today-is-a-good-day
More

    Enemy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉතින් කොහොමද කට්ටියට ? සෙට් එකම හොඳින් කියලා හිතනවා…!! ඉතින් ඔන්න මේ සැරේ මම අරන් ආවේ ( මගේ 14 වෙනි සබ් එක විදිහට ) කට්ටියම බලාගෙන හිටපු ෆිල්ම් එකක් වෙන Enemy ටැමිල් ෆිල්ම් එක , ලහිරුටත් තැන්කිව් කියනවා සබ් වැඩේට උදව් කරාට.. එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් එක්කම කතාව පැත්තට යමු..

    මුලින්ම කියන්න ඕනේ මම මේ ෆිල්ම් එක බලන්න ආසාවෙන් හිටිය ලොකුම හේතුව ආර්යා සහ විශාල් දෙන්නම මේකේ එකට රඟපාන නිසා , ඊටත් වඩා විශ්වාසෙන්ම බලන්න හේතුව මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂය වරයා වන ආනන්ද් ශංකර් ඔයාලා බලලා ඇති එයාගේ මුල්ම ෆිල්ම් එක ” අරිමා නම්බි ” වික්‍රම් ප්‍රභූ සහ ප්‍රියා ආනන්ද් ඉන්න ඒ වගේම ඒක බලලා නැත්තන් අනිවා බලලා ඇති ” ඉරු මුගම් ” වික්‍රම් සහ නයන්තාරා ඉන්න ( ආයේ ඉතින් ෆිල්ම් දෙකම සුපිරි ) ඒ විතරක් නෙවෙයි Enemy මේ ෆිල්ම් එකත් ඒ වගේම සුපිරි.. එහෙනම් යමු නේද කතාව පැත්තට..

    මේ කතාවේ තියෙන්නේ චෝලන් ( විශාල් ) සහ රාජිව් ( ආර්යා ) අතර සිදුවෙන සිදුවීම් ගැන තමයි.. ඉතින් පුංචි කාලෙන් තමයි කතාව පටන් ගන්නේ… ඉතින් ආරම්බෙම චෝලන්ට පාසලේ නිවාඩු ලැබෙනවා පාසලේ නිවාඩු ලැබුන ගමන් එයා ඉතින් ( තාත්තගේ කීම අහගෙන පාඩම් පාඩම් තමයි නිවාඩුවටත්.. ) එහෙම එයා පාඩම් කර කර ඉන්න ගමන් එහා ගෙදර දිහා බලනවා සද්දයක් ඇහිලා.. බලනකොට ( ඒ ගෙදරට අලුතින් අය ඇවිල්ලා හොඳේ ඉන්නේ ) එතකොට එයා දකිනවා පරි ( ප්‍රකාශ් රාජ් ) රාජිව් ගේ තාත්තා රාජිව්ට නිකන් හමුදා පුහුණුවක් වගේ එකක්  දෙනවා , මේක දැක්කම චෝලන්ට මාර ආසාවක් එනවා.. ඉතින් ඒ ගෙදර කවුරුවත් පේන්න නැති වෙලාවක චෝලන් ගිහින් රාජිව් පුහුනුවෙන රූබික් කැටයක් හොරෙන් අරගෙන යනවා ( එයත් පුරුදු වෙන්න ) ආයේ ඒක එයා අරන් ඇවිල්ලා තියෙනකොට රාජිව් දැකලා කියනවා ” අපේ ගෙදරින්ම හොරකන් කරනවද ” කියලා. එතකොට රාජිව්ගේ තාත්තා එතනට එනවා.. ටික වෙලාවක් එයා කතා කරලා චෝලන් සහ රාජිව් අතර තරඟයක් තියෙනවා… ඔන්න ඔතන ඉඳලා තමයි එයාලා අඳුන ගන්නේ වගේම… ෆිල්ම් එකේ ටයිටල් එකට මුල්ගල තියන්නෙත්… මේක සුපිරිම ෆිල්ම් එකක් ඉතුරු ටික ඔයාලම බලාගන්නකෝ… ඒ වගේම මේ ෆිල්ම් එකේ සිංදු තුනක් මම කරලා තියෙන්නේ ඒවත් අහන්නකො..

    එහෙමනම්.. විස්තර කිරිල්ල මම මේ ෆිල්ම් එකේ දෙබසකින්ම අවසන් කරන්නම්…

    උඹව මම..
    යාලුවෙක් වගේනේ යකෝ බැලුවේ
    උඹට විතරක් ඇයි බං මේ
    මෙච්චර කේන්තියක් ?
    ඇයි යකෝ මෙච්චර වෛරයක් ?

    එහෙනම් මම ගියා කට්ටියම මේ ෆිල්ම් එක බලලා විනෝද වෙන්න… ඔයාලගේ යාළුවො ( Enemyස් ලා ) එක්ක බලන්න මේ ෆිල්ම් එක ගුඩ් බායි….!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Enemy (2021) සිංහල උපසිරැසි” Enemy.(2021).Sinhala.Subtitle.rar – Downloaded 9975 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නාරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Leave a Reply to Shan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram