spot_img
spot_img

Enola Holmes (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න තව උපසිරැසියක් නිර්මාණය කලා. මේක ඉල්ලීමකට අනුව කරපු එකක්. ඇත්තටම ලස්සන කතාවක්. මම කොහොමත් රහස් පරීක්ෂක කතා වලට කැමතියි. වැඩියෙන්ම ශර්ලොක් හෝම්ස් ගේ කතා වලට. ඉතිං මේක හැදුවේ හරිම ආසාවෙන්.

Enola Homes කියන්නේ මේ ඊයේ පෙරේදා එලියට ආපු සිනමාපටයක්. හරියටම කියනවානම් 2020 සැප්තැම්බර් 23 වෙනිදා. මේ වෙනකොටත් අති විශාල ඡන්ද ප්‍රමාණයකින් 6.7 ක් වගේ IMDB අගයක් ගන්න පුලුවන් වෙලා තියෙනවා. Harry Bradbeer විසින් අධ්‍යක්ෂණය කරපපු මේ කතාව, නවකතාවක් පාදක කරගෙන තමයි දිවෙන්නේ. ප්‍රධාන චරිත වලට Millie Bobby Brown, Henry Cavill, Sam Claflin සහ Louis Partridge රගපානවා. ප්‍රධාන චරිතය රගපාන Millie Bobby Brown කියන්නේ ගොඩාක් තරුණ (ඉපදිලා තියෙන්නේ 2004 නොවැම්බර්) හැබැයි දක්ෂතා නිසා ගොඩාක් ඇගයීමකට ලක්වෙච්ච නිළියක්.

සිනමාපටයේ කතාව හැමෝම බලාපොරොත්තු වන විදියටම රහස් පරීක්ෂක කතාවක්. අවුරුදු 16 ලබන උපන්දිනය දවසේ උදේ නැගිටලා බලනකොට එනෝලාට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ අම්මා ගෙදර නැති බව. ගිය දිහාවක් පිළිබඳව කිසිම සදහනක් නැති නිසා, ඇයගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා, ශර්ලොක් සහ මයික්‍රොෆ්ට් ගෙදරට පැමිනෙන්නේ අම්මාව සොයාගැනීමේ අරමුණෙන්. කෙසේ නමුත් එනෝලා තනිවම මේ පිළිබව ක්‍රියාත්මක වෙන්නේ, මගදී හමුවෙන වංශාධිපතියෙකුගේ ජීවිතය පිළිබද ගැටලුවකටත් මැදිහත් වෙමින්. එනෝලාගේ ඉදිරි ගමන මේ කතාව පුරාම දිවයනවා.ලස්සන කතාවක්. හොඳට රසවිදින මෙන් ඉල්ලනවා..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

Download “Enola Holmes (2020) සිංහල උපසිරැසි” Enola.Holmes.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3585 times – 947 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

    • ෆෝරම් එක නැති උනා නේ. අලුතින් ෆෝරම් එකකුත් හදනවා පරණ කට්ටියට සෙට් වෙන්න… අපේ කට්ටියම ෆේස්බුක් තමයි දැන් ඉන්නේ

    • Banshee එකේ සබ් ටික ආයෙ දාන්න පුලුවන්නම් fb එකේ හැමතැනම කට්ටිය හොයනවා.. සබ් ටික දාන්නකො අපි views අරන් දෙන්නම්.. ජයවේවා සූම්..

      • බැන්ෂේ අනිවා දෙනවා. කම්පිලිට් සිසන් එකක් විදියටම. පරණ එවා අප්ලොඩ් කරගෙන යන ගමන් තියෙන්නේ. ෆිල්ම් පවා දැන් 40%ක ප්‍ර‍මාණයක් ඉවරයි අප් කරලා. අවුරුදු 10ක දෙවල් ආපහු මුල ඉදන්ම දාන්න උනා නේ. ඉක්මනින්ම දෙනන්ම්

        • බොහොම ස්තූතියි සහෝ මේ කරන සේවය වෙනුවෙන්.. සයිට් එක ආයෙත් තිබ්බටත් වඩා Rank එකකට ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. එහෙනම් බන්ශී දෙනකන් අපි බලන් ඉන්නවා..

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to HEDZ Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram