spot_img

Dora And The Search For Sol Dorado (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Dora And The Search For Sol Dorado (2025) sinhala subtitle

 

Dora කියන්නේ Nickelodeon චැනල් එකේ ගිය කාටුන් එකක් වගේම ටිවි සිරිස් එකක්. Dora the Explorer කියලා තමයි මේ කතාමාලාව මේ නාලිකාවේ විකාශනය උනේ.. කොහොම හරි Dora and the Lost City of Gold 2019 නමින් මෙහි චිත්‍රපටියක් නිකුත් වෙනවා. ඒක සයිට් එකේ තියනවා බලලා නැත්නම් බලන්න. ඊට අවුරුදු 6 කට පස්සේ තමයි තවත් ඩෝරා චිත්‍රපටියක් නිකුත් වෙන්නේ. කලින් චිත්‍රපටි නිළිය ටිකක් වැඩිමහල් නිසා මේ පාර ඩෝරා චරිතයට පණ පොවන්නේ Samantha Lorraine විසින්. මේ නිවාඩු කාලේ පවුලේ හැමෝම එක්ක බලන්න පුලුවන් හොද ඇඩ්වෙන්චර් කොමඩි.. සේරම ඇතුලත් චිත්‍රපටියක් විදියටත් මේක හදුන්වන්න පුලුවන්..

කතාව ගැන කිව්වොතින් එහෙම ඩෝරායි එයාගේ සහෝදරයා ඩියෝගොයි පුංචි කාලේ ඉදන් ගවේෂණය කරන දෙයක් තියනවා ඒ තමයි සොල් ඩොරාඩෝ නිධානය හොයාගන්න. මේ අය පොඩි කාලේ ඉදන් කැලේ හැම තැනම ඇවිද්දත් මේක ගැන ඉඟියක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. දවසක් මේ අයට ගුහාවක් හම්බවෙනවා. එකෙන් සොල් ඩොරාඩෝ වලට යන්න පුලුවන් ඉගියකුත් ලැබෙනවා. එත් එතැන වෙන සිදුවිමක් නිසා ඩෝරාට එයාගේ සිතියම නැති වෙනවා. සිතියමක් නැතුව කොහොමද ගවේෂණය කරන්නේ… ඉතින් ඩෝරා නිධානය හොයන එක අතහැරලා දාලා ඩියේගෝ වැඩ කරන තැන රැකියාවකට යන්න හදනවා. හැබැයි එතැනට ගියාම තමයි වෙනම වැඩක් වෙන්නේ.. ඒ මොකක්ද? ඩොරාගේ මේ පාර ගවේෂණය මොකක් වේවිද කියලා දැනගන්න නම් චිත්‍රපටිය අරන් බලන්න. කලින් කිව්වා වගේ පවුලේ හැමෝටම එකට ඉදන් බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා නිවාඩු කාලේට මේක ඔයාලා බලන චිත්‍රපටි ගොන්නටත් දාගන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා YTS අඩවියේ ඇති පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram