod Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram