today-is-a-good-day
More

    Encanto (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ නිකුත් කෙරුණු, Disney චිත්‍රපටියකට තමයි අද මම උපසිරැසි අරගෙන ආවේ. Encanto (2021). ඩිස්නි ආයතනය විසින් නිෂ්පාදනය කරපු පහුගිය ඇනිමේෂන් චිත්‍රපටි වැඩි ප්‍රේක්ෂක මනාපයක් අරගන්න බැරි වුනත්, මේ චිත්‍රපටිය සියළුදෙනාගේ පැසසුමට ලක්වුනා. සංගීතමය චිත්‍රපටියක තිබිය යුතු සියළු ගුණාංග මේකට ඇතුලත් වෙලා තියෙනවා. මේ ලිපිය ලියන මොහොතේ ratings ගැන බැලුවොත්, IMDB 7.3, RottenTomatoes 90%, Metacritic 76%, Google Users 89%. මේක ලොකු අගයක් කියලා පේනවානේ.

    චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jared Bush, Byron Howard, Charise Castro Smith තුන් කට්ටුව. ඇනි‍මේෂන් චිත්‍රපටියක් කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මෙයා‍ලා ඒක සාර්ථකව නිම කරලා තියෙනවා. කතාව Byron Howard ගේ. එයාගේ කතාවට පාදක කරගෙන  Charise Castro Smith සහ Jared Bush දෙදෙනා තමයි තිර රචනය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියට කටහඬින් දායක වෙලා තියෙනවා Stephanie Beatriz (මිරාබෙල්), María Cecilia Botero (ආච්චි), John Leguizamo (බෘනෝ), Jessica Darrow (ලුසියා) ඇතුළු විශාල පිරිසක්.

    කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. තුන් නිවුන් දරුවන් බිහිකරපු මවක් සහ පියෙක්, ගමක සිදුවූ සටන් හේතුවෙන්, නව නිවහනක් සොයා යනවා. මේ ගමනට ගමේ තව කිහිපදෙනෙකුත් ඉදිරිපත් වෙනවා. හැබැයි, අතරමගදී පියා තේරුම්ගන්නවා මේ ගමන එකට යාමට වඩා සුදුසු වෙන්ව යාම බව. මෙලෙස වෙන්වූ තුන් දරු මවට, විශාල ආශ්චර්යයක් පහල වෙනවා. කදු වලින් වටවූ ගමක්, පණ තියෙන නිවහනක්, සෑම දරුවෙකුටම සුපිරි බලයක් ලැබෙනවා. ඒ හැකියාවන් පරම්පරාවෙන් පරම්පරාවට යනවා. හැබැයි, එක මිණිබිරියකට, මිරාබෙල්ට, කිසිඳු හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ එයාගේ කතාව. මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Encanto (2021) සිංහල උපසිරැසි” Encanto.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2511 times – 899 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. the princess and the frog 2009 එක්ට සිංහල sub දෙන්නකො හොදට seeds තියන torrent එකකට

    Leave a Reply to Sayumi Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram