today-is-a-good-day
More

    Drone (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මං ඉල්ලුවේ මේ චිත්‍ර‍පටිය නම් නෙමෙයි නමුත් මං ඉල්ලපු එක කෙනෙක් කරනවා කියලා කිව්ව නිසා ඊයේ පෙරේදා අන්තර්ජාලයට බ්ලුරේ පිටපත් ආව චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ සුදානම… ඇඩ්මින්ම තමයි මේක කරමුද ඇහුවේ… හැමදාම එහෙම අහන ෆිල්ම් එකකට කාර්යබහුල නිසා බැහැ කිව්වේ නැත්නම් අනිවාර්යෙන් කරලා දෙන නිසා මේකත් මේ දවස් ටිකේ ලොකු වැඩකුත් නැති නිසා කරන්න බාරගත්තා…

    චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2017 මැයි මාසයේ… වැඩි කාලයක් නැහැ තිරඟත වෙන්න පටන් අරන්… මෙහි ප්‍ර‍ධාන චරිතය කරන්නේ Sean Bean විසින්. කතාව ගැන කිව්වොත් ඇමරිකානුවන් විසින් ඩ්‍රොන් යානා යොදාගන්නවා ත්‍ර‍ස්තවාදින් හොයාගන්න හා පහර දෙන්න. කවුරුත් කොහොමවත් දන්නේ නැහැ ඩ්‍රොන් යානයක් තමන්ට හිස උඩින් පියාසර කලා කියන්නවත්…මොකද මේවාගේ සද්දේ ඇහෙන්නෙත් නැහැ අනික සැහෙන දුරක ඉදන් මේවායින් ඉලක්කයට මිසයිල වලින් පහර දෙන්නත් පුලුවන්. නිල් කියන්නේ ඇමරිකාවේ ඉන්නේ මේ වගේ ඩ්‍රොන් යානා නියමු වරයෙක්. මොවුන්ගේ රාජකාරිය තමයි පකිස්ථානයේ ඉන්න තලේබාන් ත්‍ර‍ස්තවාදින් හොයාගෙන ඝාතනය කරන එක. මොහු මෙවැනි රැකියාවක නිරත වෙනවා කියලා අඩුම ගානේ පවුලේ අයවත් දන්නේ නැහැ… කොහොම හරි දිනක් මොවුන් දිනක් ත්‍ර‍ස්තවා දියෙක්ව ඉලක්ක කරලා කරන පහර දිමකදි සිවිල් වැසියන් කිප දෙනෙක් මිය යනවා.

    කොහොම හරි මේ සිදුවිම වෙලා කාලයක් ගත වෙනවා… දිනක් මේ නිල්ගේ නිවසට එනවා අමුත්තෙක් ඔහු නමින් එමීර්. ඔහු බොහෝම අහිංසක යටහත් පහත් විදියට තමයි මිනිසුන් එක්ක හැසිරෙන්නේ… කාටවත් ඔහු ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ… නමුත් මේ එමීර් ගේ අහිංසක කම යටින් ඔහුගේ යටි අරමුණකුත් තියනවා… ඒ නිසා තමයි ඔහු මේ විදියට නිල්ගේ නිවසට අමුත්තෙකු වෙලා එන්නේ… සැබැවින්ම මේ එමීර් කියන්නේ කවුද? ඔහුගේ අරමුණ මොකක්ද? ඒක දැනගන්න මේ චිත්‍ර‍පටිය ඔබට නරඔන්නම වේවි…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

    Download “Drone (2017) සිංහල උපසිරැසි” Drone.(2017).Sinhala.Subtitle.rar – Downloaded 117 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram