Dude (2025) Sinhala Subtitle
ඩූඩ් කොමඩි, ඇක්ෂන්, රොමෑන්ස් යන ගණයට අයත් චිත්රපටියක්. ප්රදීප් රංගනාදන් ප්රධාන චරිත නිරූපණය කරන මෙය නව අධ්යක්ෂවරයෙකු වන කීර්තීෂ්වරන් රචනා කර අධ්යක්ෂණය කරන ලද චිත්රපටයක්. සංගීතය නැගී එන සංගීත අධ්යක්ෂක සායි අභ්යන්කර් විසින් සැපයූවා. ප්රදීප් රංගනාදන් සමග මලයාලම් නිලි මමිතා බයිජු, සරත් කුමාර් සහ නේහා ෂෙට්ටි යන අය මෙහි චරිත රඟ දක්වනවා. නිෂ්පාදන කටයුතු සිදු කළේ තෙළුඟු නිෂ්පාදන කණ්ඩායමක් වන මයිත්රී මූවි මේකර්ස්ලා විසින්.
මිශ්ර ප්රතිචාර සමඟ කලෙක්ෂන්
1.පළමු දිනයේ ඉ.රු. කෝටි 22ක්!
2.දෙවන දිනය අවසානයේදි ඉ.රු. කෝටි 45ක්!
3.තුන්වන දිනය අවසානයේ ඉ.රු. කෝටි 66ක් ලබා ගැනීමට සමත් වුණා.
මේක ප්රදීප්ගේ පර්ෆෝමන්ස් නිසාම ගොඩ යන චිත්රපටයක්. ප්රේක්ෂකයෝ බොහෝමයක් පවසන්නෙ චිත්රපටයේ තිර රචනය, සමහර දෙබස්, චිත්රපටයෙ දෙවන භාගය දුර්වල බවයි.
චිත්රපටය පටන් ගන්නකොටම පෙන්වනවා අගන් කියලා සෙල්ලක්කාර කොල්ලෙක් තමන්ගේ කලින් කෙල්ලගේ කසාඳෙට ගිහින් ඒක අවුල් ජාලයක් කරන හැටි. මුළු වෙඩිමම කඩාකප්පල් කරනවා. ඊට පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. අගන් කියන්නෙ සෙල්ලක්කාර කොල්ලෙක්, තමන්ගෙම කියලා මිනිස්සුන්ට ස්ප්රයිස් දෙන ව්යාපාරයක් තියෙනවා. ඒ ව්යාපාරයෙන්ම වැඩ කරන කෙල්ලෙක් තමයි කුරල් කියන්නෙ ඇත්තටම ඒ අගන්ගේ මාමගේ දුව. ඔහොම යනකොට තමයි කුරල් දවසක් අගන්ට ආදරේ ප්රකාශ කරන්නෙ. ඒත් අගන් පලවෙනි පාර අකමැති වෙනවා. ප්රතික්ෂේප කරපු වේදනාවට කුරල් ගම අතැරලා වෙන නගරයකට යනව උසස් අධ්යාපන කටයුතු හදාරන්න. ඒත් මාස ගාණක් ගෙවෙනකොට අගන්ට කුරල් නැතුව ඉන්න බැරි වෙනවා. ඊට පස්සෙ මාමට කියලා කුරල්ව කසාද බදින්න ඕන කියලා ඉල්ලනවා. මාමත් අගන්ට කැමති නිසා කසාදෙට කැමති වෙනවා. මාස ගාණකින් කුරල් ගෙදර එනවා, ඒ එන්නෙත් කසාදෙට දවසක් තිබිලා. ඒත් මෙදා පාර නම් කුරල් අගන්ට කැමති නැහැ. කුරල් ඉගෙන ගන්න ගියපු කාලේ වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන. ඊට පස්සෙ තමයි හොඳම ටික. ඔයාලම බලන්නකො එහෙනම්.
~ ප්රදීප් රංගනාදන් ~
ප්රදීප් ප්රධාන චරිත රඟ දක්වන තුන්වන චිත්රපටය තමයි DUDE කියන්නෙ. ප්රදීප්ගේ මීට කලින් ආව LOVE TODAY (2022), DRAGON (2025) කියන්නෙ අති සාර්ථක වුණ චිත්රපට දෙකක්. චිත්රපට දෙකම ඉ.රු. කෝටි 100 ඉක්මවලා ලබාගන්න සමත් වුණා. ඒ සමඟම තමා තුන් වන වෙඩිමුරේ වෙනුවෙන් ප්රදීප් නව අධ්යක්ෂවරයෙකු සමඟ තවත් ලොකු වැඩකට අත ගහන්නෙ. ප්රදීප්ගේ මීළග චිත්රපටය වෙන්නෙ LIK (2025). විද්යා ප්රබන්ධ, රොමෑන්ස් යන ශාරයට අයත් චිත්රපටයක්. එයත් මේ දිනයටම නිකුත් කරන්න ආරම්භයේදි සැලැසුම් කරගෙන තිබුණද අවසාන අවස්ථාවේ චිත්රපටය දෙසැම්බර් මාසයට නිෂ්පාදක කණ්ඩායම කල් දානවා. LIK චිත්රපටයෙ අධ්යක්ෂක විග්නේෂ් ශිවන් වන අතර නිෂ්පාදක කටයුතු කරන්නෙ ඔහුගේ බිරිඳ නයන්තාරා. සංගීතය සපයන්නෙ අනිරුද් විසින්, ප්රදීප් රංගනාදන් සමඟ කීර්ති ශෙට්ටි, SJ සූර්යා රංගනයෙන් දායක වෙනවා. මීට පෙර එහි ටීසර් පටය එළිදැක්කුනු අතර එයට ප්රේක්ෂකයන්ගෙන් ඉහළ ප්රතිචාර ලැබුණා. අනිගේ සංගීතය ලොකු වෙනසක් කරාවි කියලා විශ්වාස කරන්න පුළුවන්.
(ප්රදීප්ගේ චිත්රපට වල නිළියන් තෝරාගැනීම)
~ මමිතා බයිජු ~
මමිතා බයිජුගේ දෙවන දමිළ චිත්රපටය වන්නෙ මෙයයි. මීට පෙර GV ප්රකාෂ් සමඟ REBEL (2024) චිත්රපටය ප්රධාන නිළිය ලෙස රඟ දැක්වුවද යහපත් ප්රතිචාර ලැබුණේ නැහැ. DUDE චිත්රපටයේ ගීත, දෙබස් පසුගිය කාලයේ සමාජ මාධය තුල බොහෝ සෙයින් ජනප්රිය වූ අතර මමිතා බයිජු පිළිබදව බොහෝ දෙනා ප්රශංසා කළේය. මේ චිත්රපටයේ ඇය හොඳින් රඟපාලා තියෙනවා. ඒ වගේම තලපති විජේගේ ජන නායගන් චිත්රපටයේ ද, සූරියා 46 චිත්රපටයේ ද, ධනුෂ්ගේ D54 චිත්රපටයේ ද රංගනයෙන් දායක වෙනවා. මීට අමතර ඇය ජනප්රිය වූ ප්රේමලු චිත්රපටයේ දෙවන කොටස ද එන්නට නියමිතව තිබෙනවා.
(මමිතා බයිජු රංගනයෙන් දායක වන සූර්යා 46 සහ විජේයිගේ ජන නායගන්)
~ සායි අභ්යන්කර් ~
කොලිවුඩයේ නැගී එන තරුණ සංගීත අධ්යක්ෂකවරයා. පහුගිය කාලේ Aasa Kooda, katchi sera යන ගීත දෙක ඔබගේ කණේ ගැටිලා ඇති. අතිශය ජනප්රියතාවයට පත් වූ සායි තමන්ගේ සංගීත අධ්යක්ෂක දිවිය පටන් ගන්නෙ ශේන් නිගම්ගේ BALTI (2025) චිත්රපටයෙන්, එය අගෝස්තු 29 වන දින සිනාමාශාලා වලට දිග හැරුණා. සායිගේ සංගීතය පිළිබද බොහෝ දෙනාගේ ප්රශංසාවට ලක්වුණා. ඔහුගේ පළවෙනි දමිළ චිත්රපටය තමයි මේ DUDE කියන්නෙ. Orum blood, singari ගීත වලට හොඳ ප්රතිචාර වගේම මිශ්ර ප්රතිචාරත් ලැබුණා. ඒ වගේම සූරියාගේ Kuruppu, රාඝවා ලෝරන්ස්ගේ Benz, කාර්තිගේ Marshal, සිම්බුගේ STR49 සහ ලොකුම ව්යාපෘතියක් වෙන අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වන අට්ලී කුමාර් අධ්යක්ෂණය කරන AA22×A06 යන චිත්රපට වලට සංගීතය සායි සපයනවා.
එසේ නම් ප්රදීප් රංගනාදන්ගේ ඩූඩ් බලන්න ආරධනා කරනවා. ඔබගේ ඉහළ රසවින්දනය වෙනුවෙන් ගීතද උපසිරැසි ගන්වලා තියෙන්නෙ.
මේකට අන්තර්ජාලයේ E-Sub එකක් තිබුණේ නැති නිසා අසාලිවීමක් තමා කලේ. අඩුපාඩු තිබුණොත් ඔරිජිනල් වෙබ් පිටපතෙන් යාවත්කාලීන කරන්නම්.
විශේෂ ස්තූතිය, ලහිරු උදයංග සහ අශේන් කවිඳු සොයුරන්ට.
කෙටි විරාමයකින් හමුවෙමු.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













සබ් එකට තෑන්ක්ස් දිලීප සහෝ … ඔරිජිනල් ආපුහම අප්ඩේට්එක ඕනේ…….
Thamma 2025 subtitle please
අලුත් අප්ඩේට්එකට ස්තූතියි දිලීප සහෝ
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Thank you සබ් එකට!
Thalavara (2025) මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො